News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති

Sep 28, 2026 at 07:30 AM
|

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකයේ වැදගත්ම දත්තවල හොඳම අවස්ථා අත්පත් කර ගැනීමට තම රජය සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ බර සම්පූර්ණයෙන් ජනතාව මත පැටවීම වැළැක්වීම සඳහා ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා රුපියල් කෝටි 4100ක අලුත් ඉන්ධන සහනාධාර පැකේජයක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ තේමාව යටතේ ඊයේ (27) ගම්පහ පැවැති ජනරැලිය අමතමින්.

ආර්ථිකය පිළිබඳ විවිධ දෙගිඩියා මවාපෑම් කළද, 1957 වසරෙන් පසු මෙරට වාර්තා වූ අඩුම අයවැය හිඟය 2025 වසරේදී සියයට 2.3 ක් ලෙස වාර්තා කිරීමට හැකි වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අපි ආවට පස්සේ ආර්ථිකය කරගන්න බැරුව යයි කියලා සැකයක් තිබ්බා. ආර්ථිකය පිළිබඳ දෙගිඩියාවක් හැදුවා. මම ඕගොල්ලන්ට කියන්න කැමතියි මේ අවුරුදු දෙක තමයි ලංකා ඉතිහාසේම ආර්ථිකයේ වැදගත්ම දත්තවල හොඳම අවස්ථා ටික මේ අවුරුදු දෙකේ අපි උපයාගෙන තියෙනවා. හොඳම අවස්ථා ටික. මොකක්ද, අයවැය හිඟය. දීර්ඝ කාලයක් තිස්සේ මේ අයවැය හිඟය සියයට 5ට වඩා යටට‍ ගේන්න කල්පනා කළා. 1957න් පස්සේ අඩුම අයවැය හිඟය අපි 2025 වාර්ථා කළා 2.3යි. 57න් පස්සේ. අවුරුදු 5ට වඩා යටට ‍ගේන්න තමයි මේ අවුරුදු 5ම පොරබැදුවේ. බැරිවුණා කාටවත්. අපි අයවැය හිඟය 2.3ට ගෙනාවා. ඉතාමත් වැදගත් තත්ත්වයක්.

ඊළඟ වැදගත් තත්ත්වය මොකක්ද? ජංගම ගිණුම. ලංකාව ඇතුළට ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය ලංකාවෙන් එළියට ගලාගෙන යන ඩොලර් ප්‍රමාණය හැමදාම තිබුණේ මොකක්ද සෘණ. ලංකාවේ ඇතුළට ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය අඩුයි රටින් එළියට යන ප්‍රමාණයට වඩා. අපේ ආණ්ඩුව එන්න කළින් අවස්ථා තුනයි ධනවෙලා තිබුණේ. මුළු නිදහස් ශ්‍රී ලංකාවේම අවස්ථා තුනයි ධන වෙලා තිබ්බේ. ඒකත් මිලියන 300ට ආසන්නයි. ඩොලර් මිලියන 300ට ආසන්න ගානක්. 2025 අපේ ජංගම ගිණුමේ අතිරික්තය රටින් එළියට ගිය ඩොලර් ප්‍රමාණය සහ රටට ආපු ඩොලර් ප්‍රමාණය අතර වෙනස, අතිරික්තය අපිට වැඩියෙන් ඇවිල්ලා තියෙනවා ගියාට වඩා කොච්චරක්ද? ඩොලර් මිලියන 1800ක් ලංකා ඉතිහාසයේ වැඩිම ජංගම ගිණුමේ ශේෂය. අපි අත්පත් කරගෙන තියෙනවා. ඒක වැදගත් ආර්ථික සාධකයක්.

ඉතිහාසයේ වැඩිම සාධකයක්. මේ අවුරුද්දේ අපිට මුල් මාස පහේ ධන. දැන් පොඩ්ඩක් අපේ සෘණ වෙලා තියෙනවා. හේතුව තමයි ‍ලෝක වෙළෙඳ ‍පොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුකොටගෙන. සාමාන්‍යයෙන් අපි ඉන්ධන සදහා ඩොලර් මිලියන 150ක් විතර වැය කළා නම්, දැන් අපි මාසෙකට 300ක් විතර වැය කරනවා. ඒ නිසා අපේ වැඩි ප්‍රමාණයක් දැන් මොකද වෙලා තියෙන්නේ. ඩොලර් ප්‍රමාණයක් එළියට යන්න වෙලා තියෙනවා මේ මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන. ඒ නිසා මේ මාස කිහිපය අපේ සෘණ වෙලා තියෙනවා. මුල් මාස පහම ඒත් ධන. ආර්ථිකයක වැදගත් සාධක ජංගම ගිණුමේ ශේෂය ධන කර ගැනීම.

