දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත සිංහල ගොවීන්ගේ භූමියට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක්, එම වගාබිම්වලින් වහාම ඉවත් වන ලෙසට පොලිසිය සහ මහවැලි නිලධාරීන් ඉදිරිපිටදීම තර්ජනය කර ඇති බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.
ඇයගේ සමාජ මාධ්‍ය සටහනකට අනුව මෙම සිද්ධිය පිළිබඳව අනාවරණය වන තොරතුරු මෙසේය:
දිවුලපතාන ගොවීන්ට නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ කවදාද?
අද 3 දින මඩකලපුව දිවුලපතාන ගොවීන් වගාකොට ඇති ගොවි බිම් වලට බලහත්කාරයෙන් ඇතුළුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන්ගේ ආශිර්වාද ලබන අන්තවාදීන් පිරිසක් වගාකොට ඇති භූමියෙන් වහාම ඉවත්ව යන ලෙසත් එසේ නොකළහොත් ලක්ෂ සඛ්‍යාත කිරින්ගවයින් ප්‍රදේශයට මුදාහැර වගාව විනාශ කරන බවටත් මුදල් වියදම් කොට වගා කිරීමෙන් කිසි ප්‍රයෝජනයක් නොමැති බවටත් පොලිසිය හා මහවැලි නිලධාරීන් ඉදිරිපිටදීම තර්ජනය කොට ඇත.
වගාව ආරම්භ කළ දිනයේ සිට විවිධ හැලහැප්පීම් මැද වගා කටයුතු කරන දිවුලපතාන ගොවීන් වෙනුවෙන් මහවැලිය විසින් ඉඩම් වෙන්කොට දෙමළ ජනතාවගේ කිරි ගවයින්ටත් ඉඩම් වෙන්කොට ගැටලුව තාවකාලිකව සමථයකට පත්කිරීමට උත්සාහ කළද, මඩකලපුවෙන් සිංහල ජනතාව පලවා හරින තෙක් රාසමානික්කම්ලා ඇතුළු අන්තවාදී පිරිසට සාමකාමී විසඳුමක් අවශ්‍ය නොමැති බව මෙවැනි සිද්ධි මගින් දිගින් දිගටම තහවුරු වේ.
තවද, මොවුන්හේ අවසාන ඉලක්ක මඩකලපුවේ අවසාන සිංහලයාද ඉවත් කිරීම බව මේ රටේ සාමය අගයන සියලුම ජනතාවට මේ මොහොතේ අවධාරණයෙන් වටහා ගත යුතුය.
අනුරාධා යහම්පත් -හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?