News Category
From Date
To Date
Maximum Number of Result

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

Sep 21, 2026 at 05:30 PM
|

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි. 

අද (21) පස්වරුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පෙන්වා දුන්නේ, මෙම සිදුවීම පිටුපස බෙදුම්වාදී සහ ත්‍රස්තවාදී මතවාද නැවත සමාජගත කිරීමේ මහා කුමන්ත්‍රණයක් පවතින බවයි.

2026 සැප්තැම්බර් 15 වන දින සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගොස් අතිරේක ලේකම් අමල් එදිරිසූරිය මහතා හමුවී නිල ලිපියක් භාරදුන් බවත්, සිදුවීම වී දින හයක් ගතවනතුරුත් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව අමාත්‍යාංශ බලධාරීන් ප්‍රකාශ කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සඳුන් බණ්ඩාර බෝදරගම මහතා සඳහන් කළේ, තිලීපන් හෙවත් රාසයියා පාර්තිපන් යනු දරුණු ගණයේ මිනීමැරුම් සහ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබලයෙකු බවයි. 1987 දී උපවාසයකින් මියගිය ඔහු, ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් පහ අතර සිංහල ජනතාව නැවත පදිංචි කිරීම නැවැත්වීම, පොලිස් ස්ථාන ඉදිකිරීම නැවැත්වීම වැනි අන්තවාදී ඉල්ලීම් පැවැති බවත්, එවැනි ත්‍රස්තවාදියෙකුගේ පිළිමයකට මල් තැබීමට පාසල් සිසුන් යොදවා ගැනීම මගින් කුඩා දරුවන්ගේ සිත් තුළ නැවතත් අන්තවාදී සහ ත්‍රස්තවාදී අදහස් පැළපදියම් වන බවත් හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ මෙම වගකීම් විරහිත හැසිරීම දැඩි ලෙස විවේචනය කළ සඳුන් බණ්ඩාර මහතා, පසුගිය කාලයේ චුන්නාකම් ප්‍රදේශයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය නීති විරෝධී යැයි කියමින් පොලීසිය ලවා ඉවත් කර ස්වාමීන් වහන්සේලා සිරගත කළ බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රණවිරු සැමරුමකට සහභාගී වීමට යාමේදී පොලීසිය යොදවා එය වැළැක්වූ බවත් මතක් කර දුන්නේය. නමුත්, ද්‍රවිඩ ඩයස්පෝරාවේ සහ බෙදුම්වාදීන්ගේ ඡන්ද පදනම රැකගැනීම සඳහා ත්‍රස්තවාදීන් සැමරීමට ආණ්ඩුව මෙසේ ඉඩදී බලා සිටින බවට හෙතෙම චෝදනා කළේය.

පාසල් කාලසීමාව තුළ හෝ ඊට පසුව විදුහල්පතිවරුන්ගේ සහ කලාප අධ්‍යාපන බලධාරීන්ගේ අවසරයකින් තොරව නිල ඇඳුමින් සිටින දරුවන් මෙවැනි ත්‍රස්ත සැමරුම් සඳහා යොමු කිරීමට ඉඩදුන් පිරිස් කවුරුන්දැයි වහාම අපරාධ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික ගුරු ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික ගුරු ව්‍යාපාරයේ ජාතික සංවිධායක ජානක ප්‍රියන්ත මහතා අදහස් දක්වමින් කියා සිටියේ, පවතින රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි පවසමින් ග්‍රාමීය අසරණ දරුවන් අධ්‍යාපනය ලබන කුඩා පාසල් "ඒකාබද්ධ කිරීමේ" මුවාවෙන් වසා දැමීමට කටයුතු කරමින් සිටින බවයි. ළමුන් 50ට අඩු ග්‍රාමීය පාසල් වසා දැමීම තුළින් අසරණ දරුවන්ට හිමිවන උදෑසන ආහාර වේල, පාවහන් දීමනා සහ ලිපිද්‍රව්‍ය දීමනා පවා අහිමි වී යන බවත්, නව අධ්‍යාපන සංශෝධන යටතේ ප්‍රාථමික පන්තිවල ළමුන් සංඛ්‍යාව 20 දක්වා අඩු කළ යුතු වුවද තවමත් පන්ති කාමරයක 40ක් සිටීම නිසා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමට නොහැකි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

