LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
Aug 13, 2026 at 02:53 PM
|
වත්මන් රජය විසින්
ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ
දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර
සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත්
අදහස් දැක්වූ සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
පැකේජය වත්මන් පාලකයින්ගේ එකක් නොව, පසුගිය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)
සහ විදේශීය බලපෑම් මත සකස් කරන ලද්දක් බවයි.
එකී පරණ පැකේජයට තවත් කරුණු කිහිපයක් එකතු කර 2026 වසරේ සිට නැවතත් පාසල් පද්ධතියට
ඇතුළු කිරීමට සූදානම් වන බවත්, ඊට එරෙහිව ගුරු
සහ ආචාර්ය සංගම් දිවිහිමියෙන් සටන් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
“රනිල් වික්‍රමසිංහ
මහතාගේ පාලන සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) සහ ඩයස්පෝරාවට ඕනෑ විදිහට සකස් කළ, LGBTQ+ සංකල්ප ඇතුළත් කළ මෙම අධ්‍යාපන පැකේජය නැවත 2027 වසරේදී පාසල් පද්ධතියට ඇතුළු කිරීමට
සූදානම් වන්නේ නම්, එය පරාජය
කිරීමට දිවිහිමියෙන් පාරට බහිනවා,” යැයි ඔහු අවධාරණය කළේය.
එමෙන්ම,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හොර රහසේම තම ඉන්ධන
දීමනා රුපියල් 60,000-70,000කින් ඉහළ දමාගනිමින් සිටින වටපිටාවක, දීර්ඝ කාලයක සිට දිවයිනේ දුෂ්කර හා ග්‍රාමීය
පාසල් 2,500ක පමණ කැපවීමෙන් සේවය කරන වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනාව අහෝසි කිරීමටත්,
2017 සිට ගෙවන ලද දීමනා නැවත අය කරගැනීමටත් අධ්‍යාපන
අමාත්‍යාංශය කටයුතු කිරීම දැඩි අසාධාරණයක් බවද ඒ මහතා සඳහන් කළේය.
ජාතික ගුරු ව්‍යාපාරයේ
ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් චෝදනා කළේ, IMF යෝජනා මත සිසුන් 100 ට අඩු පාසල් 3,000 කට අධික සංඛ්‍යාවක්
වසා දැමීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස වැඩබලන විදුහල්පතිවරුන් අධෛර්යමත්
කර එම තනතුරුවලින් ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවයි.
එබැවින් මෙම අසාධාරණ
තීරණය වහාම හකුලාගෙන, පළාත් ආණ්ඩුකාරවරුන්
මැදිහත් වී එම දීමනා ලබාදී දුෂ්කර පාසල් පද්ධතිය රැකගැනීමට කටයුතු කරන ලෙස ජාතික ගුරු
ව්‍යාපාරය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා කළ සම්පූර්ණ කතාව
"මම සඳුන් බණ්ඩාර
බෝදරගම. ප්‍රධාන ලේකම් - ජාතික ගුරු ව්‍යාපාරය. විශේෂයෙන්ම අද දවසේ මේ මාධ්‍ය හමුව පැවැත්වීමේ
මූලික අරමුණ, පහුගිය දිනක හදිසියේම
නින්දෙන් නැගිට්ටා වගේ අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරයා - ලාල් කාන්ත සහෝදරයා කරපු ප්‍රකාශයක්
පිළිබඳව ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපේ මතය පළකිරීම.
විශේෂයෙන්ම මතක්
කරන්න ඕන ලාල් කාන්ත ඇමතිතුමා, අපිට මතකයි ඔහු
'සහෝදරයා' කාලේ. ඔහු 'සහෝදරයා' කාලේ ඔහු මාධ්‍යයට, ප්‍රසිද්ධ මාධ්‍යයේ
ඔහු කියනවා ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ඔවුන්ගේ, ඔහු කියනවා "ඔව්, අපි පාලම් බෝක්කු කැඩුවා තමයි. ඒ විතරක් නෙවෙයි, අපි ගැන තොරතුරු දීපු උන් මැරුවා තමයි"
කියලා.
