අවලෝකිතේෂ්වර නමින් තමන්ව හඳුන්වමින් අනුගාමිකයන් හදන තවත් පුද්ගලයකු මතුවෙයි... පරීක්ෂණයක් පවත්වන්නැයි CID යට පැමිණිල්ලක්
තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාගන්නා පුද්ගලයෙක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් පෙන්වා දෙන්නේ මෙවන් පුද්ගලයින්ගෙන් බුද්ධ ශාසනයට සහ ධර්මයට සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මහ නා හිමිවරුන් මැදිහත් විය යුතුව පවතින බවය.
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින එම පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පසුගියදා මෙරටට පැමිණ ඇති අතර ඔහු සිය අනුගාමිකයන් පිරිසකගෙන් වැඳුම් පිඳුම් ලබන අයුරු දැක්වෙන වීඩියෝ මෙලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
ඔහුට වැඳුම් පිඳුම් කරන පිරිස අතර සිල් මාතාවක්ද සිටින ආකාරය දැකිය හැකි වීම විශේෂත්වයකි.
නුදුරු දිනකදීම තමන් බුදුවන බව පවසන මෙම පුද්ගලයා තමන්ගේම දරුවා අපයෝජනයට ලක්කර විවාහය අතහැර ගොස් ඇති බවත්, එය අභිනිෂ්ක්‍රමණය ලෙස ඔහු හඳුන්වමින් සිටින බවත් ශාක්‍ය පුත්‍ර සංවිධානයේ සභාපති පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..