ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
ලබන 13 වැනිදා සිට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත මෙම පිරිස ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ සහභාගි කරවන දෙවැනි විශාලතම කණ්ඩායම ලෙසද තොරතුරු වාර්තා වේ.
ඔක්තෝබර් 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා ආසියානු කලාපයේ රටවල් 46 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 කට අධික පිරිසක් එක්වීමට නියමිතය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග ඉසව් 25 ක් නියෝජනය කිරීමට සූදානම් වන අතර, ඒ සඳහා පිරිමි ක්‍රීඩකයින් 100 ක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 56 ක් ඇතුළුව ක්‍රීඩකයින් 156 දෙනෙකු එක්වෙති.
කෙසේ වෙතත්, ක්‍රීඩකයින් සංඛ්‍යාවට සාපේක්ෂව නිලධාරීන් 82 දෙනෙකු වැනි අතිවිශාල පිරිසක් මෙම සංචාරයට ඇතුළත් කර තිබීම පිළිබඳව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හත් දෙනෙකුට මෙන්ම වත්මන් පාලනාධිකාරියට සහාය පළ කළ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් රැසකටද මෙහි විවිධ තනතුරු පිරිනමා ඇති බව වාර්තා වේ.
සංචිතයේ ප්‍රධානී ධුරය ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපතිවරයා වෙත පවරා ඇති අතර, උප ප්‍රධානී සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ධුර ද ක්‍රීඩා සංගම් ප්‍රධානීන් අතර බෙදී ගොස් තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලික අනුග්‍රහය හිමිවන මෙම සංචාරයේ සමස්ත කණ්ඩායමේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා පමණක් රුපියල් කෝටි 8 කට ආසන්න මුදලක් වැය වන බව පැවසෙයි.
1951 සිට ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකාව මේ දක්වා රන් 12 ක්, රිදී 12 ක් සහ ලෝකඩ 49 ක් ලෙස සමස්ත පදක්කම් 73 ක් දිනාගෙන ඇත. අවසන් වරට 2022 වසරේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ලබාගත් අතර, එහිදී කාන්තා මීටර් 800 ඉසව්වෙන් එකම රන් පදක්කම දිනාගනු ලැබුවේ තරුෂි කරුණාරත්න විසිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්