News Category
From Date
To Date
Maximum Number of Result

බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..

Oct 4, 2026 at 05:21 PM
|

ආචාර්ය ජගත් චන්ද්‍රවංශ විසිනි.. 

බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.

ලූලාගේ දේශීය වාර්තාව: දිළිඳුකම, රැකියා සහ ආර්ථික වර්ධනය

කම්කරු පක්ෂ (PT) යුගය මගින් පැහැදිලි හා ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන ලදී. ලූලාගේ පළමු ධුර කාල දෙක තුළ (2003–2010), පෙර දශක දෙකට වඩා දෙගුණයක වේගයකින්, එනම් වසරකට සාමාන්‍යයෙන් 4% කින් දළ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධනය වූ අතර, ඉතිහාසයේ වාර්තා වූ අඩුම මට්ටමට රැකියා විරහිත භාවය පහත වැටිණි. අවම වැටුප උද්ධමනයට වඩා  63.7% කින් ඉහළ ගිය අතර, මිලියන 50 කට ආසන්න බ්‍රසීල ජනතාවක් අතිශය දිළිඳුකමින් මුදා ගැනීමට හැකි විය.

ලූලාගේ තෙවන ධුර කාලය යටතේ, 2026 දෙවන කාර්තුව වන විට රැකියා විරහිත භාවය 5.4% දක්වා පහත වැටුණු අතර, එය 2022 පැවති 9.3% සමග සසඳන විට ඓතිහාසික අවම අගයකි. සැබෑ සාමාන්‍ය කම්කරු ඉපැයීම් 12.7% කින් ඉහළ ගිය අතර, දිළිඳුකම 2022 පැවති 31.6% සිට 2024 වන විට 23.1% දක්වා පහත වැටුණි, එය ද තවත් වාර්තාගත අවම අගයකි. "බඩගින්නෙන් තොර වැඩසටහන" (Zero Hunger Plan) මගින් බ්‍රසීලයට එක්සත් ජාතීන්ගේ සාගින්න පිළිබඳ සිතියමෙන් ඉවත් වීමට උපකාර වූ අතර, වසර දෙකක් ඇතුළත ආහාර ලැබීමේ දැඩි අවිනිශ්චිතතාව 4.2% සිට 1.2% දක්වා අඩු කිරීමට හැකි විය.

සුළු හා මධ්යම පරිමාණ ව්‍යාපාර (SME) නැංවීම සහ රැකියා සුරක්ෂිතතාව

"අක්‍රෙඩිටා" වැඩසටහන (Acredita Program) මගින් ක්ෂුද්‍ර ව්‍යවසායකයින්, MEI සහ CadÚnico ප්‍රතිලාභීන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහන පොලී අනුපාත සහ ණය පහසුකම් ලබා දෙයි. "කොන්ට්‍රාටා බ්‍රසීල්" (Contrata Brasil) වේදිකාව මගින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සරල කරන ලද අතර, සංකීර්ණ ටෙන්ඩර් පටිපාටිවලින් තොරව MEI සාමාජිකයන් සෘජුවම සේවයේ යෙදවීමට රාජ්‍ය ආයතනවලට ඉඩ සලසයි. මෙම ක්ෂේත්‍රය රැකියා උත්පාදනයේ ප්‍රධාන එන්ජිමයි: සියලුම නව රැකියාවලින් 60% ක්ම නිර්මාණය වූයේ ක්ෂුද්‍ර  හා කුඩා ව්‍යාපාර මෙන්ම MEI මගිනි. නීතිමය ලියාපදිංචි කිරීම් සඳහා වන දිරිගැන්වීම් සහ ඉලක්කගත ණය පහසුකම් හරහා රැකියා සුරක්ෂිතභාවය තවදුරටත් ශක්තිමත් විය.

