ඇමරිකානුවන්ගෙන් අඩකට වැඩි පිරිසක් 2025 වසරේ සිට තම මූල්‍ය තත්ත්වය පිරිහී ඇති බව පවසති – මත විමසුමක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජනවාරියේ බලයට පත්වීමෙන් පසු තම මූල්‍ය තත්ත්වය පිරිහී ඇති බව ලියාපදිංචි ඇමරිකානු ඡන්දදායකයන්ගෙන් 53%ක් පමණ විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය පුවත්පතක් වෙනුවෙන් Focaldata ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමක් මගින් ඊයේ(16) අනාවරණය විය.
මීට අමතරව, සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් ඇමරිකානු ආර්ථිකය වැරදි දිශාවකට ගමන් කරමින් පවතින බව විශ්වාස කරන බවද එම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
මෙම මත විමසුම අගෝස්තු 7 සිට 10 දක්වා ලියාපදිංචි ඇමරිකානු ඡන්දදායකයන් 1,913 දෙනෙකු යොදා ගනිමින් සිදු කර ඇති අතර, එහි දෝෂ සීමාව ප්‍රතිශත ඒකක 2.9ක් පමණ වේ.
සිකුරාදා Sputnik ආයතනය විසින් ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් කර ගනිමින් සිදු කළ ගණනයකට අනුව, ජූලි 1 සිට ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 500කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, එය වාර්තාගත ඉහළම අගය වන ඩොලර් ට්‍රිලියන 40කට ආසන්න වී තිබේ.
මීට අමතරව, ඇමරිකානු ආර්ථිකය පිළිබඳ පවුල්වල විශ්වාසයේ මට්ටම පිළිබිඹු කරන මිචිගන් විශ්වවිද්‍යාලයේ පාරිභෝගික මනෝභාව දර්ශකය (University of Michigan Consumer Sentiment Index) මූලික ඇස්තමේන්තුවලට අනුව, පසුගිය මාසයේ පැවති ලකුණු 55.2 සිට අගෝස්තු මාසයේදී ලකුණු 51 දක්වා පහත වැටී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්