රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
මෙම පනත් කෙටුම්පත ජනාධිපති ට්‍රම්ප්ගේ අත්සනින් යුතුව නීතියක් බවට පත්වීමට නියමිත අතර, ඒ හමුවේ දැඩි අවදානමකට ලක්ව සිටින ප්‍රධානතම රටවල් වන්නේ රුසියානු බොරතෙල් විශාල වශයෙන් මිලදී ගන්නා ඉන්දියාව සහ චීනය බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
යුක්රේන ආක්රමණයත් සමඟ බටහිර වෙළෙඳපොළෙන් ඉවත් කෙරුණු රුසියානු බොරතෙල්, ඉහළ වට්ටම් සහිතව මිලදී ගනිමින් පසුගිය වසර හතරක කාලය තුළ සිය ආර්ථික වාසිය සලසා ගැනීමට ඉන්දියාව සමත් විය. එමඟින් ඉන්දියාව ඩොලර් බිලියන 12.6ක පමණ මුදලක් ඉතිරි කරගෙන ඇති බව ගණන් බලා තිබේ.
කෙසේ වෙතත්, අමෙරිකාවේ මෙම නව නීතිමය පියවරත් සමඟ එම ආර්ථික වාසිය ඉන්දියාව හමුවේ බරපතළ භූ-දේශපාලනික අවදානමක් බවට පත්ව ඇතැයි බීබීසී වාර්තාව පෙන්වා දෙයි.
අදාළ නීතිය යටතේ රුසියාවෙන් ඉන්ධන ආනයනය සීමා කිරීමට හෝ වොෂින්ටනය සමඟ සාකච්ඡා කිරීමට රටවලට දින 180ක කාලයක් හිමිවන නමුත්, ජනාධිපතිවරයාට එම කාලසීමාව කෙටි කිරීමේ බලයද පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ, මෙම තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, සිය රටේ බිලියන 1.4ක් වන ජනතාවගේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට කැපවී සිටින බවත්ය. මෙම කරුණ සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා අමෙරිකානු බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූ බවද ඉන්දියාව පවසයි.
අමෙරිකාව පැනවීමට සූදානම් වන මෙම තීරුබදු ඉන්දියාවට ආනයනය කෙරෙන රුසියානු තෙල් මත පනවන බද්දක් නොව, ඉන්දියාවෙන් අමෙරිකාවට අපනයනය කරනු ලබන ඉලෙක්ට්‍රොනික උපාංග, ඖෂධ, යන්ත්‍ර සූත්‍ර ඇතුළු භාණ්ඩ මත පනවන බද්දක් බැවින් එය ඉන්දීය අපනයන ක්ෂේත්රයට, ඉන්දීය රුපියලට මෙන්ම සමස්ත වෙළෙඳ ශේෂයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..