News Category
From Date
To Date
Maximum Number of Result

'හිමාලයා ප්‍රකාශනය' ගැන තම මතය සෘජුව නොකියන්නෝ 'බියගුළු අවස්ථාවාදීන්' - දේශපාලන පක්ෂ නායකයන්ට විමල්ගෙන් විවෘත සංදේශයක්

Jan 8, 2024 at 12:01 PM
|

"හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිහඬව සිටීමට කිසිදු දේශපාලන බලවේගයකට සදාචාරාත්මක හැකියාවක් නැති බවත්, එම නිසා සියලු බලවේග "හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආරම්භ වී ඇති "සත්‍ය සෙවීමේ කොමිසම" පිහිටුවීම ඇතුළු සෙසු ක‍්‍රියාමාර්ග පිළිබඳ තම මතය විවෘතව රටට ප‍්‍රකාශ කිරීමට කටයුතු කළ යුතු බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මේ බව දන්වමින් විවෘත්ත සංදේශයක් ඒ මහතා නිකුත්කර ඇති අතර, අදාළ සංදේශය පහළින්...

සියලු මහජන නියෝජිතයින්,

දේශපාලන පක්ෂ නායකයින් හා පොදු මහජනතාව වෙත.

බෙදුම්වාදී මාර්ග සිතියමේ නව හැරවුමක් වන "හිමාලයා ප‍්‍රකාශය" පිළිබඳව (යුද ජයග‍්‍රහණය මෙන්ම රණවිරුවන් පාවාදෙන සහ රට දෙමළ බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කරන එම ක‍්‍රියාන්විතය අවබෝධකර ගැනීමේ වැදගත්කම සහ සියලු පාර්ශ්ව ඊට අදාළව තම මතය ප‍්‍රකාශ කළ යුතු බව)

වසර 30ක් පැවති බෙදුම්වාදී යුද්ධය, රණවිරුවන් 30,000ක් ජීවිත පූජා කරමින් මෙන්ම ඊට සමාන පිරිසක් තුවාල ලබමින් සහ 14,000ක් ආබාධිතයින් බවට පත් කරමින් පරාජයට පත් කර වසර 14ක් ගත වී ඇත. එම ජයග‍්‍රහණය උදෙසා සෙසු රණවිරුවන්ගේ මෙන්ම ජීවිත පූජා කළ සහ ආබාධිත බවට පත් වූ රණවිරුවන්ගේ අඹුදරුවෝ මෙන්ම ඥාතීහු සහ සිංහල, දෙමළ, මුස්ලිම් පොදු මහජනයා ද බොහෝ කැප කිරීම් සිදු කළහ. එහෙත් ඉන්පසුව සමානාත්මතා පදනමින් ජාතික ගැටලුව විසඳීම සඳහා සහ බෙදුම්වාදී මතවාද දේශපාලන වශයෙන් පරාජය කිරීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසා දෙමළ ඩයස්පෝරාව ප‍්‍රමුඛ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේගවලට උතුරේ ජනයා ප‍්‍රාණඇපයට ගනිමින් බෙදුම්වාදී ක‍්‍රියාන්විතය පවත්වාගෙන යාමට හැකි විය. 

එම ක‍්‍රියාවලිය තුළ බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා බෙදුම්වාදී බලවේග දිගින් දිගටම බලපෑම් සිදුකළ ද ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි විය. ඊට හේතු වූයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතිකවාදී බලවේග ජාතියේ මුර දේවතාවුන් සේ ඊට එරෙහිව සිට ගැනීමය.  නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා 2003 දී අගමැතිවරයා ලෙස බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදීමට උත්සාහ කිරීම මගින් ආරම්භ කළ බෙදුම්වාදයට පක්ෂපාතී ක‍්‍රියාන්විතය, දැන් ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙකු ලෙස නැවත ආරම්භ කර ඇත. ඔහු විසින් තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට බෙදුම්වාදී බලවේගවලට සහ තමාට බලයට එන්නට අවස්ථාව සැලසූ පාර්ශ්වවලට පොරොන්දු ලබා දෙන්නේ ඊට අනුව ය. ඊට සමගාමීව දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග නැවත වටයකින් දිරිමත් වී ඇති බව ඉතා පැහැදිලිව දැක ගත හැක. 

ඊට අමතරව බෙදුම්වාදී බලවේගවල දායකත්වය සහිතව ආර්ථික සහ දේශපාලන අර්බුදය උස්සන්න කිරීම සහ එම ක‍්‍රියාවලිය තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත් කිරීම තුළ තමාට වඩා වාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති බවට බෙදුම්වාදී බලවේග කල්පනා කරන බව පෙනේ. එම නව තත්ත්වය තුළ ඔවුන් විසින් තෝරා ඇති උපායමාර්ගික ප‍්‍රවේශය තුළ පැතිකඩ දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න සමස්ත ක‍්‍රියාන්විතයේ පූර්ව කොන්දේසියක් ලෙස මහා සංඝරත්නයෙන් යම් පාර්ශ්වයක් දිනා ගැනීම සහ මහා සංඝරත්නය මෙන්ම ජාතික බලවේග අතර බෙදීමක් ඇති කිරීම සහ මානසික බාධක පැනවීමය. භික්ෂූන්  හත්නමක් නේපාලයේ හෝටලයකට රැගෙන ගොස් සියලු සත්කාර ලබා දී "හිමාලයා ප‍්‍රකාශය" නමැති ලියවිල්ලකට අත්සන් ලබා ගන්නේ එම උපායමාර්ගයට අනුව බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාන්විතයේ දෙවන අරමුණ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව බෙදුම්වාදීන්ට අහිමි වූ කේවල් කිරීමේ බලය ලබා ගනිමින් සාකච්ඡා ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමය. 

ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ පවා ජී. එල්. පීරිස් වැනි පැකේජ්වාදීන්ගේ උපදෙස් අනුව දෙමළ ඩයස්පෝරාව සමග එකඟතාවකට පැමිණ ජාත්‍යන්තර පීඩනය සමනය කරගත යුතු බවට මතයක් ගොඩනැගී තිබුණි. එවැනි තත්ත්වයක් තුළ ඊනියා හිමාලයා ප‍්‍රකාශය යනු ඩයස්පෝරාව සමග ගනුදෙනු  සාධාරණීකරණය කිරීම සදහා වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේම අදහසක් අනුව කැඳවාගත් ලේඛනයක් බවට ගොඩනැගී ඇති මතය ප‍්‍රතික්ෂේප කිරීම දුෂ්කර වේ. ඊනියා හිමාලයා ප‍්‍රකාශය මේ වන විට ජනාධිපතිවරයා විසින් උත්සවශ‍්‍රීයෙන් පිළිගෙන ඇති අතර මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය ඊට ලැබුණු බවට එම ක‍්‍රියාන්විතයට ගොදුරු වූ භික්ෂූන් විසින් සමාජයේ මතයක් ගොඩනඟන බව ද දක්නට ඇත. අමරපුර මහා සංඝ සභාව විසින් "හිමාලයා ප‍්‍රකාශය" ප‍්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතත් සෙසු නිකායන් නිහඬව සිටීම තුළ මහා නායක හිමිවරුන්ට අගතියක් සිදුවේ. එම බොරු ප‍්‍රචාර පතුරුවන භික්ෂූන් හත්නම අතරින් එක් නමක් ව්‍යාජ ලෙස මහාචාර්ය පදවියක් දරන බව පෙන්වති. 

ජනාධිපතිවරයා විසින් "හිමාලයා ප‍්‍රකාශය" භාරගෙන දින කීපයක් තුළ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ජනාධිපති මන්දිරයට කැඳවා 2024 ජනවාරි මාසයේදී සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම සඳහා නව නීතිමය රාමුවක් සම්මත කරන බවට පොරොන්දු විය. එම උපායමාර්ගික ප‍්‍රවේශය 2015 සිට ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් වාර්තාව මගින් සහ යෝජනා මගින් අවධාරණය කරනු ලැබූවකි. "හිමාලයා ප‍්‍රකාශය" ඉදිරිපත් කරන ගෝලීය දෙමළ සංසදය විසින් එය ක‍්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර වේදිකාවල දිගින් දිගටම බලපෑම් එල්ල කරනු ලැබීය. ඒ අනුව දැන් ඔවුන්ගේ උත්සාහය මල්ඵල ගැන්වී ඇති බව පිළිගැනීමට සිදුවේ. 

සත්‍ය සෙවීමේ කොමිසම යන්නට ප‍්‍රතිසන්ධානය ද අයත් වන බැවින් ඒ මගින් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ජාත්‍යන්තර ක‍්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කළ හැක. "හිමාලයා ප‍්‍රකාශය" තුළ ‘වගවීම’ සඳහා වන බැඳීම අවධාරණය කරනු ලබන්නේ ඒ සඳහාය. ඊට අමතරව ඒ මගින් නැවත ගැටුම් ඇති වීම වැළැක්වීමේ නාමයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේ හැකියාව ද ලැබේ. එම යාන්ත‍්‍රණය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමට අවස්ථාව සැලසීම මගින් ජාත්‍යන්තර බලපෑම රට තුළදීම සිදුකිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව මෙම ක‍්‍රියාවලිය ඉතා පැහැදිලිව යුද ජයග‍්‍රහණය සහ රණවිරුවන් පාවාදෙමින් රට නැවත බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ආරම්භක පියවර බව ඉතා පැහැදිලිය. 

එම නිසා "හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිහඬව සිටීමට කිසිදු දේශපාලන බලවේගයකට හෝ මහා නායක හිමිවරුන්ට සදාචාරාත්මක හැකියාවක් නැත. මහා නායක හිමිවරුන්ට තම ධුරය අතහැරීමට අයිතියක් ඇතත් ඓතිහාසිකව උන්වහන්සේලා වෙත පැවරී ඇති භූමිකාව සහ බලය අතහැරීමට නොහැක. එම නිසා සියලු බලවේග "හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආරම්භ වී ඇති "සත්‍ය සෙවීමේ කොමිසම" පිහිටුවීම ඇතුළු සෙසු ක‍්‍රියාමාර්ග පිළිබඳ තම මතය විවෘතව රටට ප‍්‍රකාශ කිරීමට කටයුතු කළ යුතු බව අපගේ ඉල්ලීම වේ. මහා පාවාදීමකට මුලපුරන "සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත" මේ වන විට ගැසට් පත‍්‍රයේ ප‍්‍රකාශයට පත්කර ඇත. එම පනතට අදාළව ද සියලුම දේශපාලන පක්ෂ විසින් තමාගේ මතය ඍජුව ප‍්‍රකාශයට පත්කළ යුතු බව අපි අවධාරණය කරමු. එසේම තම මතය සෘජුව ප‍්‍රකාශයට පත් නොකරන පිරිස්, නිහඬව ඊට එකඟතාව පළකරන බියගුළු අවස්ථාවාදීන් ලෙස ද නම් කිරීමට සිදුවේ. 

ස්තුතියි.
මෙයට විශ්වාසී, 
විමල් වීරවංශ (පා. ම.)
නායක, 
ජාතික නිදහස් පෙරමුණ,
2024-01-08 

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.