ඊළඟට ප්‍රාථමික ගිණුම. ඒක වැදගත්. ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුම. ආණ්ඩුවේ වියදම් සහ අදායම් අතර පරතරය. ගොඩක් කාලයක් තිබ්බේ සෘණ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිව්වා ප්‍රාථමික ගිණුමේ ධන ශේෂය 2.3ක් තියාගන්න කියලා. අපි නීතියෙන් බැදිලා ඉන්නවා. පනතකින් සම්මත කරලා බැදිලා ඉන්නවා අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3 තියා ගන්න. විවිධ උපක්‍රම හැදුවා මේ 2.3 තියාගන්න. මතක තියාගන්න 2025 වසරේ අපේ ප්‍රථමික ගිණුමේ ධන ශේෂය 5.4යි. ඒ කියන්නේ මොකක්ද, අපේ ආදායම් සහ වියදම් අතර ප්‍රාථමික වියදම් සහ ආදායම් අතර වෙනස ධන. මේ අවුරුද්දේ මුල් මාසවලත් මොකද වෙලා තියෙන්නේ. භාණ්ඩාගාරයට ආපු මුදල් ප්‍රමාණයට වඩා භාණ්ඩාගාරයෙන් වියදම් කරපු මුදල් ප්‍රමාණය අඩුයි ධන. මේවා ලංකා ඉතිහාසයේ වැදගත්ම ආර්ථික සාධක.

ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ගත්තොත් භාණ්ඩාගාරයේ ගිණුම. ඔය ගිණුම දශක ගණනාවක් අපේ රටේ ගියේ ඕඩී එකෙන්. බැංකු අයිරාවකින්. මිලියන 600, 700 බැංකු අයිරා තිබ්බා භාණ්ඩාගාර ගිණුමේ. ඒ කියන්නේ මොකක්ද, භාණ්ඩාගාරයේ සල්ලි නැතුව බැංකුව අපි පෙනුවෙන් විදහම් කරලා. අපි ගාව සල්ලි නෑ. බැහැයි බැංකුව බංකු අයිරාව. ඕඩී එක දීලා. සමහර ඕඩී ගියා සියයට 33ට 36ට පොලීය ගියා. ඇයි එකවුන්ට් එකේ සල්ලි නෑ. භාණ්ඩාගායේ ඕඩී එකේ සල්ලි නෑ.

එහෙම තමයි මේ රටේ ඉතිහාසය තිබුණේ. භාණ්ඩාගාරටයේ එකවුන්ට් එක ඕඩී එකෙන් දුවනවා. පොඩි එකක් නෙමෙයි බිලියන 500, 700යි. ඒ කියන්නේ කෝටි 50,000යි කෝටි 70,000යි. ඕඩි එක. අපි ඔයගොල්ලන්ට කියන්න කැමැතියි අද ලංකාවේ අපේ භාණ්ඩාගාරයේ ගිණුම ධන. කාලයක් ට්‍රිලියන 1.2ක් බිලියන 1200ක තැන්පතුවක් තිබුණා ඒකේ. දැන් ටිකක් අඩුවෙලා තියෙනවා. බිලියන 700ක් විතර දැන් තියෙනවා. අපේ ගිණුමේ අපේ සල්ලි තියෙනවා 700ක්. ඉස්සර. අපිට සල්ලි නැතුව බැංකුව වියදම් කරලා තියෙනවා 700ක්.

දිට්වා සදහා අපි අයවැය ලේඛනයට අත තියන්නේ නැතුව අපි අතිරේකව කෝටි 50,000ක් වෙන් කළා. පාරවල්, පාලම්, ගෙවල්, සහන දෙන්න.

මැදපෙරදිග තෙල් අර්බුදය ආවා. මේ මාස පහට අපි වෙන්කළා කෝටි 10,000ක්. ඩීසල් මිල වෙළෙදපොල මට්ටමට වඩා අපි අඩු කළා. ඩීසල් ලීටරයකට අපි රුපියල් 100ක සහනාධාරයක් දුන්නා. ඉන්ධන මිල ඉහළ යාම ආර්ථිකයට බලපෑමක් කරනවා. අපි සහනාධාරයක් දුන්නා. රුපියල් 100ක් දුන්නා. ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ වාහනයට ඩීසල් ලීටර් 10ක් ගැහැව්වා නම්, රුපියල්1000ක් ආණ්ඩුව ගෙවනවා ප්‍රෙට්ටෝලියම් එකට. නැත්නම් පෞද්ගලික සමාගමට.

