News Category
From Date
To Date
Maximum Number of Result

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

Sep 12, 2026 at 09:35 AM
|

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (12) උදෑසන 10:00 ට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් වන ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ සහ සඳුන් බණ්ඩාර බෝදරගම යන මහත්වරුන් ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියේ, මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිරගත වීමට පෙරාතුව අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වන ලෙස ඉල්ලීමක් කළ ද, එකල ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවයි. කෙසේ වෙතත්, ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයට පැමිණ කරන ලද නිල ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්ව දීර්ඝ ලෙස සාකච්ඡා කොට ලබන 12 වනදා අනුරාධපුරයේ පැවැත්වෙන ජන රැලියට සක්‍රීයව දායක වීමට තීරණය කළ බව හෙතෙම අනාවරණය කළේය.

ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම

වර්තමාන ආණ්ඩුව බලයට පත්ව ඇත්තේ කොටි ඩයස්පෝරාව සමග ඇති කරගත් රහසිගත එකඟතාවයකට අනුව බවට චෝදනා කළ විමල් වීරවංශ මහතා, එල්.ටී.ටී.ඊ. මිලිටරි බලය පරාජය කිරීමට එරෙහිව තිබෙන වෛරය පිටකිරීමේ පරමාර්ථයෙන් ආණ්ඩුව විපක්ෂයේ තෝරාගත් දේශපාලන නායකයන්, රණවිරුවන්, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, මේජර් ජෙනරල් සලේ වැනි බුද්ධි නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පැවසීය.

"හොරු ඇල්ලීම" යන කිසිදු විද්‍යාත්මක පදනමක් නැති ව්‍යාජ ආඛ්‍යානය ඉදිරියට දමා ගනිමින් මෙම දඩයම සිදුකරන බවත්, රිෂාඩ් බදියුදීන් වැනි අයට හෝ වෙනත් සිංහල නොවන හිටපු අමාත්‍යවරුන්ට මෙම නීතිය අදාළ නොවීමෙන්ම මෙහි ඇති දේශපාලනමය පලිගැනීම සහ එකඟතාවය පැහැදිලි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මෙම භයානක තත්ත්වය වහාම පරාජයට පත්කළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

හොරු අල්ලන්න ඇවිත් නැව්පිටින් ගල්අඟුරු ගිලලා

ජනතා විමුක්ති පෙරමුණට මහජනතාව පාලන බලය ලබාදුන්නේ රටේ පැවැති විශේෂ ආර්ථික කඩාවැටීම හමුවේ බවත්, එය හොරකම නිසා සිදු වූවක් බවට ඔවුන් සමාජය හමුවේ මතයක් ගොඩනැගූ බවත් වීරවංශ මහතා මතක් කර සිටියේය. නමුත් එසේ පැමිණි ආණ්ඩුව අද වන විට බාල ගල්අඟුරු ගෙනෙමින් සහ ගෙන ආ යුතු ගල්අඟුරු මෙට්‍රික් ටොන් ප්‍රමාණය පවා පැහැර හරිමින් නැව්පිටින් මහජන මුදල් වංචා කර ඇති බවට චෝදනා කළේය.

සැබැවින්ම නැව් දෙකක තිබිය යුතු ගල්අඟුරු ප්‍රමාණයක් ගෙනැවිත් නොමැති බව වාර්තා වී ඇති බවත්, මෙසේ ජනතා බලාපොරොත්තු පස්සට හරවා නැව්පිටින් හොරකම් කළ ආණ්ඩුව රට දැවැන්ත බලශක්ති අර්බුදයකට තල්ලු කර ඇති බවත් ඒ මහතා පැවසීය. අද වන විට අධික පිරිවැයක් දරමින් ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීමට සිදුව ඇත්තේ මෙකී දූෂණය නිසා බවත්, මෙලෙස කොපමණ කාලයක් පවත්වාගෙන යන්නේදැයි කිසිවෙකු නොදන්නා බවත් හෙතෙම කියා සිටියේය.