වසරකට ගුරුවරුන් 15,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යන පසුබිමක පවතින බරපතල ගුරු පුරප්පාඩු පියවීම සඳහා විද්‍යාපීඨ සහ විශ්වවිද්‍යාල උපාධිධාරීන් වහාම ගුරු සේවයට අනුයුක්ත කරගන්නා ලෙසත්, ග්‍රාමීය පාසල් වසා නොදමා ඒවාට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙසත් ජාතික ගුරු ව්‍යාපාරය මෙහිදී වැඩිදුරටත් රජයට බලකර සිටියේය.

සඳුන් බණ්ඩාර බෝදරගම මහතාගේ සම්පූර්ණ කතාව පහළින්,

"මම සඳුන් බණ්ඩාර බෝදරගම, ප්‍රධාන ලේකම්, ජාතික ගුරු ව්‍යාපාරය.

අද මම සමග මෙකී මාධ්‍ය හමුවට සහභාගී වෙනවා ජාතික ගුරු ව්‍යාපාරයේ ජාතික සංවිධායක ජානක ප්‍රියන්ත සහෝදරයාත්, ඒ වගේම ජාතික ගුරු ව්‍යාපාරයේ උපසභාපති සුරංග සිරිවර්ධන සහෝදරයාත්.

අපි දන්නවා මේ වෙනකොට යාපනයේ, නල්ලූර්වල කොටි සංවිධානය හඳුන්වන විදිහට 'ලුතිනන් කර්නල් තිලීපන්' කියන පුද්ගලයාගේ ලෝහ පිළිරුවක් ඉදි කරලා, යාපනය නල්ලූර්වල විශ්වවිද්‍යාල භූමියේ ලෝහ පිළිමයක් ඉදි කරලා ඔහුට උපහාර දැක්වීම් සිදු කරමින් තියෙනවා. 2026 සැප්තැම්බර් 15 දින තමයි මේ සිදුවීම වෙන්නේ. ඔය ලුතිනන් කර්නල් තිලීපන් හෙවත් රාසයියා පාර්තිපන්, ඔහු ඒ හැඳින්වීමේම තියෙනවා ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයෙක් කියන කාරණය. ලුතිනන් කර්නල් තනතුර දෙන්නේ එහෙමනේ, එයාලා හඳුන්වන විදිහට.

එතකොට ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඔහු සටනේදී තුවාල ලබනවා, ඔහු ඔය මිලේච්ඡ මිනිස් ඝාතන ගණනාවකට සහභාගී වෙච්ච කෙනෙක්, සටනේදී තුවාල ලබනවා. ඊට පස්සේ ඔහුව දේශපාලන අංශ නායකයා විදිහට පත් කරනවා යාපනය දිස්ත්‍රික්කයේ. ඒ කාලසීමාවේ තමයි ඔහු 1987 සැප්තැම්බර් 15 වෙනිදා, ඔහු ඊට දින 12කට කලින් ආරම්භ කරපු උපවාසයකින්, ඒ කියන්නේ සැප්තැම්බර් 15 වෙනිදා මියයාම සිද්ධ වෙනවා. ඔහු අපි දන්න විදිහට දරුණු පිළිකා රෝගයෙන් පෙළුණු කෙනෙක්. එතකොට ඔහු මේ උපවාසයේදී මොනවාද සිදු කරපු ඉල්ලීම්? ඔහුගේ ඉල්ලීම් පහක් තිබුණා. ඒ පහ වුණේ ඔහු කිව්වා 'සිංහල ජනතාව පදිංචි කරවීම නවත්වන්න යාපනය දිස්ත්‍රික්කය තුළ' කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු කිව්වා 'හදිසි නීති රෙගුලාසි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්න සිරකරුවන් නිදහස් කරන්න' කියන කාරණය. ඒ වගේම ඔහු කිව්වා 'පුනරුත්ථාපන වැඩසටහන් අත්හිටුවන්න'. ඒ වගේම 'අලුතින් පොලිස් ස්ථාන ඉදිකිරීම නතර කරන්න'. ඒ වගේම 'දෙමළ පාසල්වලින් හමුදාව සහ පොලීසිය ඉවත් කරගන්න'. මෙන්න මේවා තමයි ඔහුගේ ප්‍රධාන ඉල්ලීම් වුණේ.