චීනය දෙසට හැරීම සහ ගෝලීය දකුණේ විවිධාංගීකරණය

ඇමෙරිකානු තීරුබදු පීඩනය හමුවේ, ලූලා විසින් චීනය පීඩන සහන කපාටයක් (pressure valve) ලෙස භාවිතා කර ඇත. 2026 පළමු භාගයේදී, කෘෂිකාර්මික අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 31 (35%) දක්වා ළඟා විය. ඌරු මස් කොටස්, සෝර්ගම් (sorghum) සහ DDGS ඒ අතර නව අපනයන භාණ්ඩ විය. බ්‍රසීලය 2026 දී ඉතියෝපියාවට කෘෂිකාර්මික නිෂ්පාදන 17 ක් ඇතුළුව නව වෙළඳපල අවස්ථා 114 ක් තහවුරු කර ගැනීමට ද සමත් විය.

බ්‍රික්ස් (BRICS) සහ ඩිල්මා රවුසෙෆ්ගේ NDB නායකත්වය

ලූලා විසින් බ්‍රික්ස් (BRICS) සංවිධානය විදේශීය මැදිහත්වීම්වලට ප්‍රතිරෝධය දැක්වීමේ මාධ්යයක් ලෙස සලකයි. මෙම උපායමාර්ගයේ ප්‍රධාන කුළුණක් වන්නේ නිව් ඩිවෙලොප්මන්ට් බෑන්ක් (New Development Bank) හි ඩිල්මා රවුසෙෆ්ගේ (Dilma Rousseff) නායකත්වයයි.ඇය 2023 දී ප්‍රථම වතාවට තේරී පත් වූ අතර 2025 මාර්තු මාසයේ දී 2030 දක්වා සේවය කිරීම සඳහා ඒකඡන්දයෙන් නැවත තේරී පත් වූ රවුසෙෆ්, NDB බැංකුව බටහිර ආධිපත්‍යය දරන මූල්‍ය ආයතනවලට එරෙහි බැලන්සයක් (counterweight) ලෙසට ස්ථානගත කලාය. ඇගේ නායකත්වය යටතේ, ජාතික මුදල්වලින් ගෙවීම් කිරීම සහ පාර්ශවීය ආයෝජන සඳහා වන ඩිජිටල් වේදිකා කෙරෙහි අවධානය යොමු කරමින්, ඩොලර් බිලියන 39 ක් වටිනා ව්‍යාපෘති 120 ක් පමණ බැංකුව විසින් මේ වනවිට අනුමත කර ඇත. රවුසෙෆ් විසින් NDB සාමාජිකත්වය ව්‍යාප්ත කිරීම ද අධීක්ෂණය කරන ලද අතර, උස්බෙකිස්ථානය සහ කොලොම්බියාව නව සාමාජිකයින් ලෙස තෝරාගෙන ඇති අතර ඉතියෝපියාව සහ ඉන්දුනීසියාව පිළිබඳවද සලකා බලමින් පවතී.

ෆ්ලේවියෝගේ තරුණ ආකර්ෂණය: මතභේදාත්මක නමුත් සැබෑ එකකි

සමාජ මාධ්ය සහ සංස්කෘතික සන්නාමකරණය භාවිත කරමින්, ෆ්ලේවියෝ ලූලාගේ පූර්ව ධුර කාලයෙන් පසුව උපත ලැබූ ඡන්දදායකයින් ඉලක්ක කරයි. සැප්තැම්බර් අග පැවැති මත විමසුමකට අනුව වයස අවුරුදු 16-34 අතර තරුණයින් අතර 39% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්, ලූලා ලැබූ 37% ට වඩා තරමක් ඉදිරියෙන් සිටීමට ඔහු සමත් විය. කෙසේ වෙතත්, මෙම පෙරමුණ ස්ථාවර නැත; අගෝස්තු මාසයේදී වයස අවුරුදු 16-24 අතර අය අතර ලූලා ඉදිරියෙන් සිටියේය.

ෆ්ලේවියෝට වාසිදායක වන බාහිර සාධක

ඇමරිකානු මුදල් ප්රතිපත්තිය: ෆෙඩරල් රිසර්ව් බැංකුවේ මූල්‍ය  ප්‍රතිපත්ති තද කිරීම බ්‍රසීල රියාල් (Real) මුදලට පීඩනයක් එල්ල කරන අතර, එමගින් ෆ්ලේවියෝගේ මූල්‍ය විනය පිළිබඳ පණිවිඩය වෙළඳපොළට වඩාත් විශ්වාසදායක කරයි.

