News Category
From Date
To Date
Maximum Number of Result

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

Sep 18, 2026 at 06:13 PM
|

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු වූ තිලීපන් හෙවත් රාසයියා පාර්දීපන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර, ඊට මල් පහන් පුදමින් ප්‍රසිද්ධියේ වීරත්වයට නැංවීමේ සිදුවීම විමල් වීරවංශ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීම සහ ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධියේ ඇගයීම නීතියෙන් තහනම් කර තිබියදීත්, මෙම නීති විරෝධී ක්‍රියාවන් සඳහා ආණ්ඩුවේ අනුදැනුම සහ අනුබලය හිමිව ඇති බව හෙතෙම පවසයි. පාසල් දරුවන් නිල ඇඳුමින් ගුරුවරුන් සමඟ පැමිණ මෙවැනි සැමරුම්වලට එක්වන්නේ විදුහල්පතිවරුන්ගේ අවසරය ඇතිව බව පෙන්වා දෙන වීරවංශ මහතා ඒ සදහා ආණ්ඩුවේ ආශීර්වාදය හිමිව ඇති බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී ඩයස්පෝරාව සමඟ ඇති කරගත් එකඟතාවයන් සහ ලැබුණු මුදල් කුට්ටි නිසා උතුරේ ජාතිවාදයට සහ අන්තවාදයට නිදහසේ වැඩෙන්නට ඉඩ දී ඇති බවත් පෙන්වා දුන්නේය.

“මේ ජාතිවාදී විෂ දෙමළ ජනතාවගේ අලුත් තරුණ දරු පරම්පරාවලට පොවන්න මේ යන්නේ. ඒ අස්සේ බලන්නකෝ, පාසල් නිලඇඳුම ඇඳගෙන, ගුරුවරියොත් එක්ක දෙමළ පාසල්වල දරුවෝ අරන් ඇවිල්ලා තිලීපන්ගේ ප්‍රතිමාවට පුද පූජා පවත්වනවා! ඒ කොහොමද එහෙම වෙන්නේ?

පාසල් දරුවන් යම්කිසි උත්සවයකට සහභාගී වෙනවා නම් විදුහල්පතිගේ අනුමැතිය ඕනෑ. පාසල් දරුවන්ට නිලඇඳුමෙන් සහභාගී වෙන්න විදුහල්පතිගේ අනුමැතිය නැතුව බෑ. එතකොට ඒකෙන් පැහැදිලිවම පේනවා මෙතන කෙරෙන්නේ ආණ්ඩුවේ අනුදැනුම සහ අනුබලය ඇතුව තමයි මේ නිදහසේ ජාතිවාදී බෙදුම්වාදී විෂ පොවන්න, කොටි සංවිධානයට ගැති මිනිස්සුන්ට ඉඩ හදලා දීලා තියෙන්නේ.

එතකොට ජනාධිපතිතුමා කියනවා හැමවෙලේම “කිසිදු ජාතිවාදයකට දැන් ඉඩක් නෑ” කියලා. ඒ හැබැයි දෙමළ ජාතිවාදයට හැර. කිසිදු ජාතිවාදයකට ඉඩක් නැත්නම් ඒ පෙන්නන්නේ ජාතිවාදය මොකක්ද? ඒක ජාත්‍යන්තරවාදයද? දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට නිදහසේ වැඩෙන්න ඉඩහැරලා තියෙනවා මේ නීතිය නොසලකා හැරලා අද වෙනකොට.”

එමෙන්ම, උතුරේ ත්‍රස්තවාදී නායකයන් සැමරීමට ඉඩදෙන අතරතුර, නැගෙනහිර දිවුලපතාන සිංහල ගොවීන්ට තමන්ගේ වගාබිම්වලට ඇතුළු වීමට මහවැලි අධිකාරිය හරහා බාධා පමුණුවන බවත්, වවුනියාවේ වඩුන්නාගල ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ වීමට ඉඩහැර ඇති බවත් පැවසූ ඒ මහතා, මෙය ආණ්ඩුවේ සැබෑ ජාතිවාදී මුහුණුවර බව හෙළිදරව් කළේය.