ඒ විතරකුත් නෙවෙයි
අපිට මතකයි ඔය ගෝල්ෆේස් අරගලයේ වෙලේ, එතුමා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ආසන්නයේ ඉඳගෙන අරගලකරුවන්ට ආරාධනා කරනවා
"පාර්ලිමේන්තුව වටලන්න, එන්න මේ අවසන්
බංකරේ, මේක බිඳලා දාන්න,
මේක මෙතැනින් අවසන් කරන්න එන්න" කියලා.
එතකොට,
හිටපු පාලකයෝ එහෙම නැත්නම් වර්තමානයේ එයාලගේ
පාලකයින්ගේ ආනුභාවය නිසාම, අද ලාල් කාන්ත
ඔය ඇමති පුටුවේ ඉන්නවා ඇරෙන්න, එතුමා හරිනම් ඉන්න
ඕන වැලිකඩ එහෙම නැත්නම් ඔය මීගමුවේ හිරගෙදර වගේ තැනක.
ඒක නිසා එහෙම මහත්තයෙක්
තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඉතින් ඊට පස්සේ 'මිස්ටර් ලාල් කාන්ත' වුණාට පස්සේ, එහෙම නැත්නම් 'මිනිස්ටර් ලාල් කාන්ත' වුණාට පස්සේ ඔහුගේ ප්‍රකාශ තමයි ඔහු කියන්න ගත්තා "අපි
වවලයි අපි කන්නේ" සංකල්පයෙන් දැන් අපි ඈත් වෙලා ඉන්නේ කියලා.
"එහෙම එකක් දැන්
අපේ නැහැ, බලන්න පුළුවන් විදිහට වවපල්ලා.
එහෙම නැත්නම් අපි ආනයනය කරන්න කරන වැඩේ කරනවා" කියලා.
ඒ විතරක් නෙවෙයි
ඔහු කිව්වා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන "පුරන් කුඹුරු අස්සද්දනවා"
කියන එක දැන් යල්පැන ගියපු සංකල්පයක් කියලා.
එතකොට ඒ විතරකුත්
නෙවෙයි තවත් දවසක එයා කියනවා, මේ සමහර වෙලාවට
අර අපි දන්නවා එතුමාගේ කල්ක්‍රියාව කොහොමද කියලා, සමහර වෙලාවට මතෙන් කතා කරන්නේ, සමහර වෙලාවට මත නැතුව කතා කරන්නේ. එතකොට තව වෙලාවක එතුමා
කියනවා "මේ මේ ගොවියා හුරුතල් කරලා බැහැ මේ ප්‍රශ්න විසඳන්න, මේ මඩ හෝදගත්තාම ගොවියා රජවරු කියලා,
එහෙම නැත්නම් මේ රටට බත් සපයනවා කියලා මේගොල්ලෝ
හුරුතල් කරලා බැහැ, ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග
ගන්න ඕන, දැඩිව ගොවියාට ෂොට් එක
දෙන්න ඕන" කියලා.
ඒ ෂොට් එකක් දාපු
වෙලාවක තමයි මං හිතන්නේ එහෙම කිව්වේ එතුමා. එතකොට මෙන්න මෙහෙම තමයි 'මිනිස්ටර් ලාල් කාන්ත' හැසිරුණේ. එතකොට ඒ ලාල් කාන්ත, ඔය ගොවියාගේ ඒ ගොවි ගොවි ගැටලු විසඳන්න ඔවුන්
ගේන යෝජනා ගැන සතපහකට සලකන්නේ නැති ලාල් කාන්ත, මේ ඊයේ පෙරේදා දවසක අහනවා "මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
පිළිබඳව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
පිළිබඳව විරෝධය පළ කරන ආචාර්ය සංගම්, ගුරු සංගම් කෝ ඉදිරිපත් කරපු පැකේජය?" කියලා.
එහෙම අහනවා ලාල්
කාන්ත. එතකොට අපි අහන්න සූදානම්, ඔබතුමා දන්නවාද ඔය ඉදිරිපත් කරලා තියෙන, ඔබතුමාගේ අධ්‍යාපන ඇමතිතුමිය විදිහට හරිනි අමරසූරිය මැතිනිය
ඔය කරතියාගෙන යන පැකේජය කාගේද කියලා?
