සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 25යි..
අමෙරිකාවේ සිදුවූ ඓතිහාසික සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එරට පුරා අද දින විශේෂ අනුස්මරණ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා අත්පත් කරගන්නා ලද මගී ගුවන් යානා හතරක් යොදාගනිමින් පැහැරගැනීම්කරුවන් විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කරන ලදී.
එදින උදෑසන නැගෙනහිර අමෙරිකානු ප්‍රදේශය හරහා පියාසර කරමින් තිබූ ගුවන් යානා හතරක් කුඩා කණ්ඩායම් ලෙස පැමිණි පැහැරගැනීම්කරුවන්ගේ පාලනයට නතු විය.
ඉන් ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් කුළුණු වෙත කඩා වද්දවන ලද අතර, පළමු ප්‍රහාරයෙන් මිනිත්තු 17කට පසු දෙවන යානය ද අනෙක් කුළුණේ ගැටුණි. මේ හේතුවෙන් හටගත් දැවැන්ත ගිනිගැනීම් හමුවේ පැය දෙකක් ඇතුළත මහල් 110කින් යුත් කුළුණු දෙක විනාශ වී බිම ඇද වැටිණි.
ඊට අමතරව තවත් ගුවන් යානයක් වොෂින්ටන් නුවර පිහිටි අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයේ බටහිර කොටස වෙත කඩා වද්දවා විනාශ කර දැමීය.
අමෙරිකානු කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල එනම් කැපිටල් ගොඩනැගිල්ල වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවට විශ්වාස කෙරෙන සිව්වන ගුවන් යානය, එහි සිටි මගීන් පැහැරගන්නන්ට එරෙහිව කළ සටනින් පසු පෙන්සිල්වේනියාවේ එළිමහන් ප්‍රදේශයකට කඩා වැටුණි.
දහස් ගණනකට ජීවිත අහිමි කරමින් සිදුවූ මෙම දරුණු ප්‍රහාරය අමෙරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම දේශපාලනික, ආරක්ෂක සහ සමාජීය ගමන් මග සහමුලින්ම වෙනස් කිරීමට හේතු විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..