වසර අගදී එල් - නිනෝ ප්‍රබල වෙයි.. වසර 75කට පසු ලංකාවට දරුණු අවදානමක්..
මේ වසර අගවනවිට එල් - නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල් - නිනෝ තත්ත්වයක්වීමේ සම්භාවිතාව සියයට 90ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 75ක් තුළ ඇතිවූ එල් - නිනෝ තත්ත්වයන්ට වඩා ප්‍රබල එල් - නිනෝ තත්ත්වයක් මේ වසර අවසානයේදී අපේක්ෂා කරන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා,
"මේ එල් - නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ. මේ වසරේ ඇතිවන එල් - නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල් - නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල් - නිනෝ තත්ත්වය ඒ සියලුම එල් - නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක්වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝතකනය වෙනවා"
මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, තමන් යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම 37%ක් දක්වා පහළ ගොස් ඇති බැවින්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එන්.පී.එස්.ඩී. හේරත් මහතා මේ සම්බන්ධයෙන් පැවසූයේ,
"වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන ප්‍රධාන ජලාශ 74 පවතින ජල ප්‍රමාණය මේවන විට ප්‍රතිශතයක් වශයෙන් 37%කට ආසන්න අගයක් ගන්නවා. මේවන විට පවතින ජල ප්‍රමාණය යල කන්නය සඳහා ප්‍රමාණවත් යැයි අපේක්ෂා කරන අතර, නොවැම්බර් දෙසැම්බර් වර්ෂාපතනය ලැබෙන තාක් ප්‍රමාණවත් වේ යැයි අපේක්ෂා කරනවා"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..