එමෙන්ම, වසරකට දින 365ක් තිබියදී දින 300කට සෑහෙන හාල් ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීම නිසා මෙරට ගොවියාගේ වී සඳහා නිසි මිලක් අහිමි කර ඇති බවත්, සියලු ක්ෂේත්‍රයන්හි අර්බුද තීව්‍ර කරනවා හැර රට ගොඩගැනීමේ කිසිදු ඡායා මාත්‍රයක්වත් ආණ්ඩුවෙන් නොපෙනෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉන්දියාව සමග රහස් ගිවිසුම් සහ ඒකීයභාවයට තර්ජන

රටේ ජනතාවගෙන් සහ පාර්ලිමේන්තුවෙන් වසන් කරමින් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් 07ක් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, ඒ හරහා මෙරට ස්වෛරීත්වය සහ ඒකීයභාවය දැඩි අවදානමකට ලක් කරමින් පාවාදීමේ නිරත වන බවත් හෙතෙම පැවසීය.

පාතාලයේ බෝම්බ ප්‍රහාර සහ බිඳවැටුණු ජාතික ආරක්ෂාව

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, මීට පෙර පැවැති වෙඩි තැබීම්වලට අමතරව අද වන විට පාතාලය විසින් බෝම්බ ප්‍රහාර පවා එල්ල කිරීමට පටන්ගෙන ඇති බවයි. රටවැසියන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවය සම්පූර්ණයෙන්ම සුනන් විසුනන් වී ඇති බවත්, පාතාලයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ලැබී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බුද්ධි අංශ අපරාධකරුවන් සෙවීම පසෙකලා දේශපාලනඥයන් පස්සේ යැවීම නිසා බවත් හෙතෙම පැවසීය.

අනුරාධපුර රැලියට සහභාගී වන සංඛ්‍යාව සෙවීමට පොලිස්පතිවරයා විශේෂ කණ්ඩායම් යවා ඇති බවත්, ජනතාව වැඩි වශයෙන් සහභාගී වන බව දැනගත් පසු "බීපු පුද්ගලයන් අතර ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇතැයි" වාර්තා ලියන ලෙස පොලිස් බුද්ධි අංශයට උපදෙස් දී ඇති බවත් පැවසූ ඒ මහතා, පොලීසිය මෙවැනි තුට්ටු දෙකේ වැඩවලට යොදවා ඇති බවට චෝදනා කළේය.

එමෙන්ම, ගොඩබිමින් ඇල්ලූ විශාලතම අයිස් මත්ද්‍රව්‍ය කන්ටේනරය අල්ලාගත් DIG රන්මල් කොඩිතුවක්කු මහතාට සම්මාන දෙනවා වෙනුවට, අත්අඩංගුවට ගැනීම දින 06ක් ප්‍රමාද වූයේ ඇයිදැයි කියමින් ඔහුගෙන් පරීක්ෂණ පවත්වන බවත්, මේ නිසා අයිස් කන්ටේනර් ගෙනා ජාවාරම්කරුවන් නිදහස් වන තත්ත්වයක් උදාවී ඇති බවත් හෙතෙම අනාවරණය කළේය. වරායේ තවත් මෙවැනිම කන්ටේනරයක් තිබුණද එය ඇල්ලීමට නොහැකි වී ඇත්තේ වැටලීම් කළ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන නිසා බවත්, අපරාධකරුවන් නිදහසේ වෙඩි තබද්දී පොලීසිය මෙලෙස හැසිරීම හමුවේ පොලිස්පතිවරයාට නිල ඇඳුම වෙනුවට "චීත්තයක්" සුදුසු බවත් ඒ මහතා දැඩිව ප්‍රකාශ කළේය.

ජනාධිපති සමාව අර්ථශූන්‍ය වීම

මෑත කාලයේ දුමින්ද සිල්වා, ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලබාදුන් කාන්තා ඝාතන නඩුවක ව්‍යාපාරික පුතෙකුගේ ජනාධිපති සමාව අධිකරණය හමුවේ රිවර්ස් වූ බව මතක් කළ ඒ මහතා, ජනාධිපති සමාව ලැබී ප්‍රශ්නයක් නැතුව ඉන්නේ රංජන් රාමනායක මහතා පමණක් බවත් පැවසීය. ඥානසාර හිමියන් අන්තවාදයේ අනතුර ගැන අනතුරු අඟවද්දී සිදු වූ ප්‍රකාශයක් මත දඬුවම් ලැබූ බවත්, අධිකරණ තීන්දුව ගැන අදහස් නොදක්වන නමුත් මෙයින් ජනාධිපතිවරයෙකුට ඇති සමාව දීමේ බලය අර්ථශූන්‍ය වන බැවින්, එවැනි බලයක් නැතැයි සිතා ජනාධිපතිවරුන් කටයුතු කරන්නේ නම් මැනවි යන්න තමන්ගේ මතය බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සකලජනතාවටම අනුරාධපුරයට එන්නැයි ඇරයුම්