එතකොට මේ ඉල්ලීම් ටික දිහා බැලුවාම පේනවා ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්ත නායකයෙක්, ඒ ඊළම දිනාගැනීමේ අරමුණ කරා මෙහෙයවන ත්‍රස්ත නායකයෙක් හැර ඔහු මේ සාමකාමී උද්ඝෝෂකයෙක්වත්, සාමකාමී අරගලකරුවෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් නෙමෙයි කියන කාරණය මේ සමහර බෙදුම්වාදයට උඩගෙඩි දෙන සමහර උද්දීපනය කරලා පෙන්නන්න යන ආකාරයට.

එතකොට මෙවැනි ත්‍රස්ත නායකයෙක්ගේ පිළිරුවක් හදලා ඊට විශේෂයෙන්ම පාසල් දරුවෝ ඔවුන්ගේ නිල ඇඳුමින්, ගුරුවරු සමග ගෙනිහිල්ලා උපහාර දක්වන තැනට අද යාපනය දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් උතුරු නැගෙනහිර පළාත්වල නැවත මේ බෙදුම්වාදී ක්‍රියාකාරකම් ඉස්මතු වෙමින් තියෙනවා.

එතකොට අපි එහෙම වෙද්දී මේ ආණ්ඩුව වගෙ වගක් නැතුව ඉන්නවා. ඔවුන්ට ඕවා පේන්නේ නෑ, ඔවුන්ට ඕවා ඇහෙන්නේ නෑ, ඔවුන්ට ඕවා අදාළත් නෑ. මොකද ඔවුන් හිතන විදිහට සමහර වෙලාවට උතුරු නැගෙනහිර ඔවුන්ගේ මානසිකත්වයේ තියෙන විදිහට ඔවුන්ට අදාළ නැති ප්‍රදේශයක් විදිහට තමයි අපිට දැනෙන විදිහට සලකන්නේ. මොකද අපිට මතකයි මීට පෙරාතුව ඔවුන්ට දැන් මේ ත්‍රස්ත නායකයින්ගේ පිළිරූ ඉදි කරලා උපහාර දැක්වීම ගැටලුවක් නොවුණට, ඔවුන්ට බුදු පිළිමයක් ස්ථානගත කිරීම ලොකු ගැටලුවක් වුණා. අපිට මතකයි චුන්නාකම් ප්‍රදේශයේ බුදු පිළිමයක් පන්සලක ස්ථානගත කරහම ඒක අනවසර ඉදි කිරීමක් කියලා පොලීසිය, ආරක්ෂක හමුදාව යොදවලා ඉවත් කරා. ඒ වගේම ඒ අදාළ පන්සලේ නායක හාමුදුරුවෝ සිරගත කරා. ඒ පිළිබඳව ගැඹුරු විමර්ශනයක් කරා.

ඒ විතරක් නෙමෙයි අපිට මතකයි මේ ආසන්නතම සිදුවීම්; පහුගිය රණවිරු සැමරුම දිනයේ, එතකොට මේ රණවිරුවෝ සමරන්න දේශපාලන නායකයින්ට ඉඩ දුන්නේ නෑ. අපිට මතකයි ජාතික නිදහස් පෙරමුණේ නායකතුමා, විමල් වීරවංශ ඇමැතිතුමා රණවිරු සැමරුමට රණවිරු පිළිරූ අසලට යන්න ගිහිල්ලා ඒකට ඔහුට අවකාශ ලැබුණේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔහුට පොලීසිය හරහා වෙනම විමර්ශනයකුත් සිදු කරා.