මූලධර්මවාදී සහ ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොලිසිය දක්වන වෙනස් සැලකිල්ල පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ, සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති “අර්ජුනා රාමනාදන්” නැමැති තැනැත්තාගේ සිදුවීම ද විමල් වීරවංශ මහතා උදාහරණයට නැඟීය.

ජනාධිපතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රචාරක කටයුතුවලට සහය දැක්වූ අර්ජුනා, විපක්ෂයේ වේදිකාවට ගොඩවී “නැවත දෙමළ ඊලාම් රාජ්‍යයක් හැදෙන්න දෙන්නේ නෑ”යි ප්‍රකාශ කළ සැනින් ඔහුව “කොටියෙකු” ලෙස හඳුන්වමින් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඒ මහතා සඳහන් කළේය. මාලිමාවේ සිටින විට හොඳ පුද්ගලයකු වන අයෙකු විපක්ෂයට එක්වූ වහාම ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසීමට උත්සාහ කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමේ සහ “ද්විත්ව ප්‍රමිතියේ” තරම පැහැදිලි වන බව හෙතෙම අවධාරණය කළේය.

“එතකොට ජනාධිපතිතුමා කියනවා හැමවෙලේම “කිසිදු ජාතිවාදයකට දැන් ඉඩක් නෑ” කියලා. ඒ හැබැයි දෙමළ ජාතිවාදයට හැර. කිසිදු ජාතිවාදයකට ඉඩක් නැත්නම් ඒ පෙන්නන්නේ ජාතිවාදය මොකක්ද? ඒක ජාත්‍යන්තරවාදයද? දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට නිදහසේ වැඩෙන්න ඉඩහැරලා තියෙනවා මේ නීතිය නොසලකා හැරලා අද වෙනකොට.”

වත්මන් ආණ්ඩුව "හොරු ඇල්ලීම" නමැති ව්‍යාජ ආඛ්‍යානය ඉදිරියට දමමින් තමන්ට තර්ජනයක් විය හැකි දේශපාලන ප්‍රතිවාදීන් තෝරාගෙන දඩයම් කරන බවටද වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අය (මලික් සමරවික්‍රම) සහ කැසිනෝ ව්‍යාපාරිකයන් (ධම්මික පෙරේරා) ළං කරගනිමින්, බාල ගල්අඟුරු ගෙන ඒමෙන් සිදුවූ කෝටි ගණනක පාඩුව සහ කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව පිටවීම වැනි මහ පරිමාණ දූෂණ හමුයේ ආණ්ඩුව නිහඬව සිටින බව ඒ මහතා පැවසීය.

මෙම සියලු ක්‍රියාමාර්ගවල අවසන් අරමුණ වන්නේ විපක්ෂයේ ප්‍රබල හඬවල් සිරගත කර ප්‍රතිවාදීන් නැති දේශපාලන පිටියක් නිර්මාණය කර ගැනීමත්, ඒ හරහා රටට අහිතකර ඕනෑම පාවාදීමක් බාධාවකින් තොරව සිදු කිරීමත් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

විපක්ෂයේ සිටියදී කොවිඩ් වසංගත සමයේ පවා ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන මෙහෙයවූ ජාතික ජන බලවේගය, අද වෙනත් වෘත්තීය සමිති සිය අයිතිවාසිකම් වෙනුවෙන් කරන වර්ජන මහජන පීඩාවක් ලෙස හැඳින්වීම හාස්‍යජනක බව පැවසූ වීරවංශ මහතා, ආණ්ඩුවේ අඩපණ කිරීමේ සහ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව සියලු විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉදිරියේදී දැවැන්ත ජනතාවාදී විරෝධතාවලට පෙළගැසෙන බව ප්‍රකාශ කළේය.

රණවිරුවන් ලේ දහදිය හලා දිනාදුන් නිදහස සහ සාමය පාවාදීමේ මෙම ගමනට ඉඩ නොදෙන ලෙසත්, මේ පිටුපස ඇති අනතුර නුවණින් වටහා ගන්නා ලෙසත් ඒ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්.... 

"සුබ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට!

මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න අපි කල්පනා කළේ පසුගිය දිනවල යාපනයේ නල්ලූර් නුවර දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ ඊනියා වීරයකු වන තිලීපන් හෙවත් රාසයියා පාර්දීපන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කරලා, ඒ ලෝකඩ ප්‍රතිමාවට මල් පහන් පුද පූජා පවත්වන සිදුවීමක් වාර්තා වුණ නිසා.

අපි දන්නවා මේ තිලීපන් කියන්නේ කවුද කියලා. එල්ටීටීඊය වෙනුවෙන් ඔහු මියයන වෙලාව වෙනකොට ඔහු එල්ටීටීඊ දේශපාලන අංශ සාමාජිකයෙක්. හැබැයි ඔහු මුලදී, 1986දී එල්ටීටීඊ සන්නද්ධ අංශ සාමාජිකයෙක්. 86 වෙනකොට හමුදාවත් එක්ක ඇතිවෙච්ච ගැටුමකදී ඔහුගේ උදරයට තුවාල ඇතිවෙනවා. එයින් පසුව තමයි ඔහු යාපනයේ නායකයා හැටියට, යාපනය දිස්ත්‍රික් නායකයා හැටියට කොටි සංවිධානයේ දේශපාලන අංශයේ වැඩ කටයුතු කරන්නේ.

මේ පුද්ගලයා 1987 සැප්තැම්බර්වල මාරාන්තික උපවාසයක නිරත වෙද්දී තමයි මියයන්නේ. හැබැයි මිය යනකොටත් ඔහුගේ ඉල්ලීම් වුණේ සිංහල ජනතාව උතුරු නැගෙනහිර පදිංචි කිරීම නතර කරන්න, ඒ වගේම හමුදාව හා පොලීසිය අලුතෙන් ස්ථානවල පිහිටුවන එක නතර කරන්න, ආදී වශයෙන් දෙමළ ජාතිවාදී බෙදුම්වාදී උවමනාවට අනුකූල වෙච්ච ඉල්ලීම් තමයි ඔහු තිබ්බේ. උදාහරණයක් හැටියට ඔහුගේ එක ඉල්ලීමක් තමයි ඒ වෙනකොට තිබුණු ආණ්ඩුව සිවිල් ආරක්ෂක බලකාය වගේ ඒවා හදලා තර්ජිත ගම්මානවල තරුණයන්ට, පවුල්වල අයට රජයෙන් දීලා තිබ්බ අවි ආයුධ ඉන්දියානු හමුදාව භාරයට දෙන්න කියන එක.

එතකොට මේ ත්‍රස්තවාදී නායක තිලීපන්ව එල්ටීටීය සලකන්නේ “ලුතිනන් කර්නල්” කෙනෙක් හැටියට. දැන් ඔය හදලා තියෙන ලෝකඩ ප්‍රතිමාවේ යටින් තියෙන දෙමළ වාක්‍ය අතර තියෙනවා ඔහුව හඳුන්වන්නේ “ලුතිනන් කර්නල් තිලීපන්” කියලා. ලුතිනන් කර්නල් කියන්නේ යම්කිසි නිල හමුදාවක නිලයක්, අධිකාරි බලයක්. ඔය නිලය ලංකාවේ රාජ්‍ය හමුදාවට දෙන්නේ, සාමාන්‍යයෙන් ඒ නිලය දෙන්න පුළුවන් සේනාධිනායකයාට, ජනාධිපතිවරයාට. එතකොට “ලුතිනන් කර්නල්” කියන හැඳින්වීමෙන්ම පේනවා ඔහු සන්නද්ධ ත්‍රස්තවාදියෙක් කියන එක.

දැන් බලන්න, අපේ රටේ දැන් පවතින නීතියට අනුව තවමත් අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකයේ රටවල් ගණනාවක එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක්. අපේ රටේ නීතියට අනුව එල්ටීටීඊ සංවිධානයේ ලාංඡන, කොඩි ප්‍රදර්ශනය, ප්‍රචාරණ කටයුතු සහ වීරත්වයට නගමින් ප්‍රසිද්ධියේ ඇගයීමට ලක්කිරීම තහනම්. ඒ කියන්නේ ප්‍රවර්ධනය තහනම්.

