News Category
From Date
To Date
Maximum Number of Result

කාදිනල්හිමි ඉල්ලන්නේ අසත්‍ය තොරතුරු මත පදනම්වූ සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නම් කාදිනල්හිමිගේ පෙත්සමටත් අත්විය යුත්තේ එම ඉරණම නොවේද?

Aug 22, 2026 at 10:06 AM
|

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉදිරිපත් කර ඇති පෙත්සම, සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කරුණු මත පදනම් වූවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලිපියක් මගින් කරුණු අනාවරණය කරයි.

එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ අධිකරණය නොමග යවන සුළු කරුණු ඇතුළත් කිරීම මත සලේ මහතාගේ පෙත්සම ප්‍රතික්ෂේප විය යුතු බවට කාදිනල් හිමියන් තර්ක කරන්නේ නම්, එම පදනම මතම කාදිනල් හිමියන්ගේ මැදිහත්වීමේ පෙත්සමද මුලදීම ප්‍රතික්ෂේප වීමට යටත් වන බවයි.

එම ලිපිය පහළින්..

​2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා (පෙත්සම්කාර-වග උත්තරකාර) විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති CA Writ No: 232/2026 දරන රිට් පෙත්සමට මැදිහත්වීමට අවසර ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (මැදිහත්වන පෙත්සම්කාර) විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අධ්‍යයනය කිරීමේදී, එහි අඩංගු ප්‍රධාන කරුණු රැසක් සත්‍යයෙන් තොර, පරස්පර විරෝධී මෙන්ම අධිකරණය නොමග යවන සුළු ස්වභාවයක් ගන්නා බව පැහැදිලි වේ. යම් පාර්ශවයක් අධිකරණයෙන් සහනයක් ඉල්ලා සිටින විට හෝ නඩුවකට මැදිහත්වීමට අවසර ඉල්ලීමේදී පූර්ණ සත්‍යය සහ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සාධාරණ නීති පද්ධතියක මූලික පදනම වේ. එහෙත් කාදිනල් හිමියන්ගේ පෙත්සම තුළ අඩංගු කරුණු සහ නීතිමය පසුබිම පරික්ෂා කිරීමේදී, උන්වහන්සේගේ මැදිහත්වීමේ ඉල්ලීමම උන්වහන්සේ සලේගේ පෙත්සම පිළිබඳව සිතන ආකාරයටම ප්‍රතික්ෂේප වීමට තරම් ප්‍රබල අසත්‍ය කරුණු සහ පරස්පරතාවයන් එහි අඩංගු වන බව තහවුරු වේ. 

​කාදිනල් හිමියන්ගේ පෙත්සමේ අඩංගු අසත්‍ය සහ පරස්පර කරුණු විග්‍රහය

​කාදිනල් හිමියන් සලේ මහතාගේ රිට් පෙත්සම නොසලකා හරින ලෙස ඉල්ලා සිටීමට පදනම් කරගෙන ඇති ප්‍රධාන චෝදනා සහ ඒවායේ ඇති අසත්‍යතාවයන් පහත පරිදි පැහැදිලි කළ හැකිය: 

​1. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සලේ මහතා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේය යන ප්‍රකාශය සලේගේ සාක්ෂිවල ඇත යැයි කරන ප්‍රකාෂය

​කාදිනල් හිමියන්ගේ පෙත්සමේ සලේ මහතා පාස්කු ප්‍රහාරය සිදුවූ කාලවකවානුවේ බුද්ධි අංශවල ප්‍රධාන වගකීම් දැරූ බවට සාක්ෂි ලබාදි ඇතැයි පැවසීම පිළිගත නොහැක. එවැන්නක් සාක්ෂි සටහන්වල ඇත්නම් එය නිවැරදි කිරීමට ලක්කළ යුතුවේ. 

* ​2019 අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සලේ මහතා ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා (DMI) හෝ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස කටයුතු කළේ නැත.

* ​සලේ මහතා හමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතුරෙන් 2016 නොවැම්බර් මාසයේදී ඉවත් වූ අතර, 2016 සිට 2019 දෙසැම්බර් දක්වා ඔහු විදේශයන්හි (මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ) රාජකාරි සහ පුහුණුවීම් සඳහා ගත කරමින් සිටියේය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබුවේ ප්‍රහාරයෙන් පසුව, එනම් 2019 දෙසැම්බර් 02 වන දිනදීය. 

* ඉහත දින වකවානු කාදිනල්තුමාගේ පෙත්සමේද සඳහන්වේ. එබැවින් ප්‍රහාරය සිදුවූ මොහොතේ ඔහු බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේ යැයි කියන සාක්ෂිය සහමුලින්ම අසත්‍යයක් බව එම දින වකවානු මගින්ම සනාථ වේ.