එතකොට මේවා ප්‍රශ්න නෙමෙයි මේ ආණ්ඩුවට. එතකොට හැබැයි අරහෙ තියෙන දේවල්, ඉතින් අපිට තේරෙනවා ඉතාම පැහැදිලියි, මේ ඔවුන්ට ඔවුන්ගේ මැතිවරණ කාලසීමාවේ දීපු උදව් උපකාර සඳහා තමයි මේ මේ විදිහට ඔවුන්ගේ හිත් සනසවන්න, මේ කියන දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මේ කියන කාරණාවලට ඉඩකඩ දීලා තියෙන්නේ කියන කාරණය ඉතාම පැහැදිලියි. ඒ ආණ්ඩුව පැත්තේ ක්‍රියාකාරීත්වය. ඒක දැන් වහන්න බෑ. ජනාධිපතිතුමා තැන් තැන්වල හන්දි ගානේ රැස්වීම් තිය තියා බොරු කිය කියා ඇවිද්ද පළියට මේ කියන කාරණා වහන්න බෑ. එයා මෙහෙ බොරු කිය කිය රැස්වීම් ගානේ ඇවිදිද්දී උතුරු නැගෙනහිර මෙන්න මේ සිදුවීම් සිද්ධ වෙමින් තියෙනවා මේ වෙනකොට.

ඒ වගේම අපිට අපි ප්‍රශ්න කරන්නේ ජාතික ගුරු ව්‍යාපාරය විදිහට මීට වඩා අපි දැඩි අවධානය යොමු කරන්නේ, පාසල් දරුවෝ පාසල් නිල ඇඳුමින් මේ කියන ත්‍රස්ත නායකයෙක්ගේ උපහාර උළෙලකට සහභාගී කරවන්න කවුද මේ ඉල්ලීම් කරේ? කවුද ඒකට අවසර දුන්නේ? අපි අද දිනයේ, අපි අද දිනයේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයට අපි ජාතික ගුරු ව්‍යාපාරයේ නියෝජිතයෝ විදිහට ලිපියක් භාර දෙනවා මෙන්න මේ පිළිබඳව ගැඹුරු විමර්ශනයක් කරන්න කියන කාරණය.

එතකොට අපි මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ගියාම අපිට අපි බලාපොරොත්තු වුණේ අධ්‍යාපන ලේකම්තුමාව මුණගැහෙන්න. හැබැයි අපිට අධ්‍යාපන ලේකම්තුමාව මුණගැහෙන්න අවකාශ සැලසුණේ නැහැ. අපිට දුන්නා අතිරේක ලේකම් අමල් එදිරිසූරිය මැතිතුමාව මුණගැහෙන්න. ඉතින් අපි එතුමාට ගිහිල්ලා මේ කාරණය පැහැදිලි කරා. එතුමා මේවා ඉතාම සාවධානව ඇහුම්කන් දීලා අපෙන් අහපු කාරණයක් තමයි, මේ මේ සිදුවීමට රජය සම්බන්ධයිද? නැත්නම් මේක රාජ්‍යානුග්‍රහයෙන් සිද්ධ වෙච්ච දෙයක්ද?

ඉතින් අපි ප්‍රශ්න කරා, 'එතකොට අපි දන්නේ නෑ ඒ ගැන, ඒ ගැන තමයි ඔබතුමාලාට විමර්ශනයක් කරන්න කියන්නේ'. අපි ප්‍රශ්න කරා 'ඔබතුමා මේ සිදුවීම ගැන දැනුවත්ව හිටියාද?' කියලා. එතුමා කිව්වා 'මේ සිදුවීම ගැන හාංකවිසියක් මේ දක්වා දන්නේ නෑ' කියලා. දැන් එතකොට මේක සිදුවීම වෙන්නේ සැප්තැම්බර් 15 වෙනිදා, අද 21 වෙනිදා. එතකොට මේ දින හයක් පුරාවට මෙතුමා මේ ගැන දන්නේ නෑ කියන කාරණය තමයි කිව්වේ. ඉතින් අපිට මතක් වෙනවා මේවා මෙහෙම අපිට සිහිපත් වෙනවා, අපේ රටේ හිටියා රාජ්‍ය නායකයෙක් සමහර වෙලාවට උදේ පත්තරේ බලලා තමයි රටේ වෙන තොරතුරු දැනගන්නේ.

ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්නවා අධිකරණ ඇමැතිතුමා, එතුමා සමාජ මාධ්‍ය හරහා, ෆේස්බුක් හරහා තමයි එතුමා රටේ තොරතුරු, නැත්නම් එතුමාගේ අමාත්‍යාංශයට අදාළ සමහර කාරණා පවා දැනගන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා, දැන් මෙතුමා ඉතාම නොපැකිළව කිව්වා 'අපි කිසිදු දැනුවත් වීමක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන්' කියලා. ඉතින් එක පැත්තකින් අපිට ලොකු දුකක් දැනුණා, අනික් පැත්තෙන් අපිට ලොකු සතුටක් දැනුණා. එතකොට මේ දුක දැනෙන්න හේතුව තමයි මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් මේ රටේ පාසල් දරුවෝ යොදාගෙන ත්‍රස්ත නායකයෝ සමරන එක දන්නේ නෑ කියලා කිව්වාම ඒ සම්බන්ධයෙන් අපිට ලොකු කනගාටුවක් දැනුණා. ඒ වගේම අපිට ලොකු සතුටක් දැනුණා මේ අපි ගියපු පිරිසට, අපි අද දිනයේ හරි මේ මහත්වරු දැනුවත් කරන්න ආපු එක කොච්චර දෙයක්ද, දැන් අද දිනයේ හරි මේ මහත්වරු මේක දැනුවත් වෙනවා නේද කියන කාරණය සම්බන්ධයෙන් අපිට ලොකු සතුටක් දැනුණා.

ඔයනේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ අපි දකින්නේ අපේ රජයේ නිලධාරීන්, මේ බලධාරීන් කටයුතු කරන ආකාරය. එක විටක අපි හිතනවා ඔවුන් ඒ පිළිතුර දෙන්න හේතුව තමයි මේ රජය පිස්සු කෙළිනකොට අපි මේවට අතදාලා අත පුච්චගන්න ඕනේ නැහැනේද කියන අරමුණින් තමන්ගේ ඇඟ බේරාගෙන කටයුතු කරන ස්වරූපයක් තමයි අපි දකින්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ. එක තමයි මම හිතන්නේ ඒ පිළිතුරේ හේතුව, එතනින් එහා පිළිතුරක් ඔවුන්ට දෙන්න බෑ. මොකද අපෙන් එක විටක ප්‍රශ්න කරනවා මේක රාජ්‍යානුග්‍රහයෙන් වෙච්ච දෙයක්ද කියලා. අපි කිව්වේ ඉතින් විමර්ශනයක් කරලා හොයලා බලන්න කියන කාරණය.

ඉතින් මෙන්න මේක තමයි අද වෙනකොට තියෙන තත්ත්වය. ඒක හින්දා ඒ වගේම අපි මතක් කරන්න ඕනේ, අධ්‍යාපන ඇමැතිතුමිය, අධ්‍යාපන ඇමැතිතුමිය පහුගිය කාලයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අතරේ නම් සෑහෙන්න ඉදිරියෙන් හිටියා, හැබැයි මේ වෙනකොට අපි දකින්නේ නැහැ එතුමිය අඩු ගානේ ජනාධිපතිතුමා සහභාගී වන රැස්වීම් මාලාවේ ඇතුළෙත් නැහැ, එතුමිය 22 වෙනි සංශෝධනය ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා ඒ ගැන එතුමියගේ අදහසකුත් නැහැ. එතකොට මේ කිසි තැනක එතුමිය අපි දකින්නේ නැහැ. එතුමිය රටේ ඉන්නවාද නැද්ද කියලත් අපි දන්නේ නැහැ. හැබැයි එතුමියගේ යටතේ තමයි මේ අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන්නේ, එතුමිය තමයි අධ්‍යාපන ඇමැතිතුමිය. ඒ නිසා අපි බල කරලා කියනවා එතුමියටත්, ඔබතුමියට නිහඬව ඉන්න බෑ මෙවැනි කාරණා හමුවේ. ඒ නිසා ඔබතුමියගේ බලතල අනුව හරි ක්‍රියාත්මක වෙන්න, මෙන්න මේ පිළිබඳව, මේ දරුවෝ මෙතැනට යොමු කරේ කවුද? මේ දරුවන්ට එතැනට යන්න අවසර දුන්නේ කවුද? අපි දන්නවා අපි දන්න විදිහට පාසල් නිල ඇඳුමෙන් දරුවන්ට පාසල් කාලසීමාවෙන් පසුව හෝ මෙවැනි කාරණා සඳහා සම්බන්ධ වෙන්න බෑ විදුහල්පතිතුමාගෙන් එහෙම නැත්නම් කලාප බලධාරීන්ගේ අවසරයකින් තොරව.