දැන් මේ වෙන්නේ මොකක්ද? තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමාව හදලා, පෝලිමේ ඇවිල්ලා මල් පහන් පුද පූජා පවත්වලා, ශබ්ද විකාශන යන්ත්‍රවලින් තිලීපන් වීරයෙක් කරන ගීත ඇහෙන්න සලස්වලා... මේ මොකක්ද මේ කරන්නේ?

එතකොට නීතිය කාටත් පොදුයිනේ. දැන් ජනාධිපතිවරයාත් හැමතිස්සේම කියනවා, අගමැතිනියත් හැමතිස්සේම කියනවා “නීතිය කාටත් පොදුයි, එක හා සමානයි” කියලා. එතකොට මේ නීතිය උල්ලංඝනය කරන දෙමළ ජාතිවාදී කල්ලිවලට කොහෙද ලංකාවේ නීතියේ ක්‍රියාත්මක භාවය? එතනදී නීතිය ලත් තැනම ලොප් වෙන්නේ ඇයි? ත්‍රස්තවාදය ඉවර කරපු මිනිස්සුන්ව හිරේ දාන්නද නීතිය තියෙන්නේ? ත්‍රස්තවාදයට නැවත පනගන්වන්න, ප්‍රවර්ධනය කරන්න ඉඩ දෙන්නද නීතිය තියෙන්නේ?

මෙතන පැහැදිලිවම පේනවා පසුගිය ජනාධිපතිවරණයේදී ඇති කරගත් එකඟතාවයට අනුව, ඔවුන්ගෙන් ලැබිච්ච මුදල් කුට්ටිවලට අනුව සිදු වෙන දේ තමයි උතුර සහ නැගෙනහිර භූමියේ දෙමළ බෙදුම්වාදී ජාතිවාදයට නිදහසේ වැඩෙන්න, නීතියට පිටින් වැඩෙන්න, නීතිය නොසලකා හැරලා වැඩෙන්න අද නිදහස දීලා තියෙනවා, ඉඩකඩ දීලා තියෙනවා.

මේ ජාතිවාදී විෂ දෙමළ ජනතාවගේ අලුත් තරුණ දරු පරම්පරාවලට පොවන්න මේ යන්නේ. ඒ අස්සේ බලන්නකෝ, පාසල් නිලඇඳුම ඇඳගෙන, ගුරුවරියොත් එක්ක දෙමළ පාසල්වල දරුවෝ අරන් ඇවිල්ලා තිලීපන්ගේ ප්‍රතිමාවට පුද පූජා පවත්වනවා! ඒ කොහොමද එහෙම වෙන්නේ?

පාසල් දරුවන් යම්කිසි උත්සවයකට සහභාගී වෙනවා නම් විදුහල්පතිගේ අනුමැතිය ඕනෑ. පාසල් දරුවන්ට නිලඇඳුමෙන් සහභාගී වෙන්න විදුහල්පතිගේ අනුමැතිය නැතුව බෑ. එතකොට ඒකෙන් පැහැදිලිවම පේනවා මෙතන කෙරෙන්නේ ආණ්ඩුවේ අනුදැනුම සහ අනුබලය ඇතුව තමයි මේ නිදහසේ ජාතිවාදී බෙදුම්වාදී විෂ පොවන්න, කොටි සංවිධානයට ගැති මිනිස්සුන්ට ඉඩ හදලා දීලා තියෙන්නේ.

එතකොට ජනාධිපතිතුමා කියනවා හැමවෙලේම “කිසිදු ජාතිවාදයකට දැන් ඉඩක් නෑ” කියලා. ඒ හැබැයි දෙමළ ජාතිවාදයට හැර. කිසිදු ජාතිවාදයකට ඉඩක් නැත්නම් ඒ පෙන්නන්නේ ජාතිවාදය මොකක්ද? ඒක ජාත්‍යන්තරවාදයද? දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට නිදහසේ වැඩෙන්න ඉඩහැරලා තියෙනවා මේ නීතිය නොසලකා හැරලා අද වෙනකොට.

