නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
ඉන්දියාවේ 'ක්‍රිෂ් ගෲප්' (Krrish Group) සමාගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සිදුවූයේ යැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් ගනුදෙනුව පිළිබඳ තොරතුරු රැසක් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ 'කාරිගේ චානල් එක' යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කර තිබේ.
2012 වසරේ සැප්තැම්බර් 03 වනදා ඉන්දියාවේ ක්‍රිෂ් සමාගම කොළඹ කොටුවේ පිහිටි අක්කර 4 ක 'ට්‍රාන්ස්වර්ක්ස්' භූමි භාගය වසර 99 කට බදු ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම්ගත විය.
කෙසේ වෙතත්, 2015 වසරේ දෙසැම්බර් 26 වනදා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මෙම ව්‍යාපෘතියේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ව්‍යාපාරික නිමල් හේමසිරි පෙරේරා මහතාගේ බැංකු ගිණුම්වලට බැරවී ඇති බවයි.
අදාළ මුදල නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමන් වෙත ලබාගෙන පසුව ඔහුට භාරදුන් බව නිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළද, නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ එම මුදල 'කාටන් සුපර් සෙවන්ස්' රග්බි තරගාවලිය වෙනුවෙන් ලැබුණු අනුග්‍රාහක මුදලක් බවයි.
මෙම සිදුවීමට අදාළව 2016 ජූලි 11 වනදා නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැරිණි.
පසුව නැවත ආරම්භ වූ පරීක්ෂණ හමුවේ නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහා අධිකරණයේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදුන් අතර, 2026 සැප්තැම්බර් 24 වනදා අල්ලස් කොමිසම මගින් ජානකී සිරිවර්ධන මහත්මියද අත්අඩංගුවට ගෙන තිබේ.
සවිස්තරාත්මක කරුණු විග්‍රහය පහත වීඩියෝවෙන්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?