18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ඉන්දියාවට පැමිණි පුටින් ජනාධිපතිවරයා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං විසින් පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙවර ප්‍රධාන BRICS සමුළුව හෙට (12) සහ අනිද්දා 13 යන දෙදින නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතව ඇත.
පුටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග අද (11) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, BRICS ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන සැසිවාරයටද ඔහු සහභාගී වීමට නියමිතයි.
රුසියානු ක්‍රෙම්ලිනය සඳහන් කරන්නේ, BRICS සංවිධානයේ 20 වැනි සංවත්සරය සමරන පසුබිමක ජනපති පුටින් ඉන්දියාවේ සංචාරයක නිරත වන බවයි.
අද පැවැත්වෙන සාකච්ඡාවලදී වෙළෙඳ සහයෝගීතාව, දේශසීමා හරහා ගෙවීම් ක්‍රමවේද, බලශක්ති ආරක්ෂාව සහ නැගෙනහිර යුරෝපයේ හා බටහිර ආසියාවේ පවතින භූ දේශපාලනික තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ජනපති පුටින් අද BRICS ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන සැසිවාරය අමතන අතර, අගමැති මෝදි සමග INNOPROM ප්‍රදර්ශනය නැරඹීමටද නියමිතය.
ජනපති පුටින් අද මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම්, BRICS නව සංවර්ධන බැංකුවේ ප්‍රධානී දිල්මා රූසෙෆ් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා හමුවීමටද නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි සමඟද අද හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හෙට ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබි අහමඩ් සමඟද පුටින් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙවර BRICS සමුළුවේදී ගෝලීය සැපයුම්දාම ශක්තිමත් කිරීම, දේශසීමා හරහා ගෙවීම් ඒකාබද්ධ කිරීම, ජාතික මුදල් ඒකක භාවිතය ඉහළ නැංවීම, ඩිජිටල් වෙළෙඳාම සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
බලශක්ති ආරක්ෂාව, දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීම, සංවර්ධන මූල්‍යකරණය, BRICS නව සංවර්ධන බැංකුව පුළුල් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය හා දේශපාලන ආයතන ප්‍රතිසංස්කරණය කිරීමද සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්