රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..
වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.
අද දෙරණ '360' වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා අනාවරණය කළේ, 2024 වසරේදී මෙරටට ගෙන්වන ලද වාහන අමතර කොටස් අඩංගු බහාලුමක් (Container) සම්බන්ධයෙන් මෙම අක්‍රමිකතාව සිදුව ඇති බවයි.
අදාළ බහාලුම සඳහා අවශ්‍ය නිසි ආනයන බලපත්‍ර නොතිබීම හේතුවෙන් එය රේගුවේ 'Red Channel' යටතේ පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී පළමු පරීක්ෂණ කණ්ඩායම එහි කිසිදු දෝෂයක් නොමැති බව පැවසූ නමුත්, එවකට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් දෙවන කණ්ඩායමක් විසින් එය යළි පරීක්ෂා කර ඇත. එම පරීක්ෂාවේදී අනීතික ලෙස ගෙන්වූ වාහන ආසන 7ක් පමණක් හමුවූ බව පවසමින් ඒවා රාජසන්තක කිරීමට නිර්දේශ කර තිබේ.
කෙසේ වෙතත්, රේගු අභ්‍යන්තර විමර්ශන අංශය කළ තෙවන පරීක්ෂාවේදී ප්‍රකාශ නොකළ භාණ්ඩ වර්ග 45කට අයත් අයිතම 600කට වැඩි ප්‍රමාණයක් (වාහන ආසන 130ක් සහ රිම් සහිත ටයර් ඇතුළුව) සොයාගෙන ඇත. මෙම බරපතළ අක්‍රමිකතාවට අදාළ විමර්ශන වාර්තා දැනට රේගුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අතුරුදන් වී ඇති අතර, තමන් සතුව ඒ සියල්ලේ පිටපත් පවතින බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් එළඹෙන බදාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට නියමිත අතර, රජය මෙවැනි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..