පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඊ.ඒ. සෙනරත් මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක් මගින් මේ බව පෙන්වා දී ඇත.
පවතින පනත අහෝසි කර නව පනතක් හඳුන්වාදීමේ ක්‍රියාවලිය ද හඳුන්වනු ලබන්නේ පනත සංශෝධනය කිරීමක් ලෙස බව පෙන්වා දෙන එම ලිපිය, අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පත්කළ විද්වත් කමිටුවේ "ජාතික සංස්කෘතික උරුම පනත" සංකල්ප පත්‍රිකාව මගින් පවතින පුරාවස්තු ආඥා පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට යෝජනා කර තිබියදී මාධ්‍ය නිවේදනයෙන් එය යටපත් කර ඇති බව සඳහන් කරයි.
එසේම, නව පනත් කෙටුම්පතේ පළමු පිටුවේ ‘’Convert the Department of Archelogy to National Cultural Heritage Agency / Department’’ලෙස දක්වමින්, දැනට පවතින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවට "ජාතික උරුම නියෝජිත ආයතනය" හෝ "ජාතික උරුම දෙපාර්තමේන්තුව" ලෙස නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති බව පැහැදිලි වුවද මාධ්‍ය නිවේදනයේ ඒ පිළිබඳ සත්‍යය පවසා නොමැති බවට ද චෝදනා කෙරේ.
මීට අමතරව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති, පවතින පනත ශක්තිමත් කිරීමේ සංශෝධිත කෙටුම්පත සම්මත නොකරන්නේ මන්දැයි යන්න පිළිබඳව කිසිදු සඳහනක් අදාළ නිවේදනයට ඇතුළත් නොකර කරුණු වසං කර ඇති බව ද ලිපියෙහි පෙන්වා දී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපරයෙන් යැවූ ලිපි පහළින්..



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..