News Category
From Date
To Date
Maximum Number of Result

ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..

Sep 25, 2026 at 05:05 AM
|

නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් කොමිසමට ඊයේ (24) අවසර දෙන ලදී.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම ඊයේ (24) එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වූ ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන යන අය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අධිකරණයේදී කැඳවනු ලැබූ මෙම නඩුවට අදාළව, ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි කැඳවීම ලබන 02 වැනිදා සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දෙන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ප්‍රකාශකළ අතර, රුපියල් මිලියන හැත්තෑවක මුදලක් පිරිනැමීම වෙනුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර්, රාජේන්ද්‍ර ප්‍රසාද් හා නාමල් රාජපක්ෂ සැකකරුවන්ට සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

“ස්වාමිනී, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට ( krrish transworks colombo (pvt - ltd) කඩිනමින් ලබා ගැනීමට සහ එකී සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට අල්ලස් මුදල් පිරිනැමීම වෙනුවෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. 2023 අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. ක්‍රිෂ් සමාගමේ මව් සමාගම වන මහාදේව් සමාගමේ නියෝජිතයන් ලෙස කටයුතු කර ඇති මෙම සැකකාරිය, සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමග එක්ව මෙම මුදල් නිමල් හේමසිරි පෙරේරා යන අය මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබා දී තිබෙනවා.

මෙම සැකකාරිය අදාල සමාගම මෙරටදී සිදුකළ ගනුදෙනු, ඒ වෙනුවෙන් තබන ලද රැස්වීම්, ගිවිසුම් හා සමාගමේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබූ තැනැත්තියක්. ඇය මෙම ගනුදෙනුවේදී කිසිසේත් නිර්දෝෂි මනසකින් කටයුතු කර නැහැ. මනා දැනුවත්භාවයකින් මෙම මුදල් පිරිනමින් මේ කටයුතු සිදුකර තිබෙනවා. සමාගමේ සෙසු අධ්‍යක්ෂකවරුන් වන ඉන්දීය ජාතිකයින්ට ලියාපදිංචි තැපැල් මගින් විමර්ශනයට සහාය දක්වන ලෙසට නියෝග කර ඇතත් මෙතෙක් කිසිදු සහායක් ලබාදීමට කටයුතු කර නැහැ.

විශේෂයෙන් මෙම විමර්ශනය සහ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂිකරුවෙක් ලෙස නිමල් හේමසිරි පෙරේරා නම් කර තිබෙනවා.

ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර ජීවිත තර්ජන නිසා ලංකාවට පැමිණීමට හැකියාවක් නැති බව දන්වා තිබෙනවා.

සැකකාරිය විසින් අල්ලස් මුදල් පිරිනැමීම බැංකු ගිණුම් හිමිකරු වන නඩුවේ සාක්ෂිකාර නිමල් පෙරේරා මේ බව ප්‍රකාශයකින් තහවුරු කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ සැකකරු විසින් අල්ලස් ලබා ගැනීම යන කරුණු ලේඛන මගින් හා බැංකු ගිණුම් මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම නඩුවේ ඉන්දීය ජාතික සැකකරුවන් මෙතෙක් විමර්ශනය සඳහා සහාය දක්වා නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

සැකකාරිය දූෂණ විරෝධී පනතේ 149 වගන්තියේ ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් සමඟ අධිකරණයට ඉදිරිපත් කරන බැවින් හා විමර්ශන අවසන් නොමැති බැවින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇප ලබා දෙනවා නම් විශේෂ හේතු තිබිය යුතුයි.”

අධිකරණය - මෙම අල්ලස් මුදල් පිරිනමා ඇත්තේ කෙසේදැ?

අල්ලස් කොමිසම - 2012 වසරේ ඔක්තෝබර් , නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල 15 ,18 සහ 12 යන දිනවලදී බැංකු ගිණුම වෙත බැර කර තිබෙනවා. එක් අවස්ථාවකදී රුපියල් මිලියන 40 ක්, දෙවන අවස්ථාවේදී මිලියන දහයක් සහ 2012 දෙසැම්බර් 12 වෙනි දින මිලියන විස්සක් බැගින් මුදල් බැර කර තිබෙනා. සැකකාරිය නිර්දෝෂී මනසිකයින් කිසිසේත් කටයුතු කර ඇති බවට පෙනී යන්නේ නැහැ.

