එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81වැනි සැසිවාරය අමතමිනි.
සමකාලීන ගෝලීය යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ නැගී එන ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීම සඳහා එහි ආයතන ඵලදායීව පවතින බව සහතික කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දූෂණය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කර ජනතා විශ්වාසය බිඳ දමන බව ශ්‍රී ලංකාව මනාව වටහාගෙන ඇති බවයි. විනිවිදභාවයෙන් යුතු සහ සදාචාරාත්මක රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයට මෙරට සියලු ප්‍රජාවන් නියෝජනය වන පරිදි ඓතිහාසික ජනවරමක් හිමි වූ බව සිහිපත් කළ ඒ මහතා, වචනයට පමණක් සීමා නොවී විනය, කැපවීම සහ ක්‍රියාවෙන්ම ජනතා විශ්වාසය යළි තහවුරු කරමින් සිටින බව අවධාරණය කළේය.
අල්ලස් හා දූෂණ විමර්ශනය කරන සහ නඩු පවරන ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ආරම්භ කළ ජාතික වැඩසටහන මඟින් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පෙළේ මහමොළකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.
2022 පැවති දැඩි ආර්ථික අර්බුදයෙන් සහ ස්වභාවික ආපදාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි අත්පත් කරගෙන ඇති බවත්, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ණය බරින් පීඩිත රටවල් මුහුණ දෙන අභියෝග හමුවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන අතරම, පීඩාවට පත් අවදානමට ලක්වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන්කරමින් නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සුරැකීමට පියවර ගත් බවද සඳහන් කළේය.
දශක තුනක යුද්ධයේ කැළැල් සුවපත් කරමින් ජාතික සමඟිය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය කැපවී සිටින බවත්, ජාතිවාදය සහ ආගමික අන්තවාදය සියලු ආකාරයෙන් ප්‍රතික්ෂේප කර විවිධත්වය අගයන සුරක්ෂිත දේශයක් බිහිකිරීම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.
භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සිය නොබැඳි ප්‍රතිපත්තිය රකිමින් මානුෂීය වගකීම් ඉහළින්ම ඉටුකළ බව සිහිපත් කළ හෙතෙම, මෙරට මුහුදු සීමාව ආසන්නයේ අනතුරට පත් විදෙස් නෞකාවක සිටි නාවිකයන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ ආකාරය ආදර්ශයක් ලෙස පෙන්වා දුන්නේය.
මීට අමතරව, ගාසා තීරයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව දැඩි කනගාටුව පළ කළ අමාත්‍යවරයා, 1967 දේශසීමා පදනම් කරගනිමින් ඊශ්‍රායලය සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවතිය හැකි ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය නොවෙනස්ව පවතින බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ඇති කළ යුතු බවත් අවධාරණය කළේය.
එමෙන්ම දේශගුණික විපර්යාසවල අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා 'දේශගුණික යුක්තිය' (Climate Justice) ඉටුවිය යුතු බවත්, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමටත් 2050 වන විට ශුන්‍ය කාබන් විමෝචනයක් කරා ළඟා වීමටත් ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බවද අමාත්‍ය විජිත හේරත් මහතා සිය දේශනයේදී වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?