ඉතින් ඒ නිසා තමයි අපිට කියන්නේ, එහෙම වෙනකොට නැගෙනහිර දිවුලපතාන සිංහල ගොවීන්ට වගාබිමට ඇතුල් වෙන්න මහවැලි අධිකාරිය දෙන්නේ නෑ. දම්මින්න පිවිසුම වහලා දානවා. අරහෙන් තිලීපන්ගේ ප්‍රතිමා හදලා උත්සව තියෙනවා නීතියට පිටින්. නැගෙනහිර දිවුලපතාන සිංහල ගොවියාට මහවැලි ඉඩමට වගා කරන්න යන්න දෙන්නේ නෑ, වැසි වැස්සට පස්සේ පිවිසුම වහලා දානවා. මේක තමයි නියම ජාතිවාදය. දෙමළ ජාතිවාදයට, අන්තවාදයට ඕන විදියට වැඩකරන ආණ්ඩුව තමයි මේ රටේ ජාතිවාදී ආණ්ඩුව.

තව ඕනතරම් කියත හැකියි බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලට සිදුවෙන අගතිය ගැන, වවුනියාවේ වඩුන්නාගල ඇතුළුව. ඒ නිසා එක ජාතිවාදයකට වැඩෙන්න නිදහස දීලා, 'කිසිදු ජාතිවාදයකට ඉඩ දෙන්නේ නෑ' කියලා කිව්වට හරියන්නේ නෑ. ඒ ඒ ජාතිවාදයට වැඩෙන්න ඉඩ දෙන එක නවත්වන්න ඕනා. මේගොල්ලෝ ඒක නෙවෙයි කරන්නේ. 'කිසිදු ජාතිවාදයකට වැඩෙන්න ඉඩ දෙන්නේ නෑ' කියලා සිංහල මිනිහා විතරක් යටත් කරලා, අනෙකුත් සියලු ජාතිවාදීන්ට නිදහසේ වැඩෙන්න, නිදහසේ රඟපාන්න ඉඩකඩ හදලා දීලා තියෙනවා. ඒකෙන් පේන්නේ මේගොල්ලෝ සහ ඒ ඩයස්පෝරාවත් එක්ක ජනාධිපතිවරණයට පෙර සිටම ඇතිවෙච්ච සම්මුතිය, එකඟතාවය.

ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට අවධාරණය කරනවා, මොවුන්ට ඡන්දය දුන් නොදුන් සියලු ජනතාවට අපි අවධාරණය කරනවා, කරුණාකරලා මේ තත්ත්වය දිහා ගැඹුරින් බලන්න. අත් ඉස් මස් ලේ දන්දීලා අපේ රණවිරුවෝ මේ රටේ සාමය උදා කළේ. ඒ මහ සුවහසක් ජීවිත දන්දීලා උදා කරපු සාමය නැතිභංග කරන මාවතේයි අද මේ රට අරගෙන යන්නේ. ඒකට ඉඩ තියන්න එපා. ඒකට ඉඩ දීලා බලාගෙන ඉන්න මිනිස්සු කරන්නේ දිවිදුන් රණවිරුවන්ගේ සොහොන් කොත් උඩට වෙලා පහරණ එක ඇරෙන්න වෙන දෙයක් නෙවෙයි.

ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.

මාධ්‍යවේදියා: 

ඇමතිතුමා, සඳහන් කරන්නේ නිතරම මේ තිලීපන් පිළිබඳවත් ඒ එක්කම මේ ජාතිවාදය පිළිබඳවත්. දැන් පසුගිය දවසේ ආණ්ඩුව පැත්තෙන් නැඟුණු චෝදනාවක් තමයි මේ ඔබතුමා හිටිය වේදිකාවේ අනුරාධපුරේ, අර්ජුනා මහත්මයා එයා කොටියෙක් කිව්වා, මේ සිංහයෙක් කිව්වා, ඕක කොටි බව පිළිගන්න...

