News Category
From Date
To Date
Maximum Number of Result

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

Aug 31, 2026 at 03:46 PM
|

චීනයේ Xizang  ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි. 

එම සංවිධානයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා  වෙත යොමු කළ ලිපියක් මඟින් සඳහන් කරන්නේ, මෙවැනි විපතකදී පවා නේපාලයේ සහන මෙහෙයුම් සඳහා චීනය දැක්වූ මානුෂීය සහයෝගය අගය කරන බවයි.

චීනය සහ දකුණු ආසියාව යා කරන ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වන ගිරිඔං (Gyirong) වරායට එල්ල වූ බලපෑම පෙන්වා දෙන එම සංවිධානය, හිමාලයානු කලාපයේ පරිසර පද්ධතීන් දේශපාලන දේශසීමා නොහඳුනන බැවින් අන්තර් දේශසීමා ආපදා කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීම් සඳහා කලාපීය නීතිමය රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කරයි. 

එමෙන්ම, මෙවැනි ස්වභාවික විපත් දේශපාලනීකරණය කරමින් අසත්‍ය ප්‍රචාර පැතිරවීම හෙළා දකින බවත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ලිපිය පහළින්..

2026 අගෝස්තු 31

ගරු තානාපතිතුමා,

අතිගරු Wei Huaxiang මහතා,

චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය,

බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.

Xizang ස්වයං පාලන කලාපයේ සිදුවූ ස්වභාවික ආපදාව සම්බන්ධයෙන් සංවේගය පළ කිරීම සහ අන්තර් දේශසීමා ආපදා කළමනාකරණය පිළිබඳ අපගේ අදහස්

ගරු තානාපතිතුමනි,

Xizang ස්වයං පාලන කලාපයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජනතාව සම්බන්ධයෙන් අපගේ බලවත් සංවේගය පළ කිරීම සඳහා මෙම ලිපිය යොමු කරමු.

චීන බලධාරීන් විසින් අගෝස්තු 30 දින පස්වරු 6.00 වන විට නිකුත් කර තිබූ තොරතුරුවලට අනුව, අගෝස්තු 26 දින නේපාල–චීන දේශසීමා ප්‍රදේශයේ සිදුවූ මෙම දරුණු ස්වභාවික ආපදාව හේතුවෙන් චීන ජාතිකයන් 16 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 546 දෙනෙකු අතුරුදන්ව සිටින බව වාර්තා වී තිබුණි.

මෙම ඛේදජනක සිදුවීම හේතුවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතත්, ඔවුන්ගේ ඥාතීන් සහ සමස්ත චීන ජනතාව වෙතත් අපගේ සාතිශය කණගාටුව පළ කර සිටිමු.

මෙම ස්වභාවික විපතෙන් චීන ජනතාවට සිදුවූ හානියට වඩා නේපාල ජනතාවට සිදුවූ හානිය වඩාත් පුළුල් වූ බව අපගේ අවධානයට ලක්ව ඇත. එවැනි අතිශය දුෂ්කර අවස්ථාවකදී පවා චීන බලධාරීන් සහ චීන ජනතාව නේපාලයේ විපතට පත් ජනතාව බේරා ගැනීම සඳහා ලබා දුන් සහයෝගය, චීන ජනතාව සතු මානවවාදී සහ සහෝදරත්වයේ ගුණාංග මනාව පිළිබිඹු කරන බව අපි විශ්වාස කරමු.

එමෙන්ම, මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී ඉන්දීය පාර්ශ්වය සමඟද සහයෝගයෙන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා චීන රජය ලබා දුන් සහයෝගයද අපි අගය කරමු. ස්වභාවික ආපදා ජාති, දේශපාලන සීමා හෝ රාජ්‍ය සීමා නොසලකා සියලු ජනතාවට බලපාන බැවින්, එවැනි අවස්ථාවල ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අපි විශේෂයෙන් අවධාරණය කරමු.

ගිරිඔං වරාය: දකුණු ආසියාවටම වැදගත් සම්බන්ධතා මධ්‍යස්ථානයක්

මෙම අවස්ථාවේදී ගිරිඔං වරාය (Gyirong Port) වෙත සිදුවූ හානිය සම්බන්ධයෙන්ද අපගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

ගිරිඔං වරාය නේපාලයට පමණක් නොව, චීනය හා සමස්ත දකුණු ආසියානු කලාපය අතර වෙළෙඳ හා ප්‍රවාහන සම්බන්ධතාවන් සඳහාද වැදගත් උපායමාර්ගික මධ්‍යස්ථානයක් බව අපගේ අවබෝධයයි.

ඉතිහාසය සලකා බැලීමේදී, ගිරිඔං වරාය විවෘත කිරීමට 1961 දී අනුමැතිය ලැබී ඇති අතර, 1972 දී එය දෙවන පන්තියේ භූමි දේශසීමා වරායක් (Land Port) බවට පත්වී තිබේ. 1987 දී එය ජාතික පළමු පන්තියේ භූමි දේශසීමා වරායක් ලෙස උසස් කර ඇති අතර, 2017 දී ජාත්‍යන්තර වරායක් ලෙස නම් කිරීමත් සමඟ එහි භූමිකාව තවදුරටත් පුළුල් වී තිබේ.