එතකොට මේගොල්ලන්ගේ අවසරය ඇතුවද මේ ගිහිල්ලා තියෙන්නේ? එතකොට මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා ඒගොල්ලෝ මේ අපේ මුළු ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ රටවල් ගණනාවක් තහනම් කරපු ත්‍රස්ත සංවිධානයක නායකයින් ඇගයීමට මේ යොමු කිරීම ඇතුළේ, එතකොට මේ කාරණය ඇතුළේ තියෙන්නේ මීට එහා ඉතාම ගැඹුරු කාරණයක්. ඒ තමයි අපි දන්නවා මෙහෙම මේ ත්‍රස්ත නායකයෝ සමරන්න දරුවෝ එතැනට එක්කන් ගියාම ඒ දරුවන්ගේ හිතේ ඇඳෙන සිතුවිල්ල තමයි අපිත් මේ මග යා යුතුයි කියන කාරණය. එතකොට මේ ත්‍රස්ත නායකයෝ ගිය මග අපිත් ගියොතින් අපිටත් මෙහෙම ගරුබුහුකම් ලබන්න පුළුවන් ඉදිරි අනාගතයේදී කියලා ඔවුන්ට සිහිවෙනවා සහ ඒක එවැනි කාරණයක් ඔවුන්ගේ සිත් තුළ තහවුරු කිරීම තමයි අපි හිතන විදිහට මේ කියන කාරණාවල අරමුණ වෙන්නේ.

ඒක ඉදිරියේදී මම හිතන්නේ අපි අවුරුදු තිහක යුද්ධයකින් බැටකාපු ජාතියක් විදිහට ඉදිරියේදී නැවත සිංහල ජනතාව සහ ආරක්ෂක අංශ පිළිබඳව වෛරී සිතුවිලි ඔවුන් තුළ ජනිත කිරීම, ඒ විතරක් නෙමෙයි පවතින සාමය, සංහිඳියාව, අන්‍යෝන්‍ය විශ්වාසය පවා තවදුරටත් පලුදු කරමින් නැවත එවැනි සාපලත් යුගයකට අපේ රට තල්ලු වීමේ ගැඹුරු ඉඩකඩක් තියෙනවා කියලා අපි දකිනවා. ඒක නිසා නැවතත් අපි අධ්‍යාපන ඇමැතිතුමිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ට බල කරලා කියා සිටිනවා මේ පිළිබඳව ගැඹුරු විමර්ශනයක් කරන්න, ඒකට වැරදිකරුවන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන කාරණය අපි සිහිපත් කරනවා.

එතකොට ඒ විතරක් නෙමෙයි අපි කියනවා මේ රටේ රටට ආදරය කරන මිනිස්සුන්ට, දැන් අපි දන්නවා මේ ආණ්ඩුවේ එහෙම නැත්නම් මාලිමාවේ දායක සභාව නම් ඉතින් ඒගොල්ලෝ මේ ඔක්කොම සිදුවීම් අතරේ ඒගොල්ලෝ පොඩි සිහිනයක ඉන්නවා, ෆැන්ටසියක ඉන්නවා මේ රට හැදෙනවා කියලා. මෙහෙ රට තිබුණු රටත් නැතිවෙමින් යද්දී ඒගොල්ලෝ හිතනවා නෑ මේ රට හැදෙනවා ඉස්සරහට මෙගොල්ලෝ රට හදයි කියලා. ඒගොල්ලෝ ගැන අපි කතා කරලා වැඩක් නැතිවෙයි. හැබැයි මේ රටට ආදරේ මිනිස්සුන්ට, ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සුන්ට, විද්වතුන්ට මේ සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ පිළිබඳව සිහියෙන්, අවධියෙන් මේ පිළිබඳව බලන්න. බලලා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න, අවශ්‍ය නායකත්වය දෙන්න, පෙළගැහෙන්න කියන කාරණය අපි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට සිහිපත් කරනවා. ඒ වගේම ගෞරවයෙන් ඔබව ආරාධනා කරනවා. බොහොම ස්තුතියි."

