AI ගැන අනතුරු ඇඟවීමක්.. සමාගම්වලට ‘Kill Switch’ අනිවාර්ය කිරීමට යෝජනාවක්..
කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති අධික ලෙස අවදානම් තත්ත්වයකට පත්වුවහොත් ඒවා සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කළ හැකි ‘Kill Switch’ ක්‍රමවේදයක් සමාගම් සඳහා අනිවාර්ය කිරීමට නීති ගෙන ඒමට සිදුවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ AI සමාගමක් වන Anthropic හි සම නිර්මාතෘ ජැක් ක්ලාක් පවසා තිබේ.
BBC පුවත් සේවය සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, එවැනි ‘Kill Switch’ ක්‍රමවේදයක් තුන්වන පාර්ශ්වයක් මගින් පරීක්ෂා කළ හැකි වීමද වැදගත් බවයි.
Anthropic ඇතුළු බොහෝ AI සමාගම් සතුව දැනටමත් AI පද්ධති ක්‍රියා විරහිත කිරීමට විවිධ ක්‍රම පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, එවැනි ක්‍රමවේදයක් සෑම AI සමාගමකටම අනිවාර්ය කළ යුතුද සහ එය ස්වාධීන තුන්වන පාර්ශ්වයක් මගින් තහවුරු කළ හැකිද යන්න ඉදිරියේදී AI සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේදී සාකච්ඡා කළ යුතු කරුණු බවයි ජැක් ක්ලාක් පවසා ඇත්තේ.
AI තාක්ෂණයේ වේගවත් සංවර්ධනයත් සමග එමගින් මානව වර්ගයාට ඇති විය හැකි අවදානම් සම්බන්ධයෙන් AI සමාගම්වල විධායක නිලධාරීන් සහ පර්යේෂකයන්ගෙන් අනතුරු ඇඟවීම් රැසක්ද මේ වනවිට ඉදිරිපත් වී ඇති බව ද සඳහන්.
Anthropic හි ප්‍රධාන විධායක නිලධාරී Dario Amodei ද AI සංවර්ධනයේ වේගය අඩු කර, එය වඩාත් සමීපව නිරීක්ෂණය කළ යුතු බවට පසුගියදා ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Anthropic පර්යේෂකයෙකු වන Evan Hubinger පෞද්ගලිකව අදහස් දක්වමින්, ඉදිරි දශකය තුළ AI හේතුවෙන් මානව වර්ගයා වඳවී යාමේ අවදානම සියයට 10කට වැඩි බවට තමන් විශ්වාස කරන බවද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ඇතැම් තාක්ෂණික ක්ෂේත්‍රයේ පුද්ගලයන් පවසන්නේ AI හේතුවෙන් මානව වර්ගයා විනාශ වීම පිළිබඳ පළවන අනතුරු ඇඟවීම් අතිශයෝක්තියට නංවා ඇති බවයි.
මේ අතර, අමෙරිකානු නීති සම්පාදකයන් විසින් ‘Kill Switch Act’ ලෙස නම් කර ඇති නීති කෙටුම්පතක්ද ඉදිරිපත් කර තිබේ.
එමගින් අවදානම් සහගත AI මෙවලම් ක්‍රියා විරහිත කිරීමට හැකි ක්‍රමවේදයක් සමාගම් සතුව තිබීම අනිවාර්ය කිරීමටත්, ඇතැම් රාජ්‍ය ආයතනවලට AI මෙවලමක් ක්‍රියා විරහිත කිරීමට හෝ එහි ක්‍රියාකාරීත්වය සීමා කිරීමට නියෝග කිරීමේ බලය ලබාදීමටත් යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් AI සංවර්ධනය මන්දගාමී කිරීමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
එමෙන්ම, එක්සත් රාජධානියද AI සඳහා ‘Kill Switch’ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අදහස මෑතකදී ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
Anthropic සමාගම 2021 වසරේදී OpenAI හි හිටපු සේවකයන් පිරිසක් විසින් ආරම්භ කර ඇති අතර, ජනප්‍රිය AI chatbot එකක් වන Claude නිර්මාණය කර තිබේ.
ජැක් ක්ලාක් පවසන්නේ AI කර්මාන්තය සම්පූර්ණයෙන්ම නියාමනයකින් තොරව ඉදිරියට ගෙන යාම හොඳ තත්ත්වයක් නොවන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?