ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් වූ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු (Evan Papageorgiou) මේ බව සඳහන් කළේය.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද, පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා පොදු හෝ සීමාවකින් තොර සහනාධාර ලබාදීමෙන් වළකින ලෙසත්, බලපෑමට ලක්වන අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සඳහා පමණක් සහනාධාර ලබාදීමට කටයුතු කරන ලෙසයි IMF නිර්දේශ කර ඇත්තේ.
ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව ස්ථාවර මට්ටමක පවතින බව පෙන්වා දෙන මූල්‍ය අරමුදල, 2026 වසරේ දෙවන කාර්තුවේදී 4.2% ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බවත්, අගෝස්තු අග වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මැදපෙරදිග අර්බුදය හමුවේ උද්ධමනකාරී පීඩනය වැඩි වුවහොත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය තද කිරීමට සූදානම් විය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?