News Category
From Date
To Date
Maximum Number of Result

'හිමාලයා ප්‍රකාශනය' ගැන තම මතය සෘජුව නොකියන්නෝ 'බියගුළු අවස්ථාවාදීන්' - දේශපාලන පක්ෂ නායකයන්ට විමල්ගෙන් විවෘත සංදේශයක්

Jan 8, 2024 at 12:01 PM
|

"හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිහඬව සිටීමට කිසිදු දේශපාලන බලවේගයකට සදාචාරාත්මක හැකියාවක් නැති බවත්, එම නිසා සියලු බලවේග "හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආරම්භ වී ඇති "සත්‍ය සෙවීමේ කොමිසම" පිහිටුවීම ඇතුළු සෙසු ක‍්‍රියාමාර්ග පිළිබඳ තම මතය විවෘතව රටට ප‍්‍රකාශ කිරීමට කටයුතු කළ යුතු බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මේ බව දන්වමින් විවෘත්ත සංදේශයක් ඒ මහතා නිකුත්කර ඇති අතර, අදාළ සංදේශය පහළින්...

සියලු මහජන නියෝජිතයින්,

දේශපාලන පක්ෂ නායකයින් හා පොදු මහජනතාව වෙත.

බෙදුම්වාදී මාර්ග සිතියමේ නව හැරවුමක් වන "හිමාලයා ප‍්‍රකාශය" පිළිබඳව (යුද ජයග‍්‍රහණය මෙන්ම රණවිරුවන් පාවාදෙන සහ රට දෙමළ බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කරන එම ක‍්‍රියාන්විතය අවබෝධකර ගැනීමේ වැදගත්කම සහ සියලු පාර්ශ්ව ඊට අදාළව තම මතය ප‍්‍රකාශ කළ යුතු බව)

වසර 30ක් පැවති බෙදුම්වාදී යුද්ධය, රණවිරුවන් 30,000ක් ජීවිත පූජා කරමින් මෙන්ම ඊට සමාන පිරිසක් තුවාල ලබමින් සහ 14,000ක් ආබාධිතයින් බවට පත් කරමින් පරාජයට පත් කර වසර 14ක් ගත වී ඇත. එම ජයග‍්‍රහණය උදෙසා සෙසු රණවිරුවන්ගේ මෙන්ම ජීවිත පූජා කළ සහ ආබාධිත බවට පත් වූ රණවිරුවන්ගේ අඹුදරුවෝ මෙන්ම ඥාතීහු සහ සිංහල, දෙමළ, මුස්ලිම් පොදු මහජනයා ද බොහෝ කැප කිරීම් සිදු කළහ. එහෙත් ඉන්පසුව සමානාත්මතා පදනමින් ජාතික ගැටලුව විසඳීම සඳහා සහ බෙදුම්වාදී මතවාද දේශපාලන වශයෙන් පරාජය කිරීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසා දෙමළ ඩයස්පෝරාව ප‍්‍රමුඛ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේගවලට උතුරේ ජනයා ප‍්‍රාණඇපයට ගනිමින් බෙදුම්වාදී ක‍්‍රියාන්විතය පවත්වාගෙන යාමට හැකි විය. 

එම ක‍්‍රියාවලිය තුළ බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා බෙදුම්වාදී බලවේග දිගින් දිගටම බලපෑම් සිදුකළ ද ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි විය. ඊට හේතු වූයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතිකවාදී බලවේග ජාතියේ මුර දේවතාවුන් සේ ඊට එරෙහිව සිට ගැනීමය.  නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා 2003 දී අගමැතිවරයා ලෙස බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදීමට උත්සාහ කිරීම මගින් ආරම්භ කළ බෙදුම්වාදයට පක්ෂපාතී ක‍්‍රියාන්විතය, දැන් ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙකු ලෙස නැවත ආරම්භ කර ඇත. ඔහු විසින් තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට බෙදුම්වාදී බලවේගවලට සහ තමාට බලයට එන්නට අවස්ථාව සැලසූ පාර්ශ්වවලට පොරොන්දු ලබා දෙන්නේ ඊට අනුව ය. ඊට සමගාමීව දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග නැවත වටයකින් දිරිමත් වී ඇති බව ඉතා පැහැදිලිව දැක ගත හැක. 

ඊට අමතරව බෙදුම්වාදී බලවේගවල දායකත්වය සහිතව ආර්ථික සහ දේශපාලන අර්බුදය උස්සන්න කිරීම සහ එම ක‍්‍රියාවලිය තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත් කිරීම තුළ තමාට වඩා වාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති බවට බෙදුම්වාදී බලවේග කල්පනා කරන බව පෙනේ. එම නව තත්ත්වය තුළ ඔවුන් විසින් තෝරා ඇති උපායමාර්ගික ප‍්‍රවේශය තුළ පැතිකඩ දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න සමස්ත ක‍්‍රියාන්විතයේ පූර්ව කොන්දේසියක් ලෙස මහා සංඝරත්නයෙන් යම් පාර්ශ්වයක් දිනා ගැනීම සහ මහා සංඝරත්නය මෙන්ම ජාතික බලවේග අතර බෙදීමක් ඇති කිරීම සහ මානසික බාධක පැනවීමය. භික්ෂූන්  හත්නමක් නේපාලයේ හෝටලයකට රැගෙන ගොස් සියලු සත්කාර ලබා දී "හිමාලයා ප‍්‍රකාශය" නමැති ලියවිල්ලකට අත්සන් ලබා ගන්නේ එම උපායමාර්ගයට අනුව බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාන්විතයේ දෙවන අරමුණ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව බෙදුම්වාදීන්ට අහිමි වූ කේවල් කිරීමේ බලය ලබා ගනිමින් සාකච්ඡා ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමය. 

ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ පවා ජී. එල්. පීරිස් වැනි පැකේජ්වාදීන්ගේ උපදෙස් අනුව දෙමළ ඩයස්පෝරාව සමග එකඟතාවකට පැමිණ ජාත්‍යන්තර පීඩනය සමනය කරගත යුතු බවට මතයක් ගොඩනැගී තිබුණි. එවැනි තත්ත්වයක් තුළ ඊනියා හිමාලයා ප‍්‍රකාශය යනු ඩයස්පෝරාව සමග ගනුදෙනු  සාධාරණීකරණය කිරීම සදහා වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේම අදහසක් අනුව කැඳවාගත් ලේඛනයක් බවට ගොඩනැගී ඇති මතය ප‍්‍රතික්ෂේප කිරීම දුෂ්කර වේ. ඊනියා හිමාලයා ප‍්‍රකාශය මේ වන විට ජනාධිපතිවරයා විසින් උත්සවශ‍්‍රීයෙන් පිළිගෙන ඇති අතර මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය ඊට ලැබුණු බවට එම ක‍්‍රියාන්විතයට ගොදුරු වූ භික්ෂූන් විසින් සමාජයේ මතයක් ගොඩනඟන බව ද දක්නට ඇත. අමරපුර මහා සංඝ සභාව විසින් "හිමාලයා ප‍්‍රකාශය" ප‍්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතත් සෙසු නිකායන් නිහඬව සිටීම තුළ මහා නායක හිමිවරුන්ට අගතියක් සිදුවේ. එම බොරු ප‍්‍රචාර පතුරුවන භික්ෂූන් හත්නම අතරින් එක් නමක් ව්‍යාජ ලෙස මහාචාර්ය පදවියක් දරන බව පෙන්වති. 

ජනාධිපතිවරයා විසින් "හිමාලයා ප‍්‍රකාශය" භාරගෙන දින කීපයක් තුළ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ජනාධිපති මන්දිරයට කැඳවා 2024 ජනවාරි මාසයේදී සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම සඳහා නව නීතිමය රාමුවක් සම්මත කරන බවට පොරොන්දු විය. එම උපායමාර්ගික ප‍්‍රවේශය 2015 සිට ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් වාර්තාව මගින් සහ යෝජනා මගින් අවධාරණය කරනු ලැබූවකි. "හිමාලයා ප‍්‍රකාශය" ඉදිරිපත් කරන ගෝලීය දෙමළ සංසදය විසින් එය ක‍්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර වේදිකාවල දිගින් දිගටම බලපෑම් එල්ල කරනු ලැබීය. ඒ අනුව දැන් ඔවුන්ගේ උත්සාහය මල්ඵල ගැන්වී ඇති බව පිළිගැනීමට සිදුවේ. 

සත්‍ය සෙවීමේ කොමිසම යන්නට ප‍්‍රතිසන්ධානය ද අයත් වන බැවින් ඒ මගින් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ජාත්‍යන්තර ක‍්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කළ හැක. "හිමාලයා ප‍්‍රකාශය" තුළ ‘වගවීම’ සඳහා වන බැඳීම අවධාරණය කරනු ලබන්නේ ඒ සඳහාය. ඊට අමතරව ඒ මගින් නැවත ගැටුම් ඇති වීම වැළැක්වීමේ නාමයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේ හැකියාව ද ලැබේ. එම යාන්ත‍්‍රණය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමට අවස්ථාව සැලසීම මගින් ජාත්‍යන්තර බලපෑම රට තුළදීම සිදුකිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව මෙම ක‍්‍රියාවලිය ඉතා පැහැදිලිව යුද ජයග‍්‍රහණය සහ රණවිරුවන් පාවාදෙමින් රට නැවත බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ආරම්භක පියවර බව ඉතා පැහැදිලිය. 

එම නිසා "හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිහඬව සිටීමට කිසිදු දේශපාලන බලවේගයකට හෝ මහා නායක හිමිවරුන්ට සදාචාරාත්මක හැකියාවක් නැත. මහා නායක හිමිවරුන්ට තම ධුරය අතහැරීමට අයිතියක් ඇතත් ඓතිහාසිකව උන්වහන්සේලා වෙත පැවරී ඇති භූමිකාව සහ බලය අතහැරීමට නොහැක. එම නිසා සියලු බලවේග "හිමාලයා ප‍්‍රකාශය" සහ ඒ මත පදනම්ව ආරම්භ වී ඇති "සත්‍ය සෙවීමේ කොමිසම" පිහිටුවීම ඇතුළු සෙසු ක‍්‍රියාමාර්ග පිළිබඳ තම මතය විවෘතව රටට ප‍්‍රකාශ කිරීමට කටයුතු කළ යුතු බව අපගේ ඉල්ලීම වේ. මහා පාවාදීමකට මුලපුරන "සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත" මේ වන විට ගැසට් පත‍්‍රයේ ප‍්‍රකාශයට පත්කර ඇත. එම පනතට අදාළව ද සියලුම දේශපාලන පක්ෂ විසින් තමාගේ මතය ඍජුව ප‍්‍රකාශයට පත්කළ යුතු බව අපි අවධාරණය කරමු. එසේම තම මතය සෘජුව ප‍්‍රකාශයට පත් නොකරන පිරිස්, නිහඬව ඊට එකඟතාව පළකරන බියගුළු අවස්ථාවාදීන් ලෙස ද නම් කිරීමට සිදුවේ. 

ස්තුතියි.
මෙයට විශ්වාසී, 
විමල් වීරවංශ (පා. ම.)
නායක, 
ජාතික නිදහස් පෙරමුණ,
2024-01-08 

සම්බන්ධිත පුවත් | Related News

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.