ඇමරිකානු වීසා ආරවුල:

ෆ්ලේවියෝ හමුවීමට සැලසුම් කර සිටි නිලධාරීන් බ්‍රසීලය විසින් වළක්වනු ලැබීමෙන් පසුව, ඇමරිකාව විසින් බ්‍රසීල තානාපතිවරයාගේ වීසා බලපත්‍රය  අවලංගු කරන ලදී. ලූලා මෙය ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස දකින අතර, මෙම ගැටුමෙන් ෆ්ලේවියෝ වාසි ලබයි.

සංස්කෘතික යුද්ධ (Culture Wars):

ඇමරිකාවෙන් පැමිණෙන ස්ත්‍රී-පුරුෂ භාවයට එරෙහි රැල්ල (anti-gender currents) ෆ්ලේවියෝගේ සන්ධානය ශක්තිමත් කරයි. 2024 ජනවාරි වන විට බ්‍රසීලයේ සංක්‍රාන්ති ලිංගිකයින්ට එරෙහි පනත් කෙටුම්පත් 293 ක් දක්නට ලැබුණු අතර, WDI Brazil වැනි කණ්ඩායම් ඇමරිකානු මතධාරී නීතිමය ප්‍රයත්නයන් සමග සම්බන්ධ වී තිබුණි.

විදේශීය මැදිහත්වීම් පිළිබඳ මතභේදය

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "බ්‍රසීලයේ නීතිමය අවභාවිතයන් සහ වාරණයට එරෙහි වීම" වෙනුවෙන් වෙන් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1 ක ප්‍රතිපාදන, බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහි කණ්ඩායම් සඳහා අරමුදල් සපයයි. බ්‍රසීලයේ නීතිපති කාර්යාලය (AGU) විසින් නීති විරෝධී විදේශීය මැදිහත්වීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස ෆෙඩරල් පොලිසියෙන් ඉල්ලා සිටී. බලය අවභාවිත කිරීම සහ "Rockbridge Network" සමග ඇති සම්බන්ධතා පිළිබඳව  චෝදනා කරමින් PT පක්ෂය විසින් ෆ්ලේවියෝගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. කුමන්ත්‍රණ උත්සාහයකට නායකත්වය දීම සම්බන්ධයෙන් වසර 27 ක සිරදඬුවමක් විඳිමින් ජායර් බෝල්සොනාරෝ (Jair Bolsonaro) තවමත් නිවාස අඩස්සියේ පසුවෙයි.

උපායමාර්ගික චිත්‍රය

බාහිර සාධක ෆ්ලේවියෝගේ සහයෝගයට සෘජුවම හේතු නොවූවත්, ඒවා ඔහුගේ සන්ධානය ශක්තිමත් කරයි: වෙළඳපොළවල් ඔහුව මූල්‍යමය වශයෙන් වගකිවයුතු අයෙකු ලෙස දකියි; ස්වෛරීවාදීන් ඇමරිකානු පීඩනයෙන් උද්යෝගිමත් වී ඇත; සමාජශීලී මතධාරීන්ට ජාත්‍යන්තර ජාල පවතී. මෙහි ඇති ප්‍රහේලිකාව වන්නේ: ලූලා පරාජය කිරීමේ අරමුණින් සිදුවන ඇමරිකානු ක්‍රයාමාර්ග මගින්, මෙම මැතිවරණය වැටලීමට ලක්වූ රජයක් සහ බටහිර ගැති අපේක්ෂකයෙකු අතර තේරීමක් ලෙස නිරූපණය කිරීමට ෆ්ලේවියෝ දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් වීමයි.

(ආචාර්ය ජගත් චන්ද්‍රවංශ යනු ගෝලීය දකුණේ කටයුතු සහ බහුද්‍රැවීය භූ-දේශපාලනය පිළිබඳ විශේෂඥතාවක් ඇති දේශපාලන විශ්ලේෂකයෙකි.)

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.
එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.