22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද, එමගින් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික හෝ සමාජීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
ඔහු සිය Kaarige Channel Eka යූටියුබ් නාලිකාව ඔස්සේ පෙන්වා දෙන්නේ මැතිවරණ සමයක් නොවන වකවානුවක ජනාධිපතිවරයා රට පුරා යමින් ජනරැලී පැවැත්වීමට තීරණය කර ඇත්තේ ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය පහත වැටීම නිසා බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා මෑතකදී කළ කතාවලදී විශ්වවිද්‍යාල 50 ක් තැනීම, වැව් 350 ක් සෑදීම, 4G කුළුණු 1000 ක් පිහිටුවීම සහ රාජ්‍ය සේවයට 21,000 ක් අලුතින් බඳවා ගැනීම වැනි ඉටු කිරීමට අපහසු මනෝලෝක පොරොන්දු ලබා දෙන බවටද ඔහු විවේචනය කරයි.
විශේෂයෙන්ම විදුලි දුම්රිය පිළිබඳ සිහින මවනවාට වඩා පසුගිය ආපදා තත්ත්වයන් නිසා හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමත්, අමතර කොටස් නොමැතිකමින් ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය එන්ජින් අලුත්වැඩියා කිරීමත් වහා කළ යුතු බව ඔහු සඳහන් කරයි.
ලෝක බැංකු දත්ත උපුටා දක්වමින් මෙරට ජනගහනයෙන් 16.5% ක් තවමත් දරිද්‍රතා සීමාවෙන් පහළ ජීවත් වන බවත්, ජනතාවගේ ආහාර වේල් පවා සීමා වී ඇති පසුබිමක ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සාර්ථක එකක් නොවන බවත් කාරියවසම් මහතා අවධාරණය කරයි.
ජනතාවට අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම රටේ ප්‍රශ්න විසඳන රාජ්‍යනායකයෙකු මිස, සියල්ල එක රැයකින් කළ හැකි බව කියන කල්පිත චරිතයක් නොවන බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මුළු රටම ඇමතීමේ හැකියාව තිබියදී මෙලෙස ජනරැලී පවත්වමින් පැලැස්තර විසඳුම් සෙවීමෙන් පලක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්