අලුත් ගැටුමක් ඇතිවුනොත් ඉන්දියන් සාගරයේ ඇමරිකානු නෞකාවලට පහරදෙනවා.. - ඉරානය අනතුරු අඟවයි..
එක්සත් ජනපදය නැවතත් තමුන්ට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත්, ඉන්දීය සාගරයේ ස්ථානගත කර ඇති ඇමරිකානු යුද නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) පවසයි.
බන්දර් අබ්බාස් හි පැවැති හමුවකදී එම බළකායේ නාවික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අලි මොහොමඩි විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් පස්ගුණයෙන් පංගුවක් සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙම නව ප්‍රකාශය නිකුත් වී තිබේ. මීට පෙර එම මුහුදු මාර්ගයේ පාලනය තමන් සතු බව පැවසූ ට්‍රම්ප්, Truth Social හි සටහනක් තබමින් එය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ (Trump Strait) ලෙසද නම් කළේය.
ඊට පිළිතුරු දෙමින් ඉරාන නිලධාරියා ප්‍රශ්න කර සිටින්නේ එම කලාපයේ බලය ඇමරිකාව සතු නම් ඔවුන්ගේ යුද නෞකා එහි පැමිණීමෙන් වළකින්නේ මන්ද යන්නයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය, පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක ඇතුළු සමස්ත මුහුදු කලාපයම මේ වන විටත් ඉරාන ආරක්ෂක බලකායන්හි දැඩි නිරීක්ෂණයට ලක්ව ඇති අතර, තෙල් නෞකා එහි නිදහසේ ගමන් කරන බවට පළවන වාර්තා අසත්‍ය බවද ඔහු අවධාරණය කළේය.
පසුගිය පෙබරවාරියේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සීමා කිරීමට පියවර ගත්තේය. පසුව පාකිස්ථානයේ මැදිහත්වීම මත ඇති කරගත් එකඟතාවයක් හරහා එම මාර්ගයේ පාලන අයිතිය ඉරානයට හිමි වූ නමුත්, ඇමරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර සහ නාවික අවහිරතා හේතුවෙන් මුළුමනින්ම එය වසා දැමීමට ඉරානය ක්‍රියා කළේය.
දැනට ඇමරිකානු හමුදා මෙහෙයුම් ගුවන් නිරීක්ෂණ කටයුතුවලට පමණක් සීමා වී ඇති බව සඳහන් කළ මොහොමඩි, නවීන තාක්ෂණය සහ සටන් උපක්‍රම භාවිත කරමින් ඕනෑම විදේශීය ආක්‍රමණයකට මුහුණ දීමට තම සන්නද්ධ හමුදාවන් පූර්ණ සූදානමින් පසුවන බව වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්