​2. සලේ මහතාගේ 2020 ජනවාරි හා 2020 ජූනි ප්‍රකාශ නොගැලපීම

​මෙම සාක්ෂි අතර පරස්පර තිබීම සලේ මහතා ප්‍රහාරයේ මහමොළකරුවෙකු ලෙස වගඋත්තරකරුවෙකු කිරීමට තරම් ප්‍රභල සාක්ෂියක් වන්නේ කෙසේදැයි පැහැදිලි කළයුතුවේ. එකම නිවසේ ජීවත්වූ මරාගෙන මැරුන ප්‍රහාර එල්ලකල ආත්මඝාතකයින්ගේ පියාට නොමැති අපරාධ චෝදනාවක් සලේවෙත යොමුවීම පැහැදිලි කළ යුතුය. 

යම් හෙයකින් සලේ මහතාගේ මූලික සාක්ෂිවල සහරාන් පිළිබඳව සඳහන් නැත්නම් ඔහු සඳහන්කර ඇත්තේ පාස්කු ප්‍රහාරයකට අදාල බුද්ධ් තොරතුරක් හෝ කතෝලික දේවස්ථාන අරභයා ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් ඇත යන්න විය හැක. හේතුව, ඒ වනවිට, පවතින සාක්ෂි මත, සහරාන්ලා අරමුණුකරගෙන හිටියේ ඇසළ පෙරහැර සහ බෞද්ධ සිද්ධස්ථාන නිසා විය හැක. බුද්ධි වාර්තා පිළිබඳව එවක පැවති ඊනියා යහපාලන රජය නිසි අවධානය යොමු නොකළේ එවක රටේ පැවති ඊනියා සංහිඳියාවට එයින් අගතියක් වේ යන හැඟීම සහ ඉන් මුහුණදීමට සිදුවිය හැකි දෝශාරෝපණයට ඇති බිය හා දේශපාලනිකව ලැබිය හැකි විපාක පිළිබඳව බිය නිසා විය හැක. එකී ඉලක්කයන් කෙටිකාලයක් තුල කතෝලික දේවස්ථාන දෙසට එල්ලවූයේ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක සිදුවූ ඝාතන බව ආත්මඝාතකයින් ඔවුන්ගේ දිව්රීමේදී පැහැදිලිව සඳහන් කර ඇත. එසේනම්, සලේට ඒ පිළිබඳව සාක්ෂියක් ඔහු ඉන්දුනීසියාවට යෑමට පෙර කාලයේදී ලබාදීමේ හැකියාවක් නැත. 

​3. සලේ මහතාට එරෙහිව නඩු පැවරීමක් පිළිබඳව ප්‍රකාෂ කලද සලේ මහතා විසින් පවරන අපහාස නඩුව පිළිබඳව සඳහන් නොකිරීම

මෙය අධිකරණයට සත්‍ය කරුණු හෙළිනොකිරීමක්සේ සැළකිය යුතුවේ. සලේ මහතාව අත්අඩංගුවට පත්වන කාළයේදී ඊට නොබෝ දිනකින් ඒ සඳහා වගඋත්තරකරුවන්ගෙන් සාක්ෂි කැඳවීමට නියමිතව තිබුනි. ජනමාධ්‍යවල සඳහන්වන ආකාරයට මෙම අත්අඩංගුවට පත්වීම හේතුවෙන් සලේ මහතා විසින් පවරනලද අපහාස නඩුව ඇනහිට ඇත.

4. Channel 4 චෝදනා පිළිබඳ විමර්ශනයක් කර නොමැති බවට කෙරෙන ප්‍රකාශය

​කාදිනල් හිමියන්ගේ පෙත්සම මගින් අඟවන්නේ Channel 4 චැනලය මගින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුවී නොමැති බවයි. 

* ​Channel 4 නාලිකාව මගින් ඉදිරිපත් කළ වීඩියෝව සහ අසාද් මව්ලානාගේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් / කමිටුවක් පත් කරන ලද අතර, එම විමර්ශන මගින් අදාළ චෝදනා පදනම් විරහිත බව තහවුරු කර නිප්‍රභා කෙරිණි.

* ​එකී චෝදනා එල්ල කළ Channel 4 නාලිකාව පවා පසුව පිළිගෙන තිබුණේ අසාද් මව්ලානා සඳහන් කරන ආකාරයේ හමුවීමක් (එනම් 2018 පෙබරවාරි මාසයේදී පුත්තලම ප්‍රදේශයේදී සලේ මහතා සහ සහරාන් හමු වූයේ යැයි කියන සිද්ධිය) සැබවින්ම සිදුවූ බවට ස්වාධීනව තහවුරු කර ගැනීමට තමන්ට නොහැකි වූ බවයි. ස්වකීය නාලිකාව පවා තහවුරු නොකළ චෝදනාවක් මත පදනම්ව සලේ මහතාට එරෙහිව කරුණු දැක්වීම සහ විමර්ශන සිදුවී නැතැයි පැවසීම උසාවිය නොමග යැවීමකි.

