News Category
From Date
To Date
Maximum Number of Result

තෙල් නල මාර්ග වලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු සෞදි අරාබිය යුරෝපයට තෙල් නැව්ගත කිරීම් අවලංගු කරයි – Reuters

Sep 16, 2026 at 02:47 PM
|

නාවික ගමනාගමන දත්තවලට අනුව, එවැනි නැව්ගත කිරීම් මගින් ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදකයන්ට දිනකට තෙල් බැරල් මිලියන 7 සිට 9 දක්වා අපනයනය කිරීමට හැකි වී තිබේ. එය යුද්ධයට පෙර පැවති තෙල් ප්‍රවාහන ප්‍රමාණයෙන් සියයට 30 සිට 40 දක්වා පමණ වේ.

සැපයුම තවදුරටත් සීමා වෙමින් පවතින තත්ත්වය තුල දැනටමත් තෙල් මිල ඉහළ නංවා තිබේ.

Reuters විසින් උපුටා දක්වන ලද LSEG දත්ත අනුව, අඟහරුවාදා Brent futures බැරලයකට ඩොලර් 108කට ආසන්න මිලකට ගනුදෙනු වූ අතර, යුරෝපයේ භෞතික තෙල් තොග සැලකිය යුතු ලෙස ඉහළ මිලකට ගනුදෙනු වී තිබේ. එහිදී benchmark dated Brent මිල බැරලයකට ඩොලර් 122ක් පමණ විය.

පෝලන්තයට දැඩි සැපයුම් පීඩනයක්

ක්ෂණික පීඩනයකට මුහුණ දී සිටින රටවල් අතර පෝලන්තයද සිටී. Reuters විසින් උපුටා දක්වන ලද කර්මාන්ත ක්ෂේත්‍රයේ මූලාශ්‍ර පහකට අනුව, රාජ්‍ය පාලනය යටතේ පවතින තෙල් පිරිපහදු සමාගමක් වන Orlen, උතුරු මුහුදෙන් සහ අනෙකුත් සැපයුම්කරුවන්ගෙන් ආදේශක තෙල් තොග ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරමින් සිටී.

Saudi Aramco 2022 වසරේදී Orlen සමාගමේ විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට පත්වූ අතර, මේ වන විට එම සමාගමට අවශ්‍ය තෙල්වලින් සියයට 40ක් පමණ සපයයි. එම සැපයුම පෝලන්තයට රුසියානු බොරතෙල් මත පැවති රඳාපැවැත්ම අවසන් කිරීමට උපකාර වී තිබුණද, සෞදි තෙල් සැපයුම්වල බාධාවන්ට පෝලන්තය දැඩි ලෙස නිරාවරණය වී තිබේ.

යේමනයේ හූතිවරුන් සමඟ ගැටුම උත්සන්න වෙයි

සෞදි තෙල් අපනයන යටිතල පහසුකම් මත පවතින මෙම පීඩනය ඇතිවන්නේ යේමනයේ හූතිවරුන් සමඟ යළිත් සටන් උත්සන්න වී ඇති අවස්ථාවකය. හූති කණ්ඩායම සෞදි අරාබිය තුළ පිහිටි ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර, සෞදි අරාබියද යේමනය තුළ ගුවන් ප්‍රහාර යළි ආරම්භ කර තිබේ.

පසුගිය(14) වනදා Khamis Mushait, Abha සහ Taif යන ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි බලධාරීහු පැවසූහ. තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ අවදානම හේතුවෙන් දකුණු සෞදි අරාබිය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම්ද ක්‍රියාත්මක කර තිබේ. මෙම අවදානම විශේෂයෙන් Jizan ප්‍රදේශය ආශ්‍රිතව ඉහළ මට්ටමක පවතී. එහි විශාල තෙල් පිරිපහදුවක් ඇතුළු ප්‍රධාන සෞදි බලශක්ති යටිතල පහසුකම් පිහිටා තිබේ.

රතු මුහුදේ නාවික මාර්ගයටත් තර්ජනයක්

මෙම උත්සන්න වීම රතු මුහුදේ නාවික මාර්ගයටද එකවර පීඩනයක් එල්ල කරමින් තිබේ. හූතිවරු යේමනයේ බටහිර වෙරළ තීරය දිගේ තම බලපෑම තවදුරටත් පුළුල් කර ඇති අතර, බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ උපායමාර්ගික ප්‍රදේශද අත්පත් කරගෙන තිබේ. රතු මුහුද සහ ඒඩන් බොක්ක අතර ගමන් කරන නෞකා මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ යුතුය. මේ හේතුවෙන් සෞදි අරාබිය අරාබි අර්ධද්වීපයේ දෙපසින්ම අවදානමකට මුහුණ දී සිටී. නැගෙනහිරින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය දැඩි ලෙස බාධාවට පත්ව ඇති අතර, බටහිරින් එය මඟහැරීම සඳහා භාවිතා කරන තෙල් ප්‍රවාහන යටිතල පහසුකම් සහ නාවික මාර්ග ප්‍රහාරවලට වැඩි වශයෙන් නිරාවරණය වෙමින් පවතී.

ලිබියාවේ තවත් තෙල් සැපයුම් බාධාවක්

යුරෝපයට මෙම තත්ත්වය විශේෂයෙන් දැඩි විය හැක්කේ, ඒ සමඟම ලිබියාවෙන්ද තවත් තෙල් සැපයුම් බාධාවකට මුහුණ දීමට සිදුව ඇති බැවිනි.

ලිබියාවේ ජාතික තෙල් සංස්ථාව (NOC)පසුගිය 15 වනදා ප්‍රකාශ කළේ, Hamada සහ Al-Tahara තෙල් නිධි සහ NC5 මධ්‍යස්ථානය තුළ නිෂ්පාදන සහ මෙහෙයුම් අත්හිටුවා ඇති බවයි. මෙයට හේතු වී ඇත්තේ Petroleum Facilities Guard සාමාජිකයන් විසින් Hamada–Zawiya ප්‍රධාන නල මාර්ගයේ කපාටයක් බලහත්කාරයෙන් වසා දැමීමයි.

එම කපාටය වසා දැමීම හේතුවෙන් Tahara සම්බන්ධක ස්ථානයේ හදිසි පීඩන වැඩිවීමක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම ස්ථාන තුනේම මෙහෙයුම් නතර කිරීමට සිදුව තිබේ. කපාටය වසා තැබීම දිගටම සිදු වුවහොත් හෝ බලහත්කාරයෙන් සිදුකරන වසා දැමීම් අනෙකුත් තෙල් නිධි වෙතද පැතිර ගියහොත්, force majeure තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව NOC අනතුරු අඟවා තිබේ.

දීර්ඝ කාලයක් පුරා මෙවැනි බාධා පැවතීම ලිබියානු ආර්ථිකයට මෙන්ම විශ්වාසනීය බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස රටේ කීර්තිනාමයටද හානි කරන බව NOC වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්බන්ධිත පුවත් | Related News

දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.