පුද්ගල හෝ පක්ෂ සාධකවලට වඩා රට සහ ජාතිය මේ වැටී තිබෙන උවදුරෙන් ගොඩගැනීම ඉලක්ක කරගත් "ජාතික න්‍යාය පත්‍රයක්" මත පදනම් වූ දේශපාලන එකමුතුවක් අනාගතයේ බිහිකිරීමේ මූලික පියවරක් ලෙස අනුරාධපුර එක්සත් ක්‍රියාමාර්ගයට එක්වන බව වීරවංශ මහතා අවධාරණය කළේය.

එබැවින්, ආණ්ඩුවේ අශුද්ධ, තකතීරු සහ අඳුරුදර්ශී ගමනටත්, කොටි ඩයස්පෝරාව පිනවන පාලනයටත් එරෙහිව තමන්ගේ සාමූහික ජනතා ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා රටේ සියලුම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ලබන 12 වනදා අනුරාධපුරයේ පැවැත්වෙන ජන රැලියට එක්වන ලෙස විමල් වීරවංශ මහතා සමස්ත ජනතාවගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියේය.

විමල් වීරවංශ මහතා මාධ්‍ය සාකච්ඡාවේ කළ දේශනය මෙසේය.

"සුබ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. මෙම මාධ්‍ය සාකච්ඡාවට මා සමග සම්බන්ධ වෙනවා දේශපාලන අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහත්, ඒ වගේම දේශපාලන මණ්ඩල සභික සඳුන් බණ්ඩාර බෝදරගම සහෝදරයාත්, ඒ සියලු දෙනා මා සමග සම්බන්ධ වෙනවා.

අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න විශේෂයෙන්ම කල්පනා කළේ රටේ ඇතිවී තිබෙන දේශපාලන වර්ධනයන් අනුව අපි විසින් ගනු ලැබ තිබෙන විශේෂ තීරණයක් ඔබ මගින් මේ රටේ පොදු ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා.

අපි මීට පෙර වාර්තා කළා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිරගත වීමට පෙරාතුව අපෙන් ඉල්ලීමක් කළා ඔවුන් පවත්වනු ලබන අනුරාධපුර රැලියට සාභාගි වෙන්න කියලා. නමුත් ඒ අවස්ථාවේ අපි ඒකට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඇත්ත වශයෙන්ම ඒක එසේ අවශ්‍යතාවයක් නැහැ කියන අදහස තමයි ඒ වෙලාවේ අප තුළ තිබුණේ.

නමුත් ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මැතිතුමා ඇවිල්ලා අපිව හම්බවෙලා අපෙන් ඉල්ලීමක් කළා ඒ රැලියට සාහභාගි වෙන්න කියන ඉල්ලීම. ඒ ඉල්ලීමත් සමග අපේ දේශපාලන මණ්ඩලයේ සාමාජිතිත්වය රැස්වෙලා මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒකෙදි අපි සැලකිල්ලට ලක් කරපු කරුණු කිහිපයක් තිබෙනවා මේ අවස්ථාවේ ඔබ මගින් මේ රටේ පොදු ජනතාවට දැනුවත් කරන්න.

අද අපි කවුරුත් දන්නවා, කොටි ඩයස්පෝරාව පිනවීමේ අරමුණින් ඒ අයට වෙච්ච එකඟතාවයකට අනුව ක්‍රියාත්මක වන විපක්ෂයේ තෝරාගත් දේශපාලන නායකයන් දඩයම් කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

මේජර් ජෙනරල් සලේ ගොදුරු වෙන්නෙත් ඒ මෙහෙයුමට. දේශපාලන නායකයන් ගොදුරු වෙන්නෙත් ඒ මෙහෙයුමට. යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, ත්‍රිවිධ හමුදාවේ නායකයන් හිටපු ප්‍රධානීනුත් ගොදුරු වෙන්නෙත් ඒ මෙහෙයුමට. ඒ වගේම සමහර විට ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා ගොදුරු වෙන්නේ ඒ ඉරණමට.