ජානක ප්‍රියන්ත මහතාගේ කතාව:

"මම ජානක ප්‍රියන්ත, ජාතික ගුරු ව්‍යාපාරයේ ජාතික සංවිධායකවරයා.

අද ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ මේ වෙනකොට මේ වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කේන්ද්‍රීය යෝජනාවක් වෙලා තියෙනවා මේ පාසල් ඒකාබද්ධ කිරීම, එහෙම නැත්නම් වෙන අර්ථයකින් කිව්වොත් පාසල් වසා දැමීම. වසා දැමීම කියන වචනය වෙනුවට තමයි මේ 'ඒකාබද්ධ කිරීම' කියන වචනය යොදාගෙන බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ ඒ කාර්යය සිද්ධ කරන්න.

එතැනදී ඇත්තටම ග්‍රාමීයව තියෙන දුෂ්කර පාසල් තමයි මේ වසා දැමීමට ලක්වෙන්නේ. විශේෂයෙන්ම ඒවා කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ රටේ ග්‍රාමීය, දරිද්‍රතාවයෙන් පෙළෙන අසරණ දුවා දරුවෝ, ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් තමයි පළමුව වසා දමන්න මේ උත්සාහය තුළ ඉන්නේ. ඉතින් ඒක ඇතුළේ ඒ දරුවන්ට වෙන විශාල අසාධාරණයක් තියෙනවා. මොකද ඒකාබද්ධ කිරීම කියන වචනය යොදලා බලාපොරොත්තු වෙනවා යාබද පාසල්වලට මේ දරුවන්ව යොමු කරන්න. නමුත් ඔවුන්ට තියෙන ආර්ථික ගැටලු නිසා තමයි, ඔවුන්ට තියෙන සාමාජීය ගැටලු නිසා තමයි, ඔවුන්ට තියෙන ඇත්තම් සංස්කෘතිකමය බාධක නිසා තමයි මේ පුංචි පාසල්වල මේ දරුවෝ අද වෙනකොට ඉගෙනුම ලබන්නේ. ඒ අයට ඇත්තටම ඒ යාබද පාසලට යන්න සුදුසු ක්‍රමවේදයක් කිසිම මේ යෝජනාවල කිසිම තැනක පෙන්නන්නේ නෑ. ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකමක් ලබාදීම හෝ එහෙම නැත්නම් වෙනත් දීමනාවක් ලබාදීම හෝ ඒ පහසුකම් සැපයීම හෝ ඒ කිසිවක් මේක ඇතුළේ, මේ යෝජනා ඇතුළේ එළිදක්වන්නේ නෑ මේ වෙනකොට.

එතකොට මේ අයට ඇත්තටම ඒක තුළ මතුවෙන තවත් ගැටලුත් තියෙනවා. දැන් ප්‍රාථමික පාසලක් ගත්තොත් අපි දන්නවා සියලුම ප්‍රාථමික පාසල්වලට, මේ ග්‍රාමීය තියෙන පාසල්වලට විශේෂයෙන්ම උදෑසන ආහාර වේල ලබාදෙනවා. හැබැයි මේ පුංචි ඉස්කෝලෙක දරුවෝ යාබද පාසලකට ගියොතින්, ඒක 1-11 වගේ ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසලක් වුණොත්, වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න පාසලක් වුණොත් ඒගොල්ලොන්ගේ ඒ උදේ ලැබෙන උදේ ආහාර වේල පවා අහිමි වෙනවා. ඒ වගේම ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල්වලට පාවහන් දීමනාවක් දෙනවා, පාවහන් මිලදී ගන්න දීමනාවක් දෙනවා. එතකොට ඒක අතෙන්ට ගියාම අහිමි වෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල්වලට මේ වර්ෂයේත් රුපියල් 6000ක ලිපිද්‍රව්‍ය දීමනාවක් දුන්නා. එතකොට මේ දරුවෝ අර වගේ පාසලකට ඇතුළත් කරාම ඒ දීමනාව පවා ඔවුන්ට අහිමි වෙනවා. ඒ අතරේ ඔවුන්ට ඇඳුම් පැළඳුම්වල, පාවහන්වල, පොත්පත්වල මේ සියල්ලේ ගැටලු මතුවෙනවා. හැබැයි ඒ කිසිදු ගැටලුවකට මේ යෝජනා ඇතුළේ විසඳුම් දීමක් මේ වෙනතෙක් සිද්ධ වෙලා නෑ, එහෙම දෙන පාටක් පේන්නත් නෑ.

