ඉරානය ‘නවීනතම’ ඇමරිකානු සබ්මැරීන ඩ්‍රෝනයක් අත්අඩංගුවට ගනී..
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) විසින්, ඇමරිකානු හමුදාව සතුව තිබූ “වඩාත්ම නවීන, මිනිසුන් රහිත සහ බුද්ධිමත් සබ්මැරීනවලින් එකක්” තමන් අත්අඩංගුවට ගත් බව නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත්, ඇමරිකානු පෙන්ටගනය මෙම සිද්ධිය අවම වැදගත්කමක් ඇති සිදුවීමක් ලෙස හුවා දක්වමින් පවසා ඇත්තේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ පැරණි මාදිලියේ ඩ්‍රෝනයක් බවත් එහි සංවේදී උපකරණ කිසිවක් නොතිබූ බවත්ය.
ඊයේ(08) IRGC විසින් තමන් අත්අඩංගුවට ගත් බව පවසන මෙම නවීන ඇමරිකානු දිය යට ඩ්‍රෝනයේ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත් කරන ලදී.
IRGC ප්‍රකාශයට අනුව, මෙම ඩ්‍රෝනයට මුහුදු පතුල සිතියම්ගත කිරීම, බුද්ධි තොරතුරු රැස් කිරීම හා නිරීක්ෂණ කටයුතු, නල මාර්ග පරීක්ෂා කිරීම සහ සබ්මැරීන විරෝධී යුද මෙහෙයුම් සඳහා සහාය වීම වැනි පුළුල් පරාසයක කාර්යයන් සිදු කළ හැකිය.
වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ අළු පැහැති, ලෝහමය, ටෝර්පීඩෝ ආකාරයේ සිලින්ඩරාකාර යාත්රාවකි. එය ආසන්න වශයෙන් මීටර් 5.8ක් දිගින් සහ මීටර් 1.2ක් පළලින් යුක්ත වන අතර බර ටොන් 2.7ක් පමණ වන බව සඳහන් වේ.
IRGC ප්‍රකාශයට අනුව, මෙම දිය යට යාත්‍රාවට දින 10ක් දක්වා මුහුද යට රැඳී සිටීමට හැකි අතර, උපරිම වශයෙන් මීටර් 6,000ක් ගැඹුරට කිමිදීමට හැකියාව ඇත.
ඉරාන හමුදාව විසින් එය ඇමරිකානු ආරක්ෂක තාක්ෂණ සමාගමක් වන Anduril Industries විසින් නිපදවන ලද Dive-LD ඩ්‍රෝනයක් ලෙස හඳුනාගෙන තිබේ. එය 2025 අප්‍රේල් මාසයේදී සේවයට එක් කළ බවද ඉරාන පාර්ශ්වය පවසයි.
ඇමරිකාව සිද්ධිය අවම කර පෙන්වයි
කෙසේ වෙතත්, ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) මෙම සිද්ධියේ වැදගත්කම අවම කර පෙන්වීමට උත්සාහ කර තිබේ.
CENTCOM ප්‍රකාශයට අනුව, ඉරානය සතුවට පත්වී ඇත්තේ ක්රියාකාරීත්වයේ දෝෂයක් ඇති පැරණි මාදිලියේ ඩ්‍රෝනයක් වන අතර එහි කිසිදු සංවේදී උපකරණයක් නොතිබිණි.
එම දිය යට යාත්‍රාව කලාපීය මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කරමින් සිටි බවත්, එය “කිසිදු සංවේදී දත්තයක් රැස් නොකළ අතර, රහසිගත සෝනාර් හෝ රේඩාර් උපකරණ කිසිවක්ද රැගෙන නොතිබූ” බවත් CENTCOM ප්‍රකාශක ඇමරිකානු නාවික හමුදා කපිතාන් Tim Hawkins ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇමරිකාව සහ ඉරානය අතර ආතතිය යළිත් උත්සන්න වෙයි
මෙම සිද්ධිය සිදුවන්නේ ඇමරිකාව සහ ඉරානය අතර ආතතිය තවදුරටත් ඉහළ යමින් පවතින අවස්ථාවකදීය.
ඊයේ(08) රාත්රියේදී ඉරානය මැදපෙරදිග පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
ඉරානය පවසා ඇත්තේ, Kharg Island ආසන්නයේදී ඇමරිකාව විසින් ඉරාන තෙල් ප්‍රවාහන ටැංකිවලට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස මෙම මිසයිල ප්‍රහාරය එල්ල කළ බවයි.
එමෙන්ම, IRGC විසින් අඟහරුවාදා රාත්‍රියේ “හදිසි අනතුරු ඇඟවීමක්” නිකුත් කරමින්, බහරේනයේ සහ කුවේටයේ වරාය සහ නැංගුරම් ස්ථාන ආශ්‍රිතව සිටින තෙල් ටැංකිවල කාර්ය මණ්ඩලවලට, ඉදිරියේදී ප්‍රහාර එල්ල විය හැකි බැවින් වහාම තම යාත්‍රාවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..