News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..

Aug 28, 2026 at 09:41 AM
|

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ දැඩි පීඩනයකට ලක්වූයේ “දෙමළ ජන සංහාරයක්” සිදුකළ බවට එල්ල වූ අසත්‍ය චෝදනා හේතුවෙනි. එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාව විසින් ලොව පුරා ගෙන ගිය මෙම බොරු ප්‍රචාරණයට එරෙහිව කැනඩාවේ අධිකරණයකින් ශ්‍රී ලංකාවට දැවැන්ත මෙන්ම ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක් හිමිවී තිබේ.

ඒ, “ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් දෙමළ ජන සංහාරයක් සිදුවී නොමැති බවට” කැනේඩියානු අධිකරණය හරහා තහවුරු වීමත් සමඟිනි.

මෙම අතිවිශාල ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රධාන නියමුවා වන්නේ කැනඩාවේ ලෝරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ (Laurentian University) අනුබද්ධ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය නෙවිල් හේවගේ මහතාය.

පාසල් පොතට ගිය බොරුව

2022 වසරේදී කැනේඩියානු පාර්ලිමේන්තුව හරහා මැයි 18 වන දා “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊනියා දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (TGEWA) සම්මත කරගැනීමට එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් සමත් විය.

මෙහි ඇති භයානකම තත්ත්වය වූයේ, මෙම පනත හරහා කැනඩාවේ පාසල් විෂය නිර්දේශයන්ට මෙම අසත්‍ය ප්‍රචාරණයන් ඇතුළත් කිරීමට ඉඩ සැලසීමයි. එමගින් එරට දරුවන්ට ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සම්පූර්ණයෙන්ම විකෘති වූ චිත්‍රයක් ඉගැන්වීමේ අවදානමක් නිර්මාණය වී තිබුණි.

තනිවම කළ දැවැන්ත සටන

මෙම පක්ෂග්‍රාහී ක්‍රියාවට එරෙහිව නැගී සිටි ආචාර්ය නෙවිල් හේවගේ මහතා, ශ්‍රී ලංකා රජයේ කිසිදු සහායකින් තොරව තනිවම මෙම නීතිමය සටන ආරම්භ කළේය. ඒ වෙනුවෙන් ඩොලර් 350,000ක පමණ අතිවිශාල අරමුදලක් සපයා ගත් ඔහු, කැපවීමෙන් යුත් කැනේඩියානු නීතිඥ කණ්ඩායමකගේ ද සහාය ඇතිව කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙම පනත නීත්‍යානුකූල නොවන බවට තර්ක කරමින් නඩු ගොනු කළේය.

පියවරෙන් පියවර ආ ජයග්‍රහණය

ආචාර්ය හේවගේ මහතාගේ මෙම නිර්භීත සටනේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පියවරෙන් පියවර හිමිවිය.

ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව:

පළමුව, ඔන්ටාරියෝ අධිකරණය විසින් අදාළ පනත (TGEWA) වලංගු බවට තීන්දු කළද, ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී නොමැති බවට පැහැදිලිවම තහවුරු කළේය.

අභියාචනාධිකරණයේ ප්‍රබල තීන්දුව:

ඉන් නොනැවතුණු ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තවත් ඉදිරියට යමින්, 1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අධ්‍යාපනය පාලනය කරන 93 වන වගන්තිය යටතේ TGEWA පනත වලංගු නොවන බවට තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තහවුරුව:

අවසාන වශයෙන්, කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද ඔන්ටාරියෝ අභියාචනාධිකරණයේ තීරණය තහවුරු කරන ලදී.

සත්‍යයේ ජයග්‍රහණය

මෙම ඓතිහාසික නඩු තීන්දුවල අවසන් අරුත වන්නේ, “දෙමළ ජන සංහාරයක්” යනුවෙන් ගොඩනැගූ බොරුව මින් ඉදිරියට කැනේඩියානු පාසල් විෂයමාලාවල කොටසක් ලෙස කිසිසේත්ම ඉගැන්විය නොහැකි බවයි.

පක්ෂග්‍රාහී මාධ්‍ය සහ ඩයස්පෝරා කණ්ඩායම් කරුණු විකෘති කිරීමට කෙතරම් උත්සාහ කළද, අධ්‍යාපන නීතිය පළාත් අධිකරණ බලයෙන් පිටත පවතින බවත්, එය නීත්‍යානුකූලව පාසල් තුළ ක්‍රියාත්මක කළ නොහැකි බවත් අධිකරණය විසින් තහවුරු කර අවසන්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හේවගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නකි;

“ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව උසස් අධිකරණය සහ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය යන දෙකම තීරණය කළ නිසා එල්.ටී.ටී.ඊ හිතවාදීන් කලබල වී ඇත. කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය නොකරනු ඇත. සත්‍යය ශක්තිමත්ව පවතී.”

ජාත්‍යන්තර සම්බාධක, දේශපාලන බලපෑම් සහ රටේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් දියත් වන මාධ්‍ය ව්‍යාපාර හමුවේ, මෙය ශ්‍රී ලංකාවට ආදරය කරන සියලුම පුරවැසියන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

කිසිදු පාර්ශ්වයකට ආපසු හැරවිය නොහැකි අන්දමින් සත්‍යය ලොවට හඬගා කී ආචාර්ය නෙවිල් හේවගේ වැනි නිර්භීත මිනිසුන්ගේ කැපවීම, අපේ මාතෘභූමියට සැබෑම ආඩම්බරයකි.

මූලාශ්‍රය - lankalokaya

සම්බන්ධිත පුවත් | Related News

30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ජාතික ජන බලවේග රජය බලයට පත්වූ පසු රාජ්‍ය සේවකයින්ට උද්ධමනයට සාපේක්ෂව වැටුප් ගැලපීමක් සිදුකර නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
ඊයේ (නොවැම්බර් 27) දිනට යෙදී තිබූ මහවිරු දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇති අතර, ඊට අදාළ වීඩියෝ කොටස් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.