විමල් වීරවංශ මහතා: 

ඔය ඉන්නේ අර්ජුනා, බලාගන්නකෝ. ඔය ජනාධිපතිවරණයේ හිටපු අර්ජුනා. ඔය බලන්න කාටද උදව් කරලා තියෙන්නේ කියලා, මාලිමාවට. ආ, ඔය එයාගේ ප්‍රොෆයිල් පික්චර් එක. එතකොට, ඩයස්පෝරාවෙ එකේ සල්ලිවල අනුග්‍රහයෙන් ජනාධිපතිවරණය ඉල්ලනකොට අර්ජුනා එයාට සහය දෙනවා. ඒ අර්ජුනා මරු! ඒ අර්ජුනා වෙන විරුද්ධ පක්ෂයේ වේදිකාවකට නැග්ගම කොටියා වෙනවා. ඒ කොටියා වෙනවායි කියලා කියන අර්ජුනා ඒ වේදිකාවේ කියනවා 'නැවත මගේ ජීවිතයේ අවසාන වෙනකන් දෙමළ ඉල්ලමක් හැදෙන්න දෙන්නේ නෑ, සිංහල ජනතාවත් එක්ක ගැටෙන්න දෙන්නේ නෑ' කියලා. ඒකයි කියන්නේ. ඒ... හරි, එයා කොටියා කියලා පොලිස් පරීක්ෂණ පටන් ගන්නවා. අරෙහෙන් තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමා හදලා නිදහසේ සමරන්න ඉඩ දෙනවා. ඉතින් ඔය තමයි අර්ජුනා, ඔන්න බලාගන්න. දැන් ඉතින් ආණ්ඩුවට පුළුවන් තමන්ටම ඔළුවට ටොක්කක් ඇනගන්න.

මාධ්‍යවේදියා: 

ඒ කියන්නේ අර්ජුනා මේක අතහැරියා කියන එකද කියන්නේ?

විමල් වීරවංශ මහතා: 

ඒක අර්ජුනාගෙන් අහන්න, මම මේ කියන්නේ අර්ජුනා ජනාධිපතිවරණය වන විට හිටපු අර්ජුනා ඔය.

මාධ්‍යවේදියා: 

නෑ, ඔහු ඒක වරක් පවසනවා, ආ මේ අයට සල්ලි දුන්නා මේගොල්ලන්ටත් සල්ලි දුන්නා කියලා. එක පැහැදිලියිද?

විමල් වීරවංශ මහතා: 

ඒව මං දන්නේ නෑ, ඒගොල්ලෝනේ. මම ඒ සාකච්ඡාවල ඉඳලා නෑනේ. කොහොමත් ඩයස්පෝරාවෙකින් අනුර කුමාර දිසානායකගේ ඡන්දෙට සල්ලි දුන්නා. ඩයස්පෝරාවෙ උදව්ව ලැබුණා, නැත්නම් උතුරේ නැගෙනහිර ඔය මේ මහ සහජීවනයක් මුල්කොට ගත්තු ඡන්දයක් නෙවෙයි. ඔන්න ඔය වැඩවලට ඉඩ දෙනවා කියන සම්මුතිය අනුව, තව තව තියෙනවා කරන්න දේවල් අනුර. ඒවා කරන්න තමයි. ඒවා කරනකොට අපි බාධාවක් වෙන හින්දා තමයි අපිව හිරේ දාන්නේ, 22 අරන් එන්නේ. කතා කරන මිනිහෙක් මේ දේශපාලන පිටියේ ඉතුරු නොකර තියාගන්න ඕනේ හින්දා, ඒවට විරුද්ධව. මේ ඔක්කොම එකට බැඳිච්ච මෙහෙයුමක්.

මාධ්‍යවේදියා: 

දැන් මේකෙත් මේ වෙද්දී හොරු අල්ලනවා කියන තේමාව යටතේ නාමල් මහත්මයාව සිරගත කරන්න කොටස් තිබෙනවා, එතකොට ඊයේ වෙද්දී තවත් ඔහු ප්‍රධාන ලේකම්වරයෙක් සිරගත කරනවා... එතකොට මේ වෙන්නෙත් ඔබ කියන මේ ක්‍රියාත්මක වන හස්තයක්ද?

විමල් වීරවංශ මහතා: 

ඔව්, බොහොම පැහැදිලිව. මෙතන අද වෙන්නේ හොරු අල්ලනවා කියන “ව්‍යාජ ආඛ්‍යානය” ඉදිරියට දාලා, මහ බැංකු හොරකමට මහ බැංකුව ඇතුලටම ගිය මලික් සමරවික්‍රමල තුරුල්ලේ තියාගෙන සනසන ගමන්, කැසිනෝ ධම්මිකල තුරුල්ලේ තියාගෙන සනසන ගමන්, හොරු අල්ලනවා කියලා තෝරාගත්තු පිරිසක් දඩයම් කිරීම අරමුණු කරගත්තා වූ මෙහෙයුමක්. ඒකෙ තියෙන්නේ දේශපාලන ටාගට් එකක්.