මේක නෙමෙයි ඇත්තටම කරන්න ඕන දේ. මේ ග්‍රාමීය ඉතා කුඩා පාසල් නඩත්තු කිරීම කරන්න එපා කියන්නේ මේ මේ වෙනකොට තියෙන IMF යෝජනා ඇතුළු අපට අධ්‍යාපනයට ආධාර ලබාදෙන මූල්‍යමය දායකත්වය ලබාදෙන ඒ කණ්ඩායම්වල යෝජනා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ක්‍රියාත්මක වීම වෙනුවට ඇත්තටම ප්‍රාථමික පාසල්වල අද තියෙන අර්බුදයක් තමයි මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න කිව්වට එක ශ්‍රේණියේ 20-20 පන්ති කාමරයක් ඇතුළේ දරුවෝ 40ක් දාගෙන මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව කොහොමද මේ දේවල් කරන්නේ?

ඒ නිසා අනිවාර්යයෙන්ම එක ශ්‍රේණියේ, නැත්නම් එක ශ්‍රේණිය ඇතුළු ප්‍රාථමික පන්තිවල ශිෂ්‍ය සංඛ්‍යාව මේ 40 වෙන නිර්ණායකය අඩුම ගානේ 30 දක්වා වත් අඩු කරන්න ඕන. එහෙම වුණොතින් අර ග්‍රාමීය පාසල්වලත් යම් ශිෂ්‍ය සංඛ්‍යාවක් රැඳෙයි. ඒ වගේම අතිවිශාල ශිෂ්‍ය ඝනත්වයක් තියෙන පාසල්වල ඒ ඝනත්වය අඩු කරන එක තමයි කළ යුත්තේ. මේ අය බලයට එන්නේ මේ දේවල් කියාගෙන. එතකොට කළ යුත්තේ සමාන්තර පන්ති සංඛ්‍යාව විශාල වශයෙන් තියෙන පාසල්වල ඒ සමාන්තර පන්ති සංඛ්‍යාව අඩු කරලා ග්‍රාමීය පාසල්වලට ඒ අදාළ පහසුකම් සපයලා ඒ දරුවන් යොමු කරන එක. හැබැයි ඒ දේ වෙන්නේ නෑ.

ඒ වගේම මේ ගුරු හිඟයක් ගැන කතා කරනවා අවුරුදු දෙකක් තිස්සේ දැන්. පළවෙනි වතාවේ ගුරුවරු 30,000ක් බඳවාගන්නවා කිව්වා, ඊටපස්සේ අවසාන වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා ගුරුවරු 23,000ක් බඳවාගන්නවා කියලා. හැබැයි මේ අවුරුදු දෙක ඇතුළේ විශ්‍රාමගිය ගුරුවරු සංඛ්‍යාවත් 15,000කට අධික වෙනවා. එතකොට මේ ගුරු පුරප්පාඩුවලට බඳවාගැනීම් කරද්දී, බඳවාගැනීම් තරග විභාගයක් තිබ්බා, ඒ අතරේ විද්‍යාපීඨ ගුරුවරු ඉන්නවා, නැත්නම් විද්‍යාපීඨවලින් පිටවෙන අයට ගුරු පත්වීම් දෙන්න දීමේ අවශ්‍යතාවය තියෙනවා, ඒ වගේම තමයි අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉන්නවා, ඒ අය වහා බඳවාගත යුතුයි කියන යෝජනාවත් අපි කරනවා. ඒ තුළ මේ ග්‍රාමීය පාසල් වසා දැමීම කියන දේ වෙනුවට මේ ග්‍රාමීය පාසල්වලට සිසුන් යොමු කරන ක්‍රමවේදයක් භාවිත කිරීම තමයි සිදුවිය යුත්තේ."

සම්බන්ධිත පුවත් | Related News

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.