ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
ක්‍රිෂ් (Krrish Group of India) සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත 'ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ' ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ලබන ඔක්තෝබර් දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමඟ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව පිටුපස ඇති නීතිමය සහ දේශපාලන පසුබිම පිළිබඳව 'කාරිගේ චැනල් එක' (Kaarige Channel Eka) යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
ධර්මශ්‍රී කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘති භූමිය නිදහස් කරගැනීමට සහ රාජ්‍ය අනුමැතීන් ඉක්මනින් ලබාගැනීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාගේ සහය ලබාගැනීමට රුපියල් මිලියන 70 ක (කෝටි 7 ක) අල්ලස් මුදලක් ලබාදී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.
2012 ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී අවස්ථා තුනකදී මෙම මුදල් නිමල් පෙරේරාගේ ගිණුම්වලට ලැබී ඇති බවට අල්ලස් කොමිසම පවසයි. කෙසේ වෙතත්, මීට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඉදිරිපත් කළ චෝදනාව වූයේ 2013 වසරේ රග්බි තරගාවලියක අනුග්‍රාහක මුදල් ලෙස ලැබුණු මෙම මුදල රුපියල් මිලියන 35 බැගින් අවස්ථා දෙකකදී නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවයි.
මෙම ගනුදෙනුවේ වත්මන් නීතිමය තත්ත්වය විග්‍රහ කරමින් නාලිකාව අනාවරණය කරන්නේ ක්‍රිෂ් සමාගමෙන් නිමල් පෙරේරාගේ ගිණුම්වලට රුපියල් මිලියන 70 ක මුදලක් ලැබී ඇති බව බැංකු වාර්තා අනුව තහවුරු වී ඇති බවයි.
එහෙත් එම මුදල් නාමල් රාජපක්ෂ වෙත දුන් බවට නිමල් පෙරේරා ප්‍රකාශ කළද, එය සනාථ කිරීමට මෙතෙක් නිශ්චිත සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත්, එය තවමත් චෝදනා මට්ටමේ පවතින බවත් ධර්මශ්‍රී කාරියවසම් මහතා අවධාරණය කරයි.
රග්බි තරගාවලියක් සඳහා මෙම මුදල් යෙදවූ බවට නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළද ඊට අදාළ ලේඛනද ඉදිරිපත් වී නොමැති අතර, ඉදිරි නඩු විභාගයේදී මේවා තහවුරු විය යුතුව තිබේ.
කොළඹ කොටුව ප්‍රදේශයේ අහස උසට ඉදිවීමට නියමිතව තිබූ මහල් 94, 84 සහ 74 කින් යුත් යෝධ කුළුණු තුන සහිත ක්‍රිෂ් (One Colombo) ව්‍යාපෘතිය මේ වන විට ඇටසැකිල්ලක් මෙන් අතරමග නතර වී ඇති ආකාරය නාලිකාව පෙන්වා දෙයි.
2024 අගෝස්තු මාසයේදී කොළඹ වාණිජ මහාධිකරණය මගින් මෙම සමාගම ඈවර කිරීමට (Winding up) නියෝගයක් නිකුත් කර තිබුණද, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 712 දක්වා අගය ඉහළ ගොස් ඇති මෙම ව්‍යාපෘතිය සඳහා නව ආයෝජකයින් සෙවීමේ ප්‍රයත්නයක නිරත වන බවත් වැඩිදුරටත් අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්