පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා පුද්ගලයන්ට ඇප ලබාදීම නොහැකි බවත්, විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ලෙස නම් නොකරමින් අත්අඩංගුවට ගැනීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
සුරේෂ් සලේ, නාමල් රාජපක්ෂ, සුගීශ්වර බණ්ඩාර යන අයගේ අත්අඩංගුවට ගැසීම් දෙස බැලීමේ දී ද මෙම කරුණු අනාවරණය වන බවත් පවසන ඒ මහතා සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන අධිකරණයට නොදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන තිබූ බවත් සඳහන් කරයි.
නීතිය අනුව නම් පැය 48කට පෙර අධිකරණයට යොමුකිරීම සිදුවිය යුතු වුවත් මෙහිදී එසේ සිදුවී නැති බවත් ඒ මහතා පවසයි.
සුගීශ්වර බන්ඩාර අත්අඩංගුවට ගන්නා විටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතාගෙන් ඔහු වැටුප් දෙකක් ලබා තිබුනේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රකාශයක් ලබාගෙන නොතිබූ බවත් පවසන ඒ මහතා, නාමල් රාජපක්ෂ මහතාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය කරයි.
නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ විශේෂ සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වීමෙන් පසුව බව ද නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, අදාළ සමීක්ෂණ වාර්තාව හරහා රටේ දේශපාලනික වශයෙන් ජනප්‍රියම පුද්ගලයා සහ ඉදිරි 2029 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අනාවරණය වී තිබූ බවයි. මෙම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමත් සමඟ ඇති වූ දේශපාලන බලපෑම මත මෙම පියවර ගෙන ඇති බවට ඒ මහතා වැඩිදුරටත් චෝදනා කර සිටී.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?