22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67 ක් සලකා බැලීම අද (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත්, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම ඊයේ (01) ආරම්භ විය.
පෙත්සම් කැඳවීම ආරම්භයේදීම මහජන අවධානයට පාත්‍ර වූ මෙම නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 ශාලාවේ සිට වැඩි ඉඩ පහසුකම් සහිත 501 ශාලාව වෙත මාරු කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය. අනතුරුව පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥවරුන් ඉල්ලා සිටියේ, යෝජිත පනත් කෙටුම්පත මගින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ වන බැවින් ළබැඳියාවන් අතර ගැටුමක් මතුවන බවත්, එම නිසා මෙම පෙත්සම් සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙසත්ය.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙන්වා දුන්නේ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බවයි. එම කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවතින විනිසුරු මඩුල්ල හමුවේම විභාගය පවත්වාගෙන යාමට තීරණය කළේය.
අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සංශෝධනයට එරෙහිව දෙසතියක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67 ක් ගොනු කෙරුණු අතර, ඉන් පෙත්සම් 41 ක්ම මාර්ගගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයකි.
පෙත්සම් විභාගයේදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ මෙම සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයද උල්ලංඝනය වන බැවින්, මීට පෙර අවස්ථාවලදී මෙන්ම මෙවැනි සංශෝධනයක් සඳහාද ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි කළ නොහැකි බවත්, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අඩු කිරීම මෙන්ම වැඩි කිරීමද අධිකරණ ස්වාධීනත්වයට බලපාන බවත්ය.
තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා සඳහන් කළේ විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳව තමන් විසින්ම විනිශ්චයක් ලබාදීම නීතියට පටහැනි බැවින්, ඊට ඇති එකම විකල්පය ජනමත විචාරණයකට යාම බවයි.
රාත්‍රී 10.30 ට පමණ පෙත්සම්කාර පාර්ශ්වයේ දේශන අවසන් වූ අතර, පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන්ගේ සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් අද (02) දින සිදු කිරීමට නියමිතව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..