කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ල පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපතිනී රෙෆිල්වේ ට්ෂ්වේනි-ත්සිපානේ සහ එහි මහලේකම් ස්ටීවන් ට්විග් යන මහත්ම මහත්මීන් වෙත ලිපියක් මගින් යොමු කර ඇත.
අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කථානායකවරයාගේ නිල රාජකාරීවලට අදාළව අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් සිදුවන බැවින්, ඔහු තවදුරටත් ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 10 වන දින තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්‍රශ්නය කථානායකවරයා විසින් යටපත් කළ බවයි.
මෙම කාරණය පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට අපේක්ෂා කළද, ඊට අවසර නොදී තමන්ම අධ්‍යයනය කළ යුතු බව පවසමින් කථානායකවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.
චෝදනාවට ලක්ව සිටින පුද්ගලයාම තමන්ට එරෙහි පැමිණිල්ල විභාග කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට මෙන්ම ආයතනික අපක්ෂපාතීත්වයට බරපතළ හානියක් බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
එසේම වෙනත් විවාදයකදී මේ පිළිබඳව අදහස් දැක්වීමට ගිය අවස්ථාවේදීද කථානායකවරයා සිය කතාව නතර කිරීමට කටයුතු කිරීම මගින්, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත යටතේ හිමිවන භාෂණයේ නිදහස උල්ලංඝනය වී ඇතැයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් චෝදනා කරයි.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, ආයතනික අපක්ෂපාතීත්වය සහ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන ලෙසත්, කථානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් මන්ත්‍රීවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්