මේක පැහැදිලිවම එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සතුටු කරන්න සිදුකරන ක්‍රියාදාමයක් හැටියට මිස වෙනත් යමක් හැටියට නෙමෙයි අපි මේක තේරුම් ගන්නේ.

ඒ ඔවුන් කියන ඊනියා හොරු ඇල්ලීමේ ව්‍යාපෘතිය “රිෂාඩ් බදියුදීන්ලාට” අදාළ නොවන්නේ ඒ නිසා. ඔවුන් කියන එම හොරු ඇල්ලීමේ ව්‍යාපෘතිය වෙනත් ඇමැති ඇමැතිකම් දරපු ඇතැම් සිංහල නොවෙන අයට අදාළ නොවන්නේ ඒ නිසා.

ඒ නිසා මේක පැහැදිලිවම ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක සහ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව අතර ඇති කරගත්තා වූ එකඟතාවයක් අනුව එල්.ටී.ටී.ඊ. මිලිටරි බලය පරාජයට පත්කිරීමේ වෛරය, ඒ පිළිබඳ වේදනාව පිටකිරීමේ ක්‍රමයක් හැටියට තමයි මේ ව්‍යාජ ආඛ්‍යානයක් ගොඩනගලා, හොරු ඇල්ලීම කියන ආඛ්‍යානය ඇතුළට දාලා, කිසිදු විද්‍යානුකූල පදනමක් නැතිව අත්තනෝමතිකව හිතූ මනාපයේ මේ රටේ මේ දඩයම කරගෙන යන්නේ. ඒකට දේශපාලන නායකයන් පමණක් නෙමෙයි, හිටපු ආරක්ෂක හමුදා ප්‍රධානීනුත් පමණක් නෙමෙයි, සමාජයේ බොහෝ අංශවල කොටස් ඒකට ගොදුරු වෙලා තියෙනවා, ගොදුරු කරගනිමින් තිබෙනවා.

ඒ නිසා අපි එකක් විශ්වාස කරනවා මේ තත්ත්වය වහාම පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළ යුතු තත්ත්වයක්. ඒ වගේම අපි අනිත් පැත්තෙන් බලනවා අද මේ රට මුහුණ දීලා තිබෙන, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ලබාදෙන්න මේ රටේ මහජනතාව තීරණය කළේ සාමාන්‍ය තත්ත්වයකදී නෙවෙයි. විශේෂ තත්ත්වයකදී. ඒ විශේෂ තත්ත්වය තමයි ආර්ථිකමය වශයෙන් කඩාවැටිච්ච රටක්. ඔවුන් ඒකෙදි ගොඩනැගුවා මේක වුණේ හොරකම් කිරීම මත කියලා.

දැන් එහෙම ආපු ආණ්ඩුවක් බාන ගල්අඟුරු නැව්පිටින් ගිලලා තියෙනවා. දැන් වාර්තා වෙලා තියෙනවා මෙට්‍රික් ටොන් බරගාණක්, ඒ කියන්නේ නැව් දෙකක තියෙන්න ඕන ගල්අඟුරු ප්‍රමාණය ගෙනැල්ලා නැහැ කියලා.

ඒ කියන්නේ මහජනයා තබපු බලාපොරොත්තුවලට සම්පූර්ණයෙන්ම පස්ස හරවලා නැව්පිටින් හොරකම් කරපු ආණ්ඩුවක්. බාන ගල්අඟුරු ගෙනාවා විතරක් නෙවෙයි බාල ගල්අඟුරු නියමිත ප්‍රමාණය ගෙනාවෙත් නැති ආණ්ඩුවක්.

ඒ නිසා බලශක්ති අර්බුදයකට මේ රට ගොදුරු කරපු ආණ්ඩුවක්. අද අධික විශාල වියදමක් දරලා මේ ඩීසල් බලාගාර වලින් අපිට විදුලිය දෙන්නේ. ඒක තව කොච්චර කාලයක් කොහොම කරන්නද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ජන බලාපොරොත්තු වලට මේ ආණ්ඩුව අද පස්ස හරවලා තියෙනවා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව පට්ට හොරකම් කරන තත්ත්වයකට අද ඇදවැටිලා තියෙනවා.