එමඟින් චීනය සහ නේපාලය අතර පමණක් නොව, තෙවන රටවල පුරවැසියන්ටද මෙම වරාය හරහා ගමන් කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

ඒ අනුව ගිරිඔං වරාය හුදෙක් දේශසීමා වෙළෙඳ මධ්‍යස්ථානයක් නොව, චීනය දකුණු ආසියාව සමඟ සම්බන්ධ කරන වැදගත් උපායමාර්ගික භූමි සම්බන්ධතා මාර්ගයකි.

චීන–නේපාල වෙළෙඳාමේ වැදගත්කම

ගිරිඔං වරාය හරහා සිදුවන චීන–නේපාල වෙළෙඳාම සම්බන්ධයෙන්ද සැලකිය යුතු වර්ධනයක් පසුගිය කාලය තුළ දැකගත හැකිය.

චීන රේගු දත්ත අනුව, 2024 දී ගිරිඔං වරාය හරහා සිදුවූ ආනයන හා අපනයන වටිනාකම යුවාන් බිලියන 4.25ක් පමණ වූ අතර, එය Xizang ස්වයං පාලන කලාපයේ දේශසීමා වරායන් අතර ඉහළම අගයක් බව වාර්තා වී ඇත. එම වෙළෙඳ වටිනාකම චීන–නේපාල සමස්ත වෙළෙඳ පරිමාවේ සියයට 30කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කළ බවද සඳහන් වේ.

එමෙන්ම 2026 පළමු කාර්තුවේදී Xizang ස්වයං පාලන කලාපය සහ නේපාලය අතර සමස්ත ආනයන–අපනයන වටිනාකම යුවාන් බිලියන 1.176ක් වූ අතර, එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 33.9ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව අපගේ අවධානයට ලක්ව තිබේ.

මෙම දත්ත මඟින් ගිරිඔං වරාය යනු කුඩා දේශසීමා පිරික්සුම් මධ්‍යස්ථානයක් නොව, චීන–නේපාල ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතාවයේ ප්‍රධාන ධමනියක් බව පැහැදිලි වේ.

2015 නේපාල භූමිකම්පාවෙන් පැරණි Zhangmu/Tatopani දේශසීමා මාර්ගයට දැඩි බලපෑම් එල්ල වීමෙන් අනතුරුව ගිරිඔං මාර්ගයේ වැදගත්කම තවදුරටත් ඉහළ ගිය බවද සඳහන් කළ යුතුය.

හරස්-හිමාලයානු බහුමාන සම්බන්ධතා ජාලය සහ  තීරයක් සහ මාවතක් මුල් පිරීම 

ගිරිඔං වරාය චීන–නේපාල හරස්-හිමාලයානු බහුමාන සම්බන්ධතා ජාලය(China-Nepal Trans-Himalayan Multi-Dimensional Connectivity Network) සංකල්පය සහ චීනයේ  තීරයක් සහ මාවතක් මුල් පිරීම (Belt and Road Initiative (BRI) සමඟද සමීපව සම්බන්ධ වේ.

2017 දී චීනය සහ නේපාලය BRI රාමුව යටතේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසුව, දෙරට අතර භෞතික හා ආර්ථික සම්බන්ධතාව වර්ධනය කිරීමේ ක්‍රියාදාමය තවදුරටත් පුළුල් වී තිබේ.

අපගේ අදහස අනුව, මෙවැනි සම්බන්ධතා ව්‍යාපෘතිවල අවසාන අරමුණ විය යුත්තේ රටවල් අතර වෙළෙඳාම, ජනතාව අතර සම්බන්ධතා සහ ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම වන අතර, එහි ප්‍රතිලාභ දේශසීමා දෙපසම ජනතාව වෙත ළඟා විය යුතුය.

දේශසීමා ස්වභාවික ආපදා: දේශපාලන සීමා නොහඳුනන අනතුරක්

චීන බලධාරීන් විසින් නිකුත් කර ඇති නවතම තොරතුරු අනුව, බලපෑමට ලක් වූ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක හා භූගෝලීය ආපදා අවදානම් ස්ථාන 60කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය සහ ක්ෂේත්‍ර සමීක්ෂණ මත පදනම්ව ඉන් අටක් මූලික වශයෙන් ඉහළ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය අපට ඉතා වැදගත් කරුණක් මතක් කර දෙයි.

දේශසීමා යනු දේශපාලන සීමාවන්ය. එහෙත් ගංගා, ග්ලැසියර, හිමකඳු සහ කඳු පද්ධති දේශසීමා හඳුනන්නේ නැත.

ඉහළ කඳුකර ප්‍රදේශයක සිදුවන ග්ලැසියර කඩා වැටීමකින් ඇතිවන අයිස්, ගල් සහ ජල ප්‍රවාහයක් ස්වභාවිකවම කඳු නිම්න ඔස්සේ පහළට ගමන් කරන අතර, එමඟින් දේශසීමා දෙපසම ජනතාවට බලපෑම් එල්ල විය හැකිය.