ඊට අමතරව පහත සඳහන් කරුණද සළකා බැලීම වැදගත්වේ.

කතෝලික දේවස්ථාන සහ කතෝලික ජනතාව ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ගැන එවැනි කිසිදු බුද්ධි තොරතුරක් කොළඹ අගරදගුරුතුමාට හෝ කතෝලික පූජකවරුන්ට කිසිඳු ආකාරයකින් දැනුම් දී නොතිබූ බව කාදිනල්තුමා ප්‍රකාශ කරයි. 

​කාදිනල්තුමා එදින කිසිඳු දේවස්ථානයක ප්‍රසිද්ධියේ පාස්කු දේව මෙහෙයක නියැලී නොතිබීමතුල හා ප්‍රභල ඇමතිවරයෙක් ඔහුගේ පියාගෙන් ලද උපදෙසකට අනුව පාස්කු දේවමෙහෙයන්ට සහභාගී නොවී සිටීම තුල මෙම ප්‍රකාෂය පිළිබඳව ජනතාවතුළ සැකයක් පවතින බව පෙනෙන්නට ඇත. එබැවින් මේ ප්‍රකාෂය පිළිබඳව වෙනම පරීක්ෂණයක් සිදුකළ යුතුබව ජනතාවගේ හැඟීමයි. 

එසේම එම ප්‍රහාරය කලින් සැළසුම්කර තිබුනේ බෞද්ධ පෙරහැර, සිද්ධස්ථාන හා ගම්මාන බවට හෙළිව ඇති සාක්ෂි අනුව පැහැදිලි වන අතර හදිසියේම පාස්කුදා කිතුනු දේවස්ථාන තෝරාගැනීමට හේතුවද ආත්මඝාතකයින් විසින් ඔවුන්ගේ දිව්රුම් දීමේදී පැහැදිලිව පවසා තිබුනි.

​කාදිනල් හිමියන්ගේ ඉල්ලීම විමර්ෂණය විය යුතු ආකාරය

​කාදිනල් හිමියන්ගේ මැදිහත්වීමේ පෙත්සම අධිකරණය හමුවේ පවත්වාගෙන යා නොහැකි බවත්, එය වහාම සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතුයැයි කාදිනල්තුමා සිතන ආකාරයටම ප්‍රතික්ෂේප විය යුතු බවත් තහවුරු වන ප්‍රධාන කාරණා පහත පරිදි වේ:

* ​කාදිනල් හිමියන් විසින් සලේ මහතාගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටින ප්‍රධාන පදනම වන්නේ සලේ මහතාගේ සාක්ෂි පරස්පර බවත් කරුණු වසන් කර ඇති බවත් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත්ය.

* නමුත්, ඉහත විග්‍රහ කළ පරිදි, කාදිනල් හිමියන්ම ස්වකීය මැදිහත්වීමේ පෙත්සම තුළ අධිකරණය හමුවේ තබා ඇත්තේද අසත්‍ය සහ නොමග යවන සුළු අර්ථදැක්වීම් මතුවන කරුණු බව පෙනීයයි.

* ​යම් පාර්ශවයක් අසත්‍ය ප්‍රකාශ කරමින් හෝ අධිකරණය නොමග යවමින් සහනයක් ඉල්ලා සිටින්නේ නම්, එම පාර්ශවයට අධිකරණයෙන් සාධාරණ සහනයක් ලැබීමට අයිතියක් නැත. 

* එබැවින්, අසත්‍ය ප්‍රකාශ කිරීම යන හේතුව මතම කාදිනල් හිමියන් විසින් සලේ මහතාගේ පෙත්සමට එරෙහිව කරනු ලබන ඉල්ලීම මෙන්ම, කාදිනල් හිමියන්ගේ මැදිහත්වීමේ පෙත්සමටද අධිකරණය විසින් මුලදීම (in limine) කාදිනල්හිමි සලේගේ රිට් පෙත්සම පිළිබඳව අපේක්ෂා කල ප්‍රතික්ෂේප කිරීම අදාල කළ යුතුව ඇත.