අධිකරණය - අදාල මුදල් ලැබුණු බව තහවුරු කරන්නේ කවුරුන්ද?

අල්ලස් කොමිසම - බැංකු ගිණුමේ හිමිකාර නිමල් පෙරේරා ඒ බව තහවුරු කරනවා.

අධිකරණය - සාපරාධී වගකීම ආරෝපණය කරන්නේ සමාගම හරහාද?

අල්ලස් කොමිෂම - ස්වාමිනී, මෙම සමාගම සැකකරුවකු ලෙස නම් කරනවා.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ අමිල දිසානායක කරුණු දක්වමින් මෙසේ පැවසුවා.

“මෙම රුපියල් මිලියන හැත්තෑවේ සිද්ධිය සම්බන්ධයෙන් 2015 කරන ලද පැමිණිල්ලක් අනුව නාමල් රාජපක්ෂට එරෙහිව 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණයට බී වාර්තාවක් ගොනු කළා. 2016 ජූලි මාසයේදී නාමල් රාජපක්ෂව රක්ෂිත බන්ධනාගාර ගත කරලා සතියකට පස්සේ ඇප දුන්නා. ඊට පසුව 2025 වසරේදී සාපරාදී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරලා , එම නඩුව මේ වෙන විට විභාග වෙනවා. ඒ නඩුවට පාදක වන්නේත්, මේ නඩුවට පාදක වන්නේත් රුපියල් මිලියන 70 කියන එකම කාරණාව.

මේ සැකකාරිය එම නඩුවේ සාක්ෂිකාරියක්. ඔය නම් කළ ඉන්දීය ජාතිකයෝ දෙදෙනාත් සාක්ෂිකාරයෝ. එකම සිද්ධියට එකම පුද්ගලයෝ වැරදිකාරයෝ කරනවාද කියන එක තීරණය කරන්න ඕනෙ අධිකරණය. අධිකරණය තීරණය කරන්න ඕන දේ අල්ලස් කොමිසමට තීරණය කරන්න බැහැ.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී මාගේ කරුණු දැක්වීම ඇප ඉල්ලීම සඳහායි. අල්ලස් කොමිසම 149 වගන්තියේ ප්‍රකාරව සහතිකයක් ඉදිරිපත් කරන බැවින් ඇප ලබාගැනීමට විශේෂ කාරණාවක් ලෙස එකම සිද්ධියකට අපරාධ නඩුවක් සහ අල්ලස් නඩුවක් ගොනු කිරීම යන මා ඉදිරිපත් කළ කරුණු අධිකරණයට දක්වා සිටිනවා.

මගේ සේවාදායිකාවගේ දරුවා අවුරුදු දාහතරට අඩුයි. ඇය නොබෝ දිනෙකින් සාමාන්‍ය පෙළට පෙනී ඉන්නවා. සැමියා විදේශගත වෙලා. මේ කරුණු සියල්ල සලකා බලා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෙනත් නඩුවක සාක්ෂිකාරියක් වීම සම්බන්ධයෙන් යන කරුණ මෙම අවස්ථාවේදී සලකා බැලිය නොහැකි බව පෙන්වා දුන්නේය.

අධිකරණයකට සලකා බැලිය හැක්කේ අධිකරණය වෙත ඉදිරිපත් කරන කරුණු පමණක් බව පැවසූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ විමර්ශනයන්ට සැකකාරිය විසින් සාහායක් නොදැක්වීම යන කරුණ සැලකිල්ලට ගෙන ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පැවසුවේය.

නාමල් රාජපක්ෂ සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීම සඳහා සාක්ෂි කැඳවීම ලබන 02 වැනිදා සිදු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දෙන ලදී.

ඒ අනුව, සැකකාරිය ලබන 06 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

එයාර් බස් ගනුදෙනුවේ දී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත නාමල් රාජපක්ෂ සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසද මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ රුපියල් මිලියන 70ක මුදලක් රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ලබා ගනිමින් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි පවසමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට මහාධීකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබුණද, අල්ලස් ලබාදීමේ සහ ලබා ගැනීමේ විමර්ශනය ඊට පරිබාහිරව සිදුකරන වෙනම විමර්ශනයක් ලෙස දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන බවයි.

මූලාශ්‍රය - hirunews

සම්බන්ධිත පුවත් | Related News

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.