අනිත් අතට හොරු අල්ලනවා කියන අය, බුදු අම්මේ බලන්න බාල ගල්අඟුරු හොරකම කොච්චර හොරකමක්ද? අද නැව් දෙකක තරම් ප්‍රමාණයක් බාල ගල්අඟුරු හිඟයි, ඇවිල්ලා නෑ. එතකොට ගෙනාපු ගල්අඟුරුත් බාලයි. අද නොරොච්චෝලේ වැඩකරන්නේ බාගෙට. ඩීසල් විදුලිය තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. ඒ හොරකම ගැන වගේ වගක් නෑ. කන්ටේනර් 323ක් එලියට රිංගලා එලියට ගියා, පරීක්ෂා කළේ නෑ. දැන් කුඩු කන්ටේනර් අල්ලුවා, අල්ලපු ඩී අයි ජීට එරෙහිව පරීක්ෂණ කරනවා. මේ වගේ හොරකම් කරන ගමන්, ඒ ඔක්කොම කරන ගමන්, ඔවුන් හොරු අල්ලනවා කියලා තමන්ට තර්ජනයක් වෙන, තමන්ට අභියෝගයක් වෙන දේශපාලන චරිත සහ ඒ හා බැඳුණු චරිත ඉලක්ක කරලා දඩයමක් යනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිවාදියෙක් නැති දේශපාලන පිටියක් නිර්මාණය කරගැනීම. ප්‍රතිවාදියෙක් නැති දේශපාලන පිටියක් නිර්මාණය කරගත්තම හිතෙන හිතෙන ඕනම පාවාදීමක් කරන්න පුළුවන් බාධාවකින් තොරව.

මාධ්‍යවේදියා: 

ඒ කියන්නේ නඩුවක්ද උසාවියේ අහන්නේ? දැන් ඊළඟට එන්න තියෙන්නේ ඒක, තාම පරණ ඒවනේ අහන්නේ, එහෙම හිතන්න අමාරුයි.

විමල් වීරවංශ මහතා: 

ඔබට හිතන්න අමාරු නම් තව ටිකක් කල් යනකොට හොඳට හිතෙයි. බලාගෙන ඉන්න.

මාධ්‍යවේදියා: 

ඒ කියන්නේ අලුත් ඒවා එන්නෙම නැද්ද?

විමල් වීරවංශ මහතා: 

අලුත්ද පරණද වැඩක් නෑනේ.

මාධ්‍යවේදියා: 

දැන් මේ 22ට විරෝධය පාන්න, දැන් සමගි ජන බලවේගයේ 24 පාර්ලිමේන්තුව වටලන්න යනවා, දැන් ඔබ අනුරාධපුරේ හිටියා, මෙහේ ඉන්නේ නැද්ද?

විමල් වීරවංශ මහතා: 

නෑ, මම ඊයේ අර සිවිල් සංවිධානවලින් කැඳවපු සාකච්ඡාවට සහභාගී වුණා. එතනදී තීරණය වුණා සියලු පක්ෂවල සහයෝගයෙන් ඒ 24 විරෝධතාවය සිදු කරන්න. ඒකට එකඟව අපි එක්තරා ප්‍රකාශනයකටත් අත්සන් තැබුවා. ඒ වගේම අපි එතනදී ගත්තු තීරණය අනුව තවදුරටත් සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා. කෙසේවෙතත් අපි සියලුදෙනා, සියලු දේශපාලන පක්ෂ, විපක්ෂයේ ඒ අවස්ථාවට සහභාගී වෙන්න නියමිතව තියෙනවා.

මාධ්‍යවේදියා: 

ඊයේ අපි දැක්කා මේ රනිල් මහත්තයයි සජිත් මහත්තයයි එකටම තමා ගමන් කරන්නේ, දැන් ඔවුන්ගේ සන්ධානයක් හැදෙනවා නම් ඔබ කොතනද ඉන්නේ?