අපි එහෙමයි කළේ. ප්‍රෙට්රල් ලීටරයට රුපියල් 20ක සහනාධාරයක් දුන්නා. ඒ කියන්නේ මොකද කෙළේ. වෙළෙදපොළේ අඩුවෙන් විකුණන්න එපා අඩුවෙන් විකුණන්න අපි අලාභය දෙන්නම්. ආර්ථිකය ශක්තිමත් නැත්නම් ඒක කරන්න බෑ. අපි ඒකට කෝටි 10,000ක් වෙන් කළා. දැන් මතුවෙලා තියෙන තත්ත්වය මොකක්ද, අප්‍රේල් මාසයට වඩා වැඩියෙන් සමහර තැන්වල ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මොකද කරන්න ඕන. දැන් ඒ මුළු බර ජනතාව දුන්නොත් විශාල අගයකින් ඉන්ධන මිල ඉහළ යාමේ අනතුරකට අපි මුහුණ දීලා තියෙනවා. ලෝක වෙළෙදපළේ ඉන්ධන මිලේ විශාල ඉහළ යාමක් තියෙනවා. ඉතිං අපි කල්පනා කරලා තියෙනවා ජනතාවට විශාල බරක් නොදෙමින්, චුට්ටක්වත් නොදෙමින් නෙමෙයි හොදේ. විශාල බරක් නොදෙමින් නැවත ඉන්ධන සහනාධාරයක් ඉදිරි මාස තුනට දෙනවා.

අපි හෙට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දානවා ඉන්ධන සහනාධාරය සඳහා අලුත් පැකේජ් එකක් රුපියල් කෝටි 4100ක. රුපියල් කෝටි 4100ක් හෙට අපි කැබිනට් මණ්ඩලටය දානවා ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුන සදහා යළි ඉන්ධන සහනාධාරයක් දෙන්න. මේ මිල මුළුමනින්ම ජනතාවට දාන්නේ නැතුව . හොඳ නැද්ද, එහෙම ආණ්ඩු ලංකාවේ තිබිලා නෑ. මතක තබාගන්න. එහෙම වුණාම මොකද කරන්නේ. පාඩුව තෙල් සංස්ථාව දරා ගන්න ඕන.

අපි තෙල් සංස්ථාවට කියනවා ඕගොල්ලෝ හරි ගානට කියන්න. හැබැයි අපි කියන ගානට දෙන්න. පාඩුව අපි ගෙවන්නම්. ඒ නිසා තෙල් සංස්ථාව පාඩු වෙන්නේත් නෑ. ඒකත් ලාභ ලබනවා. මොකද ඒ ආයතන අපි රැකගන්න ඕන.

වැව් හදන්න විතරක් අපි මිලියන 35,000ක් වියදම් කරලා තියෙනවා. උපාලි පන්නිල අමාත්‍යතුමාගේ අමත්‍යායාංශයෙන් ප්‍රජා ශක්ති ව්‍යාපාරයට මිලියන 24,000ක් වෙන් කරලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට විතරක් පාරවල් හදන්න මිලියන 25000ක් වෙන්කරලා තියෙනවා. ඒවා එන්න ඕන පහළට. එතකොට මොකද වෙන්නේ අර සංවර්ධන වැඩටික ගමට එනකොට අන්න එතන රස්සා හැදෙනවා. පහළ ජනතාවට ආර්ථිකය ගලා එනවා. ඒ එක විදිහයක්. තව විදිහක්. අලුතින් රස්සා ඇතිවෙන්න ඕන. එළියේ හැදෙන්නත් ඕනා. ආණ්ඩුවේ ඇතිවෙන්නත් ඕන.

අපි අධ්‍යාපනය මොකක්ද? දෙමාපියන්ට බරක්. දරුවන්ට වදයක්. අපි ලබන අවුරුද්දේ පටන් ගන්නවා හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. දෙමාපියන්ට වදයක් නොවන ‍දරුවන්ට වදයක් නොවන රජයේ වගකීමක් බවට පත්වෙන නව අධ්‍යාපන ක්‍රමයක් අපි අරගෙන එනවා. අන්න එත‍ොකට දෙමාපියන්ට මොකද වෙන්නේ. මෙහෙම තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ."

සම්බන්ධිත පුවත් | Related News

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.