"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.
රජය විසින් එම ප්‍රතිමාව ඉවත් කිරීමට අපොහොසත් වුවහොත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පීඩාවට පත් දෙමළ, මුස්ලිම් සහ සිංහල ජනතාව සංවිධානය කර තමන් විසින්ම ප්‍රතිමාව ඉවත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එවැනි ක්‍රියාවක් සිදු කිරීමේදී අවශ්‍ය වුවහොත් සිරගත වීමට වුවද තමන් සූදානම් බව ඔහු පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ අද ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මාධ්‍ය අමතමින් සිද්ධාර්ථ් මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය:
“මේ මොහොත වන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පවතී. එසේ තිබියදීත්, ඇතැම් පුද්ගලයින් විසින් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන තිලීපන්ගේ ප්‍රතිමාවක් යාපනයේ නල්ලූර් හි පොදු ස්ථානයක ඉදිකර තිබෙනවා.
‘බිඳුනු තල්රුක’ (The Broken Palmyra) කෘතියට අනුව, තිලීපන් යාපනයේ එල්.ටී.ටී.ඊ දේශපාලන අංශ නායකයා ලෙස කටයුතු කරන සමයේ, 1987 ජූලි 2 වැනිදා යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේදී දෙමළ තරුණයන් ඝාතනය කර විදුලි කණුවක ගැටගැසීමේ සිදුවීමට පෞද්ගලිකව සම්බන්ධ වී තිබෙනවා.
'බිඳුනු තල්රුක’ කෘතිය ඔහු ගැන මෙසේ විස්තර කරනවා:
“තිලීපන් හදිසියේ අවිහිංසාවාදයට මාරු වී සිටියේ නැහැ. එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායකයා ලෙස ඔහු ප්‍රචණ්ඩකාරී පසුබිමේ ප්‍රබල කොටස්කරුවෙකු වුණා.”
මෙම කරුණු ‘බිඳුනු තල්රුක’ (The Broken Palmyra) කෘතියේ 303, 304 සහ 306 පිටුවල ලේඛනගත කර තිබෙනවා.
‘බිඳුනු තල්රුක’ කෘතිය මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ (යාපනය) සංවිධානයේ සාමාජිකයින් විසින් රචනා කරන ලද්දක් වන අතර, ඊට දිවයින පුරා සිටින විශ්වවිද්‍යාල විද්වතුන් 300 කට අධික පිරිසකගේ දායකත්වය ලැබී තිබෙනවා. ඊට දායක වූවන්ගෙන් කිහිප දෙනෙක්ම මානව හිමිකම් ආරක්ෂකයින් සඳහා වන මාටින් එනල්ස් සම්මානය (Martin Ennals Award) ඇතුළු ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ මහාචාර්යවරුන් වනවා. මෙම ප්‍රකාශනය මගින් තිලීපන්ට එරෙහිව ඇති ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිබඳ චෝදනා ලේඛනගත කර ඇති අතර ඊට අදාළ සාක්ෂි ද සපයනවා.
එබැවින් පැන නගින ප්‍රශ්නය නම්: ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලාත්මකව පවතින විට, තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙකු අනුස්මරණය කරන ප්‍රතිමාවක් ප්‍රසිද්ධ ස්ථානයක මෙතරම් විවෘතව ඉදිකරන්නේ කෙසේද යන්නයි.
ප්‍රතිමාව ඉදිකිරීම පමණක් නොව, එල්.ටී.ටී.ඊ ය සහ එහි ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නංවන ගීත ද එම ස්ථානයේ වාදනය කර ඇති බව වාර්තා වනවා.
මෙම නීතිවිරෝධී ක්‍රියාවට වගකිවයුත්තන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අදාළ විධිවිධාන යටතේ විමර්ශනය කර, සුදුසු නීතිමය පියවර ගෙන, වගකිවයුත්තන් අධිකරණය හමුවට පමුණුවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
තිලීපන්, කුට්ටිමනි සහ තංගතුරෙයි වැනි පුද්ගලයින්ගේ ප්‍රතිමා ඉදිකරනවා වෙනුවට, මේ රටට සහ සමාජයට සේවය කළ විද්වතුන් සහ බුද්ධිමතුන් ඇගයීම සඳහා ප්‍රතිමා ඉදිකළ යුතුයි.
යාපනයේදී අප ගෞරව කළ යුත්තේ, යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය තුරෙයිරාජා මෙන්ම මහාචාර්ය රාජිනි තිරණගම, මහාචාර්ය කෝපාලසිංහම් ශ්‍රීධරන්, මහාචාර්ය රාජන් හූල් සහ මහාචාර්ය දයා සෝමසුන්දරම් වැනි විද්වතුන්ට සහ බුද්ධිමතුන්ටයි.
අපේ සමාජය දැනුම අගය කරන සමාජයක් විය යුතු නම්, අප විසින් සැමරිය යුත්තේ අපේ සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් කැපවූ විද්වතුන් සහ බුද්ධිමතුන්වයි. ඔවුන් අපේ දරුවන්ගේ ආදර්ශමත් චරිත බවට පත් කළ යුතුයි.
ලොව පුරා සමාජයන්, තමන්ගේ ප්‍රජාවන්ට දායකත්වය ලබාදුන් විද්වතුන්ට, බුද්ධිමතුන්ට සහ පුද්ගලයින්ට ගෞරව කිරීම සාමාන්‍ය සිරිතයි. නමුත් මෙහිදී ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින්ව ප්‍රතිමා මගින් සමරන විට, අනාගත පරපුරට ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමට උගන්වනු ඇතැයි යන අවදානමක් පවතිනවා.
සමාජයේ මනස තුළ වල් පැල සිටුවමින් ඔවුන් අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඔබ සිටුවන්නේ වල් පැල නම්, අනාගත පරපුරට උරුම වන්නේද වල් පැලයි.
අවසාන වශයෙන්, යුද්ධයක ජයග්‍රාහකයින් නොමැති බවත්, අවසානයේදී සියලු දෙනාම පරාජයට පත්වන බවත් තම දරුවන්ට කියා දෙන ලෙස මම දෙමළ දෙමාපියන්ගෙන් සහ අපේ ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. යුද්ධයේ වීරයන් නොමැති බවත්, යුද්ධයේ කිසිදු කීර්තියක් නොමැති බවත් ඔබේ දරුවන්ට උගන්වන්න.
යුද්ධ වළක්වා ගැනීමේ ගෞරවයක් ඇති බවත්, යුද්ධ වළක්වමින් මිනිස් ජීවිත ආරක්ෂා කරන පුද්ගලයින් වීරයන් ලෙස සිහිපත් කර ගෞරව කළ යුතු බවත් ඔවුන්ට උගන්වන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..