විමල් වීරවංශ මහතා: 

එකට ගමන් කරාද කියලා නම් මං දන්නේ නෑ, මාධ්‍යවේදීන්ට නම් ආවරණය කරන්න දුන්නේ නෑ කියලා මං දැක්කා. ඇයි දන්නේ නෑ එකට ගමන් කරනකොට මාධ්‍යවේදීන්ව පන්නගන්නේ?

මාධ්‍යවේදියා: 

ඇතුල් වෙනවා ඒකට ගන්න දුන්නා...

විමල් වීරවංශ මහතා: 

ඕ ඇතුල් වෙනවා ඒකට ගන්න දුන්නා, පිට වෙනවා ගත්තේ නැතුව ඇති. මං හිතුවේ ඇතුල හිටිය විදිය ගන්න දුන්නේ නෑ. ඒකෙන් පේනවා ඒකෙ යම් අමුත්තක්. සංවිධානය කරපු අයට ඕනකම තියෙන්නේ වෙන දෙයක් කියලා.

මාධ්‍යවේදියා: 

ඔබ හිතන්නේ එතන අලුත් සන්ධානයක් ගොඩනැගෙයිද?

විමල් වීරවංශ මහතා: 

ඒවා දන්නේ නෑ. ඒවා ඒගොල්ලන්ගේ වැඩනේ.

මාධ්‍යවේදියා: 

ඔබතුමාලගේ සාකච්ඡාවෙන් එකත් සන්ධානයකටද...

විමල් වීරවංශ මහතා: 

නෑ නෑ නෑ, එතන මොනවත් සන්ධාන කතා නෑ. මේ වනකන් කිසිම දේශපාලන සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ සාකච්ඡාවක් විපක්ෂය ඇතුලේ නෑ. මේ තියෙන්නේ ඇතිවෙමින් තිබෙන අවදානම් සහගත, රටට අහිතකර තත්ත්වයට මහජනතාව දැනුවත් කිරීම සඳහා, ඊට එරෙහිව පියවර ගැනීම සඳහා එක්සත්ව කටයුතු කිරීමක් පමණයි.

මාධ්‍යවේදියා: 

පහුගිය කාලේ කිව්වා මේ වර්ජන තිබ්බේ ආණ්ඩුවේ මේ ජේ වී පී කට්ටිය තමා වර්ජනය කළේ, දැන් ආයෙ වර්ජන පටන් අරන්, දුම්රිය වර්ජනය මෙහෙම යනවා...

විමල් වීරවංශ මහතා: 

ඔව් ඉතින් ජේවීපී ආණ්ඩුව කියන කතාව අහන්නකෝ.

මාධ්‍යවේදියා: 

බිමලෙ කිව්ව ඒවද?

විමල් වීරවංස මහතා: 

ඔව්, දුම්රිය වර්ජනයේ ඒගොල්ලෝ කරනකොට හොඳයි. එතකොට ඒක මේ සාධාරණ, යුක්ති සහගත, අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයක්. ඒගොල්ලෝ ආණ්ඩුවට ඇවිල්ලා අනිත් වෘත්තීය සමිති ඒ වර්ජනය කරනකොට නරකයි. එතකොට මහජනයාව හිරිහැරයට පත් කිරීමක්, පීඩාවට පත්කිරීමක්.

බුදු අම්මේ මහජනයා ගැන ඔය වේදනාව, කැක්කුම, දුක විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ තිබුණා නම් මේ රටට කොච්චර හොඳද? දැන් මොකද මහජනයා ගැන එච්චර දුකක්? කොවිඩ් කාලෙත් වර්ජන කරපු කට්ටියක් ඔය. කොවිඩ් වසංගතයට රට ගොදුරු වෙලා තියෙද්දීත් සටන්පාඨ කියාගෙන සටන් කරපු කට්ටියක් ඔය. දැන් කතා කරනවා මහජනයාට වෙන පීඩාව ගැන. ඔය වැඳි බණ අහනකොට තමයි මේ ගඟේ මාළු ඇඟේ නටන්නේ."


සම්බන්ධිත පුවත් | Related News

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.