තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.
'දිවයින ඔන්ලයින්' වැඩසටහනට එක්වෙමින් ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ සඳහන් කළේ, 1987 දී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර වාර්තාකරණයන් පවතින බවයි.
වර්තමානයේ ඇතැම් මාධ්‍ය හා සංවිධාන විසින් තිලීපන්ගේ ඉල්ලීම් 5ක් මුල් කරගනිමින් මෙම උපවාසය සිදු වූ බව පැවසුවද, එල්.ටී.ටී.ඊ. කාන්තා බළකායේ හිටපු සාමාජිකාවක වන නිරෝමි ඩිසෝයිසා (Nromi de Soyza) විසින් රචිත "Tamil Tigers" ග්‍රන්ථයේ දක්වා ඇත්තේ මෙම මාරාන්තික උපවාසයේ ප්‍රධානතම අරමුණ වූයේ ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවෙන් පිටකිරීම බවයි.
තවද, මෙවැනි සැමරුම් සහ මතවාදයන් සම්බන්ධයෙන් කාලයෙන් කාලයට බලයට පත්වූ සෑම රජයක්ම විවිධ ප්‍රතිපත්ති අනුගමනය කර ඇති බවත්, ජාතික මට්ටමේ පැහැදිලි ප්‍රතිපත්තියක් හෝ සීමාවන් නොමැතිකම නිසා දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන වාසියට අනුව මෙම සිදුවීම් පාවිච්චි කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
පසුගියදා අනුරාධපුරයේ පැවැති ජනරැලියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා විසින් කරන ලද ප්‍රකාශ සහ උතුරේ පැවැත්වෙන සැමරුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ අවධාරණය කළේ, අවි ගත් කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් සැමරීම සම්බන්ධයෙන් පවතින නීතිමය හා රාජ්‍ය අධීක්ෂණ තත්ත්වය නිරවුල් විය යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?