පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
සිංගප්පූරු වරායෙන් මෙරටට ඉන්ධන ගොඩබාන ආනයනික පිරිවැය සහ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන විකුණුම් මිල අතර පවතින සැබෑ වෙනස පෙන්වා දෙමින්, ඉන්ධන මිල තීරණය වන සූත්‍රය වහාම රටට හෙළි කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රජයට බලකර සිටියි.
සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ඩොලරයක අගය රුපියල් 330ක් ලෙස ගණනය කළ විට සිංගප්පූරු වරායෙන් නැව්ගත කෙරෙන (FOB) ආනයනික මිල සහ මෙරට වෙළෙඳපොළේ දැනට පවතින විකුණුම් මිල ගණන් අතර සැලකිය යුතු පරතරයක් දක්නට ලැබෙන බවයි.
ඒ මහතා ඉදිරිපත් කර ඇති දත්තයන්ට අනුව වත්මන් ඉන්ධන මිල සංසන්දනය මෙසේය.
- පෙට්‍රල් 92: ආනයනික පිරිවැය රුපියල් 292ක් (බැරලයක් ඩොලර් 141) වන විට ලංකාවේ විකුණුම් මිල රුපියල් 414කි.
- පෙට්‍රල් 95: ආනයනික පිරිවැය රුපියල් 305ක් (බැරලයක් ඩොලර් 147) වන අතර මෙරට විකුණුම් මිල රුපියල් 475කි.
- ඔටෝ ඩීසල්: ආනයනික පිරිවැය රුපියල් 350ක් (බැරලයක් ඩොලර් 169) වන විට ලංකාවේ විකුණුම් මිල රුපියල් 392කි.
- සුපර් ඩීසල්: ආනයනික පිරිවැය රුපියල් 367ක් (බැරලයක් ඩොලර් 177) වන අතර මෙරට විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 528ක් වශයෙනි.
- බොරතෙල්: ආනයනික පිරිවැය ලීටරයකට රුපියල් 213ක් (බැරලයක් ඩොලර් 103) වේ.
යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ හිමියන් ඇතුළු සමස්ත පීඩිත ජනතාවගේ දැනගැනීම උදෙසා මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන නිශ්චිත මිල සූත්‍රය ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
මීට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලය වෙත රුපියල් 210ක මුදලකට දැවිතෙල් අලෙවි කිරීම තුළින් ලබන අතිවිශාල අධික ලාභය පිළිබඳව ද වගකිවයුතු අංශ ජනතාව හමුවේ වහා කරුණු පැහැදිලි කළ යුතු බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?