News Category
From Date
To Date
Maximum Number of Result

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

Sep 8, 2026 at 05:48 AM
|

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ, ඩී.වී චානක මහතා

​"අද විශේෂයෙන්ම අපේ ජාතික සංවිධායකතුමා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අත්අඩංගුවට පත්වීමට හේතුව, ඒ වගේම අරමුණ, ඒ වගේම මේ කොහොමද බලපෑම් කරලා මේ නඩුව නිර්මාණය කිරීම පිළිබඳව තමයි අපි අදහස් දක්වන්නේ.

​පළවෙනි කාරණය තමයි සාක්ෂිය වගේම සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය කියන එක ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා ඕනෑම නඩුවකදී. දැන් පළමුව බලුවොත් කාගේ සාක්ෂියක් පදනම් කරගෙනද මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්න. මං හිතන්නේ මේක 2016. මේක 2016 ඇතිවෙච්ච මුලින්ම නඩු කටයුත්තක් ඇති වෙලා තියෙනවා එකම සාක්ෂිකරු මේ නිමල් පෙරේරා කියන දූෂිත ව්‍යාපාරිකයා.

ඔහුට මේ එකක් නෙවෙයි නඩු 100ක් විතර තියෙන ඒ දූෂිත ව්‍යාපාරිකයාගේ කටඋත්තරය සැරින් සැරේ සැරින් සැරේ වෙනස් කරලා.

​මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ ආණ්ඩුවේ ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයාගේ දකුණු අත වගේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයා. මේ නිමල් පෙරේරා මහත්තයා එක්ක එකට බිස්නස් කරන්නේ මේ ආණ්ඩුවේ අමාත්‍යවරයා. ඒ අමාත්‍යවරයාත් මේ නිමල් පෙරේරාත් එකතු වෙලා තුන් වතාවක සාක්ෂි තුනක් දෙනවා.

​පළවෙනි වතාවේ කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට මිලියන 50ක් දුන්නා කියලා. දීපු තැනක් නැහැ, දීපු දවසක් නැහැ, දීපු විදියක් නැහැ.

​ඊට පස්සේ දෙවෙනි වතාවට කියනවා නැහැ මම රුපියලක්වත් දුන්නේ නැහැ.

​ඊට පස්සේ තුන්වෙනි වතාවට දැන් කියනවා මිලියන 100ක් දුන්නා. හැබැයි කවද්ද දුන්නේ කියලා ඇහුවම දවසක් නැහැ. ලංකාවට සල්ලි ආපු විදිය ඇහුවම ආපු විදියක් නැහැ. ඊට පස්සේ මොන කාලෙද කිව්වම ඒ පිළිබඳවත් දන්නෙ නැහැ.

​ඊට පස්සේ CID එකේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ පක්ෂයේ, මාලිමාවේ ශානි අබේසේකර මහත්තයා 2019 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට 195/16 කියන මේ නඩුවට ගිහිල්ලා කියනවා මේ නිමල් පෙරේරා කියන්නේ බොරුකාරයෙක්, ඔහුගේ සාක්ෂිය ඔහු සැරින් සැරේ වෙනස් කරන බොරුකාරයෙක් කියලා.

​එතකොට ඒ බොරුකාරයා කියපු, ශානි අබේසේකර කියපු බොරුකාරයා, ඒ වගේම මේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ බිස්නස් පාට්නර්, ව්‍යාපාරික සගයාගේ සාක්ෂිය පාවිච්චි කරලා නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්නේ.

දැන් මේ විදියට ගියොත් මොකක් හරි දූෂණයකට කෙනෙක් අහුවුනාම ඔහුව අරන් ගිහින් සිරගත කරලා, එහෙමත් නැත්නම් ඔහුව වෙන රටකට යවලා, ඒ සියලුම පහසුකම් දීලා කවුරුහරි දේශපාලනකයෙක්ගේ නම කියන්න කියනවා.

​දැන් මේ විදියටම හෙට 22 වෙනි සංශෝධනයට හරිනි අමරසූරිය මැතිනිය තීරණය කරොත්, යම්කිසි ආකාරයකින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව 22 වෙනි සංශෝධනයට විරුද්ධ වෙනවා කියලා, හෙට නිමල් පෙරේරා කියයි සල්ලි දුන්නේ නාමල් රාජපක්ෂට නෙවෙයි හරිනි අමරසූරියට කියලා. අද කියනවා නාමල් රාජපක්ෂ, හෙට කියනවා නැහැ දුන්නේ නැහැ, ඊට පස්සේ ගාන වෙනස් කරනවා, අනිද්දා කියයි හරිනි අමරසූරිය කියලා.