ගොවියාගේ වී වලට නියම මිළක් ලැබිලා නැත්තේ ඉන්දියාවෙන් ගෙනාපු අවුරුද්දට තියෙන්නේ දවස් 365යි. දවස් 300කට සෑහෙන්න හාල් ගෙනාවා ඉන්දියාවෙන්. ඒ නිසා අද ගොවියාට නියම මිළක් නැතිවෙලා තියෙනවා.

මේ විදියට සමාජයේ හැම පැත්තකටම විහිදිච්ච අර්බුදය තීව්‍ර කිරීම මිසක් එයින් මේ රට ගොඩගැනීමේ මාවතකට මේ රට ගෙනියන බවක් ඡායා මාත්‍රයකින්වත් පෙනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාත් අපි කල්පනා කරනවා, අද අත්‍යවශ්‍යව තිබෙනවා මේ රටේ විරුද්ධ පක්ෂ බලවේග “ජාතික න්‍යායපත්‍රයක්” කරා මෙහෙයවන්න.

අපි හිතනවා පුද්ගල සාධක හෝ පක්ෂ සාධක හෝ කියන ඒවා අභිබවා යමින් ඊට වඩා ඉහළින් රට සහ ජාතිය මේ පත්වී තිබෙන උවදුරෙන් ගොඩගැනීම ඉලක්ක කරගත්තා වූ ජාතික න්‍යායපත්‍රයක් කරා මේ රටේ විපක්ෂ දේශපාලන බලවේග, ජාතික බලවේග ගොනුකිරීමේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා.

ඒකට පුරෝගාමීව නායකත්වය දීම අපේ වගකීමක් හැටියට අපි සලකනවා. ඒ සියලු කරුණු සැලකිල්ලට අරගෙන තමයි අපි තීරණය කළේ ආණ්ඩුවේ තියෙන මේ ඔලමොට්ටල සහ තකතීරු ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම ඔබ දන්නවා කවුරුත් ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් හතක් අත්සන් කරා මේ වනතුරු අපි කවුරුත් දැකලා නැහැ. මේ රටේ ස්වෛරීත්වය එක පැත්තකින් පාවලා දෙමින් තියෙනවා, තවදුරටත් පාවා දෙමින් තියෙනවා. අනික් පැත්තෙන් රටේ ඒකීය භාවයට අවදානම ගොඩනැගෙන විදියට ක්‍රියාමාර්ග රැසක ආණ්ඩුව නිරතවෙමින් ඉන්නවා.

මේ සියල්ල සැලකිල්ලට අරගෙන ජාතික න්‍යායපත්‍රයක් මුල් කරගත්තා වූ ගමනක් සඳහා විරුද්ධ පක්ෂ බලවේග මෙහෙයවීමේ, ඒ සඳහා යොමුකිරීමේ පරමාර්ථය ඇතිව අපි දේශපාලන මණ්ඩලයේ තීරණය කරා ජාතික නිදහස් පෙරමුණේ, 12 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ඒ රැලියට ජාතික නිදහස් පෙරමුණට ලැබුණු ආරාධනාව පිළිඅරගෙන අපේ දායකත්වය ලබාදෙන්න.

ඒ මගින් අපි අපේක්ෂා කරන ප්‍රධාන දේ තමයි පුද්ගල හෝ පක්ෂ හෝ කාරණා වලට වඩා උඩින් මේ රට මේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න, ඒ වගේම මේ යන ඉතාම භයානක ඒකාධිපති ගමන පරාජයට පත්කිරීම සඳහා වූ පුළුල් ජාතික න්‍යායපත්‍රයක් මත පදනම් වෙච්ච දේශපාලන එකමුතුවක් අනාගතයේ බිහිකිරීම සඳහා වූ මූලික පියවරක් හැටියට තමයි අපි ඒ එක්සත් ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙන්නේ.

ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලනවා ඉතාම ඕනෑකමින් ඉල්ලනවා මේ රටේ සියලු සිංහල, දෙමළ, මුස්ලිම් සකල ජනරජයාගෙන් මේ ආණ්ඩුව ගෙනියන “රටත් අමාරුවේ වට්ටලා දීපු පොරොන්දුවලට පිටුපස්ස හරවලා, හොරා නොකනවායි කියලා ඇවිල්ලා බාන ගල්අඟුරු නැව්පිටින් හොරා කාලා, මේ යන අශුද්ධ ගමන,” දෙමළ ඩයස්පෝරාවකට ඕන කරන විදියට දේශපාලන දඩයමක් සිදුකරගෙන යන මේ “තකතීරු පාලනයට” එරෙහිව ඔබත් අනුරාධපුරයේ ලබන 12 වෙනිදා පැවැත්වෙන අනුරාධපුරයේ රැලියට සාභාගි වෙන්න කියලා අපි මේ රටේ සියලු පොදු ජනතාවගෙන් ඉල්ලනවා 

එමගින් පෙන්වමු මේ පාලනයට අපේ තිබෙන විරෝධය, මේ පාලනයට එරෙහිව අපේ තිබෙන ජනතා ශක්තිය, මේ පාලනයට එරෙහිව මේ පාලනය යන වැරදි අඳුරුදර්ශී ගමනට එරෙහිව, කොටි ඩයස්පෝරාව පිනවන ගමනට එරෙහිව අපේ තිබෙන සාමූහික ශක්තිය, එමගින් ප්‍රදර්ශනය කිරීම සඳහා එක්වෙන්න කියලා අපි ආරාධනා කරනවා මේ රටේ සියලු පොදු ජනතාවට.

ප්‍රශ්න උත්තර වාරය

මාධ්‍යවේදී: 

දැන් අපි දකිනවා මේ දවස්වල ඉස්සර තිබ්බේ වෙඩි තැබීම් විතරයි අන්තරායේ. දැන් මේ බෝම්බ ගහන්න පටන් අරන් තියෙනවා. කොහොමද ඔබතුමා ඒක දකින්නේ? මොකද හිතෙන්නේ, ජාතික ආරක්ෂාව කොහොමද?

විමල් වීරවංශ මහතා:

අද මේ රටේ රටවැසියන්ගේ තිබුණා නම් තමන්ගේ ජීවිතවල සුරක්ෂිතතාව පිළිබඳ යම්කිසි වටිනා හැඟීමක්, ඒ හැඟීම අද සුනන් විසුනන් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච වෙලාවේ ඉදලා වෙඩි තැබීම් වලින් තමයි දවස ගෙවෙන්න පටන් ගත්තේ. දැන් ඒකට අලුතෙන් එකතුවෙලා තියෙනවා බෝම්බ ගැසීම්.

ඉතින් මේ විදියට පාතාලයට නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ ලැබිලා තියෙන්නේ ආණ්ඩුවේ තිබෙන නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ අද බුද්ධි අංශ හොයන්නේ දේශපාලනඥයන් ගැන.

දැන් මට ආරංචියි පොලිස්පතිවරයා විශේෂ කණ්ඩායමක් යවලා තියෙනවා අනුරාධපුරයට කීයක් සාභාගි වෙනවාද, මොනවාද වෙන්නේ කියලා හොයන්න. ඒ ආපු කණ්ඩායම කියලා තියෙනවා අහවල් ගානට වඩා වැඩි ගානක් එයි කියලා. ඊටපස්සේ උපදෙස් දීලා තියෙනවා පොලිස් බුද්ධි අංශයට, ඊටපස්සේ උපදෙස් දීලා තියෙනවා “බීපු පුද්ගලයන් අතර ගැටුම් ඇතිවීමට අවදානමක් තියෙනවා” කියලා ඒ වාර්තාවට ලියන්න කියලා. ඒ කියන්නේ දැන් සැලැස්ම පැහැදිලියිනේ.

ඉතින් මේ වගේ මේ තුට්ටු දෙකේ වැඩවලට තමයි අද පොලීසිය යොදවලා තියෙන්නේ. දැන් අර රන්මල් කොඩිතුවක්කු, DIG. ගොඩබිමින් අල්ලගත්තු විශාලම අයිස් කන්ටේනරය අල්ලගත්තා. දැන් ඒ අල්ලගත්තු අයට හරිනම් දෙන්න ඕනේ සම්මානනේ. ඒ වෙනුවට පොලිස්පති මොකද කරන්නේ? රන්මල් කොඩිතුවක්කුගෙන් ඇයි ඒක දින හයක් යනකම් ප්‍රමාද වුණේ අල්ලගන්න? ඇයි අධිකරණය අංක 06ට මේක දැනුවත් කළේ? මෙන්න මේ වගේ ඒවට පරීක්ෂණ කරනවා.