එබැවින් මෙවැනි ආපදා අන්තර් දේශසීමා ආපදා (transboundary disasters) ලෙස සලකා ඒවා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්, තොරතුරු හුවමාරුව සහ ඒකාබද්ධ ගලවා ගැනීමේ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අපගේ අදහසයි.

අසත්‍ය තොරතුරු සහ වගකීම් විරහිත ප්‍රචාර

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපගේ අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ, ඇතැම් මාධ්‍ය හා විවිධ පාර්ශ්ව විසින් චීන බලධාරීන් මෙම ස්වභාවික ආපදා පිළිබඳ තොරතුරු කල්තියා දැන සිටි බවත්, එම තොරතුරු නේපාල පාර්ශ්වයට ප්‍රමාණවත් වේලාවකට පෙර ලබා නොදුන් බවත් සඳහන් කරමින් විවිධ ප්‍රකාශ සහ වැඩසටහන් ඉදිරිපත් කිරීමයි.

ස්වභාවික ආපදාවක් දේශපාලනික අරමුණු සඳහා භාවිත කිරීම හෝ ප්‍රමාණවත් සාක්ෂි නොමැති චෝදනා හරහා රටවල් අතර අවිශ්වාසය වර්ධනය කිරීම, ආපදා අවස්ථාවකදී අවශ්‍ය වන කලාපීය සහයෝගීතාවයට හානි කළ හැකි බව අපි විශ්වාස කරමු.

නව කලාපීය නීති හා සහයෝගීතා යාන්ත්‍රණයක අවශ්‍යතාව

ඒ අනුව, අන්තර් දේශසීමා තුළ සිදුවිය හැකි ස්වභාවික ආපදා කළමනාකරණය, පූර්ව අනතුරු ඇඟවීම, අවදානම් හඳුනාගැනීම සහ විද්‍යාත්මක අධ්‍යයනය සම්බන්ධයෙන් කලාපීය මට්ටමේ වඩාත් ශක්තිමත් නීතිමය හා ආයතනික රාමුවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව අපගේ හැඟීමයි.

විශේෂයෙන්ම “ලෝකයේ පියස්ස” ලෙස හැඳින්වෙන හිමාලයානු කලාපයේ පාරිසරික හා භූ විද්‍යාත්මක ස්ථාවරත්වය, චීනය, නේපාලය, ඉන්දියාව ඇතුළු සමස්ත ආසියානු කලාපයේ ජනතාවගේ ජීවිත හා ආර්ථික පැවැත්ම සමඟ සමීපව බැඳී පවතී.

එබැවින් එම ප්‍රදේශයේ ආපදා අවදානම් අධ්‍යයනය සහ කළමනාකරණය කිසිදු රටක තනි වගකීමක් ලෙස නොව, කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය වන පොදු මානව වගකීමක් ලෙස අපි සලකමු.

මානව සුභසාධනයට එරෙහි ඕනෑම උත්සාහයකට එරෙහිව

වර්තමාන ලෝකයේ බල අරගල සහ භූදේශපාලනික තරගකාරීත්වය මධ්‍යයේ, සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා යටිතල සම්බන්ධතා ව්‍යාපෘති පිළිබඳව විවිධ දේශපාලන අර්ථකථන ඉදිරිපත් වීම අපට දැකගත හැකිය.

Belt and Road Initiative වැනි ව්‍යාපෘති හරහා රටවල් අතර වෙළෙඳාම, යටිතල පහසුකම් සහ ජනතාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට ස්වභාවික ආපදා හෝ එම ආපදා වටා ගොඩනැගෙන අසත්‍ය හා නොමඟ යවන තොරතුරු හේතුවෙන් අනවශ්‍ය බාධා ඇති නොවිය යුතු බව අපි අවධාරණය කරමු.

ලෝකයේ කිසියම් ප්‍රදේශයක ජනතාවගේ ජීවිත සහ සුභසාධනය අඩාල කරන ඕනෑම ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද අභියෝගයකට එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම අපගේ පොදු වගකීමකි.

එමෙන්ම, මානව සුභසාධනය සහ රටවල් අතර සාමකාමී සහයෝගීතාවයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව, චීනය සමඟ දිගුකාලීන මිත්‍රත්වයක් සහ සහයෝගීතාවක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ සහයෝගය හා සහෝදරත්වය තවදුරටත් පළ කර සිටිමු.

චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන ජනතාව සහ චීන රජය සමඟ ශ්‍රී ලංකාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය තවදුරටත් ශක්තිමත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

මෙම දුෂ්කර අවස්ථාවේදී චීන ජනතාව සමඟ අපගේ සහෝදරත්වය සහ සංවේගය යළිත් වරක් පළ කරන අතර, විපතට පත් සියලු දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අපගේ හෘදයාංගම කණගාටුව පළ කර සිටිමු.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහ ලේකම්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය




සම්බන්ධිත පුවත් | Related News

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.
හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.