​මේ වගේ දූෂිත ව්‍යාපාරිකයෝ අල්ලගෙන, මේ ආණ්ඩුවේ ගනුදෙනු, ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරපු මේ කණ්ඩායමක් එකතු කරගෙන තමයි මේ උත්සාහය. හැබැයි පැහැදිලිවම අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ, අනුර කුමාර දිසානායක මහත්තයාට, ඔබතුමාගේ අදහස ලංකාව තුළ, විශේෂයෙන්ම වී මිලට ඔබතුමන්ලා පොරොන්දු වෙච්ච රුපියල් 150 ලබා දීපු නැති එකේ ප්‍රතිඵලය අද රටේම ගොවි මහත්තුරු ටික එක තැනකට එකතු වෙමින් ඉන්නේ.

​ඒ එකතුවෙන ගොවි මහත්තුරුන්ට නායකත්වය දෙන්න නාමල් රාජපක්ෂ මැතිතුමා 12 වෙනිදා රටේම ඉන්න ඒ ගොවි මහත්තුරුන්ගේ ප්‍රශ්නය එකතු කරලා ඒ විරෝධතා රැලිය ආරම්භ කරනවා. ඒක කඩාකප්පල් කරන්න සූදානම් වෙනවා නම් ඔබතුමාට කියන්න කැමතියි, කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒ වගේම රටේ ජනතාව සූදානම් නැහැ අඩියක් නෙවෙයි කිසිම දෙයක් පිටිපස්සට ගන්න අපි සූදානම් නැහැ.

​ඒ වගේම තමයි 12 වෙනිදා අපි අනිවාර්යයෙන්ම මේ රැලිය සූදානම් කරනවා, මං හිතන්නේ ඊයේ දිනේ ඉඳන්. අපි හිතුවා නාමල් රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට අරගෙන බය වෙයි කියලා තමයි කට්ටිය බලාපොරොත්තු වුණේ. හැබැයි ඊයේ දිනේ ඉඳන් වෙනදටත් වැඩිය, වෙනදටත් වැඩිය සහභාගීත්වය දැන් වැඩි වෙනවා මිසක් අඩු කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ.

​ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි රටේ ජනතාවට, මේ ආණ්ඩුවේ පච වලට රැවටිච්ච, මේ ආණ්ඩුවේ දූෂණයට විරුද්ධ කණ්ඩායමට මේ තනිකර එක පැත්තකින් 12 වෙනිදා රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණ, ඒ වගේම ගොවි ජනතාවට ඇතුළු මේ කණ්ඩායමට නායකත්වය දෙන නාමල් රාජපක්ෂ මැතිතුමාව මර්දනය කිරීම, විපක්ෂය මර්දනය කිරීම, අනෙක් එකෙන් ගල්අඟුරු වංචාව, ඒ වගේම කන්ටේනර් වංචාව ඇතුළු මේ හොරකම් ටික වහගන්න, තමන්ගේ දූෂිතයන් ආරක්ෂා කරන්න මාධ්‍ය සංදර්ශන වලට තවදුරටත් ජනතාව රවට්ටන්න බැහැ කියන එක අනුර කුමාර දිසානායක මහත්තයාට පැහැදිලිව කියන්න කැමතියි.

​දැන් ඔබතුමා පොඩ්ඩක්, වැඩිය ඕනේ නැහැ, ඔය මාධ්‍ය වලින් දාන වීඩියෝ ටික බලන්න. එදා එනකොටම ආපු ඒ වීඩියෝ වලට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අනුර කුමාර දිසානායක මහත්තයා බැලුවනම් ඔබතුමාට දැනගන්න පුළුවන් ඔබතුමාගේ තත්වය. ඒක හින්දා පැහැදිලිවම අපි කියන්න කැමතියි, ඔය මර්දනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණවත්, රාජපක්ෂවරුන්වත්, නාමල් රාජපක්ෂ මැතිතුමාවත් බය නැහැ කියන පණිවිඩය අපි දෙන්න කැමතියි."

සම්බන්ධිත පුවත් | Related News

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.