දැන් අන්තිමට මේ “අයිස් කන්ටේනර් ගෙනාපු මිනිස්සු” ටිකත් දැන් නිදහස් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් තව අපට තියෙන තොරතුරු අනුව ඒ කන්ටේනර් එක විතරක් නෙමෙයි. තව කන්ටේනර් එකක් තියෙනවා වරායේ. ඉතින් ඒක අල්ලගන්න විදියක් නැහැ. දැන් ඒ අල්ලපු මිනිස්සුන්ට එරෙහිව පරීක්ෂණ කරනවා.

මේක පුදුම පිස්සු පොලිස්පතියක්. ඉතින් ඒ නිසා අපි හිතනවා මෙතන නීතිය ක්‍රියාත්මක කරන ආයතන අද මේ අපරාධකරුවන් පස්සේ නෙවෙයි යන්නේ. එකක් අයිස් අල්ලපු DIG රන්මල් කොඩිතුවක්කුගේ පස්සේ යනවා. අනික් පැත්තෙන් දේශපාලනඥයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හොයාගෙන යනවා.

අපරාධකාරයෝ ඒ නිසා, පාතාලකාරයෝ ඒ නිසා නිදහසේ වෙඩි තියෙනවා, බෝම්බ ගහනවා, තමන්ගේ මැච් එක ගහගෙන යනවා.

මේක තමයි ඉතින් පොලිස්පතිතුමා අර නිල ඇඳුමක් අලුතෙන් හදනවායි කියලා කිව්වාම මම හිතනවා දැන් ඔය යන විදියට නම් “චීත්තයක් තමයි හරියන්නේ” පොලිස්පතිතුමාගේ නිල ඇඳුමට.

මාධ්‍යවේදී: ඒ වගේම දැන් මේ දීලා තියෙන සමහර නඩු තීන්දුත් ආපහු රිවර්ස් කරන තත්ත්වයක් තියෙනවා නේ?

විමල් වීරවංශ මහතා:

නඩු තීන්දු නෙවෙයි නේ? ඔව්. ඉතින් ඕ ජනාධිපති සමාව දැන් ගත්තොත් මෑත ඉතිහාසයේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ජනාධිපති සමාවත් රිවර්ස් වුණා අධිකරණයෙන්, තාක්ෂණික හේතු කරුණු දැක්වීමකින්. ඊළඟට තව දැන් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ජනාධිපති සමාවත් රිවර්ස් වෙලා තියෙනවා. මට මතක හැටියට මෛත්‍රීපාල ජනාධිපතිවරයා අන්තිම මොහොතේ දීපු ඔය කිසියම් කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුටත් සමාව දුන්නා, ඒකත් ආයි රිවර්ස් වුණා.

ඉතින් දැන් ඇත්තටම ජනාධිපති සමාව හම්බවෙච්ච අයගෙන් ප්‍රශ්නයක් නැතුව ඉන්නේ රංජන් රාමනායක විතරයි. ඉතින් එතුමාට ඒ වාසනාව පෑදිලා තියෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ.

ඉතින් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ අනතුර ඇඟෙව්වේ මේ රටේ ඇතැම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක මතුවෙන අවදානම ගැන. ඉතින් ඒ අවදානම ගැන අනතුරු අඟවද්දී උන්වහන්සේගෙන් කියැවිච්ච යම් අධිකරණය කෙරෙහි බලපාන ප්‍රකාශයක් මත පදනම්ව තමයි ඒ දඬුවමට උන්වහන්සේ ලක්වුණේ.

ඉතින් ඊට පස්සේ ලැබිච්ච ජනාධිපති සමාව තමයි මේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඉතින් ඒක අධිකරණ විනිශ්චයක් නිසා අපි ඒ පිළිබඳව අපේ අදහස ප්‍රකාශයට පත්කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

කෙසේ වෙතත් මේකෙන් පෙනී යන දෙයක් තියෙනවා ජනාධිපතිවරයෙකුට ජනාධිපති සමාව දීමට තියෙන බලය මං හිතන්නේ මේකෙන් අර්ථශූන්‍ය වෙනවා. ඒ බලය ඒ නිසා මේ එහෙම බලයක් නැහැ කියලා ජනාධිපතිවරු කටයුතු කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ මතය. හොඳයි. බොහොම ස්තූතියි!


සම්බන්ධිත පුවත් | Related News

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.