​සුරේෂ් සලේ මහතාට සාධාරණ යුක්තිය ඉටුවීමේ අවශ්‍යතාව

​සලේ මහතා අත්අඩංගුවට ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට ආසන්නතම සහ ප්‍රධානතම පදනම වී ඇත්තේ Channel 4 නාලිකාව මගින් ප්‍රචාරය කරන ලද සහ අසාද් මව්ලානා විසින් කරන ලද චෝදනාය. 

* ​මෙම චෝදනා මගින් කියැවුණේ සලේ මහතා සහරාන් ඇතුළු කල්ලිය සමග සජීවීව හමුවී කුමන්ත්‍රණය කළ බවයි. එහෙත් එම කාලසීමාවන්හිදී සලේ මහතා විදේශගතව සිටි බවට නීතිමය හා නිල ලේඛනමය සාක්ෂි පවතී. එමෙන්ම මෙම චෝදනා පරීක්ෂා කළ කොමිසම මගින්ද එම කරුණු අසත්‍ය බව තහවුරු කර ඇත.

* ​ඕනෑම පුරවැසියෙකුට මෙන්ම, රටට සේවය කළ ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියෙකු ලෙස සලේ මහතාටද දේශපාලන හෝ මාධ්‍ය ප්‍රචාරණයන්ට යට නොවූ, අපක්ෂපාතී සහ සාධාරණ නීතිමය ක්‍රියාවලියකට මුහුණ දීමේ අයිතියක් ඇත.

* ​බොරු සාක්ෂි සහ පදනම් විරෝධී මාධ්‍ය අනාවරණයන් මත පදනම්ව පුද්ගලයෙකුගේ නිදහස අහිමි කිරීම සහ ඔහු අපරාධකරුවෙකු ලෙස හුදකලා කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනිය. Channel 4 මගින් එල්ල කළ චෝදනා සියල්ල පදනම් විරෝධී බව දැනටමත් විමර්ශනය වී තහවුරු වී ඇති බැවින්, එකී අසත්‍ය චෝදනා මත පදනම්ව සලේ මහතාට එරෙහිව සිදුකරන ක්‍රියාමාර්ග වහාම සමාලෝචනය විය යුතු අතර, අභියාචනාධිකරණය හමුවේ ඔහු ඉල්ලා සිටින රිට් සහනය ලබාදෙමින් ඔහුට සාධාරණ යුක්තිය ඉටුකිරීම පූර්ණ නීතිමය අවශ්‍යතාවයකි.

​සංක්ෂිප්තව දක්වන්නේ නම්, කාදිනල් හිමියන් විසින් ඉදිරිපත් කර ඇති මැදිහත්වීමේ පෙත්සම සාධාරණ නීතිමය හෝ සත්‍ය කරුණු මත පදනම් වූවක් නොව, පරස්පර සහ අසත්‍ය තොරතුරු අනුමාන සහ අර්ථදැක්වීම මත ගොඩනඟන ලද්දකි. යම් හේතුවක් මත සලේ මහතා අසත්‍ය ප්‍රකාශ කළේ යැයි පවසමින් කාදිනල් හිමියන් සහන ඉල්ලන්නේ නම්, උන්වහන්සේගේ පෙත්සමේම අඩංගු අසත්‍ය හා නොමග යවන සුළු කරුණු හේතුවෙන් එකී ඉල්ලීමට කාදිනල්හිමි සලේගේ පෙත්සමට අපේක්ෂාකල ප්‍රතික්ෂේප කිරීම අදාලකල යුතුය. 

එමෙන්ම, පදනම් විරෝධී චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේ මහතාට එරෙහිව නීතියේ සාධාරණත්වය ඉටුවීමත්, ස්වාධීන අධිකරණය හමුවේ ඔහුට සාධාරණ නඩු විභාගයක් සහ සහනයක් හිමිවීමත් සමස්ත සාධාරණ සමාජයේ සහ නීතියේ ආධිපත්‍යයේ අපේක්ෂාව වේ.  

තවද, කාදිනල්තුමාගේ පෙත්සමේ සඳහන් පරිදි ප්‍රහාරය එල්ලකල සතුරාටඋවත් සමාව දීමට එතුමාට හැකියාව තිබුනේනම් සාමාන්‍ය බුද්ධියෙන් උවත් වටහාගැනීමට තරම් සැකකරුවෙක් කළනොහැකි තැනැත්තෙක් පසුපස සාමාන්‍ය අධිකරණ කටයුතුවලින් බැහැරව කටයුතු කිරීමට සැළස්වීමට ඉල්ලා සිටීමට තරම් සැහැසිවීම මිනිසුන් අභියස කෙසේවුවද කාදිනල්තුමා අදහන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියේනම් ගැලවිය නොහැකි සමාවක් නොලැබෙන වරදක් වනු ඇත.

- යසස් ධර්මදාස

සම්බන්ධිත පුවත් | Related News

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.