දැන් ඔබතුමා හිතන්
ඉන්න විදිහට ඒක හරිනි අමරසූරිය හදපු පැකේජයක්. හැබැයි හොඳට මතක් කරලා බලන්න,
තමුන්නාන්සේට “ඩිමෙන්ෂියා” හින්දා මේවා අමතක
වෙලා ඇති. තමුන්නාන්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා තමුන්නාන්සේට ඩිමෙන්ෂියා කියන රෝගය
තියෙනවා කියලා.
එතකොට මතකය අමතක
වන තත්ත්වයක් නිසා මේවා මතක නැතුව ඇති ලාල් කාන්තට. මතක් කරගන්න ඕන, ඔය කියන අධ්‍යාපන පැකේජය, ඕක ගේන්නේ තමුන්නාන්සේගේ හරිනි අමරසූරිය නෙවෙයි. ඕක ගේන්නේ
තමුන්නාන්සේලා 'කජු සීයා'
කියලා අවමන් කරන රනිල් වික්‍රමසිංහගේ පාලන සමය
තුළ. රනිල් වික්‍රමසිංහගේ පාලන
සමය තුළ තමයි ඔය කියන අධ්‍යාපන පැකේජය ගේන්නේ. ඒක 2025 දී තමයි ක්‍රියාත්මක කරන්න තිබ්බේ.
එතකොට තමුන්නාන්සේලා
ආණ්ඩුව ආපු ගමන් මේකට කල් මදි කියලා තමයි හරිනි අමරසූරිය මේකට තව වසරක් කල් අරගෙන 2026 දී ක්‍රියාත්මක කරන්නේ. එතකොට අර කජු සීයා ගෙනාපු, ජාත්‍යන්තරයට ඕන විදිහට, ඩයස්පෝරා එකට ඕන විදිහට, IMF පදයට නටලා හදපු පැකේජයේ තව වස ටිකක් එකතු කරලා,
හරිනි අමරසූරියට ඕන විදිහට ඒකට LGBTQත් ඇතුළ් කරලා තමයි ඔය 2026 දී ගේන්න ගියේ.
ඒ හින්දා ඒ පැකේජයකවත්
කාගේද කියලා දන්නේ නැති ලාල් කාන්ත තමයි අපෙන් අහන්නේ "කෝ අපි ඉදිරිපත් කරපු පැකේජය?"
කියලා. ඒ හින්දා හොඳට මතක තියාගන්න, ඔය හරිනිගෙන් ගිහිල්ලා අහන්න ඔය පැකේජය කාගේද
කියලා, ඔයාට ලැජ්ජාවක් නැත්නම්.
එතකොට අපි කියන්න
කැමතියි, අපි ඒ මොහොතේ විරුද්ධ වෙන්නේ
ඔන්න ඔය කියන ඔය කුණු ගොඩට තමයි. ඔය ඩස්බින් එකට තමයි. හැබැයි ඒ මොහොතේ ඕක අඩියක් පස්සට
ගන්නේ, හරි ඊට පස්සේ මේකට සංශෝධන
ගේනවා, මේ විරුද්ධ වෙන අයගේ යෝජනාත්
සලකා බලනවා කියලා.
එතකොට,
හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ, අපි දන්නේ නැහැ, එහෙම සාකච්ඡාවක් මේ දක්වා වුණාද කියලා. අපිටනම් ආරාධනා ලැබිලා
නැහැ. එතකොට ඒ කුණු ගොඩ එහෙම්මම
තියෙද්දී, දැන් අපි දන්නවා ආපහු ඔය
වචන එන්නේ මොකටද කියලා. දැන් නැවත සූදානම් වෙමින් ඉන්නවා 2027 වර්ෂයට නැවත ඒක ක්‍රියාත්මක කරන්න.
අපි ලාල් කාන්ත
මහත්තයාට වගේම අගමැති හරිනි අමරසූරියටත් මතක් කරනවා, ඔය ඩස්බින් එක ඔය විදිහටම නැවත පාසල් පද්ධතිය ඇතුළට ඇතුළු
කරන්න සූදානම් වුණොත්, දිවිහිමියෙන් ඕක
පරද්දන්න නැවත අපි පාරට එනවා කියන කාරණය ජාතික ගුරු ව්‍යාපාරය විදිහට. ඒකනිසා මේ ඔය
සෙල්ලම හැමදාම කරන්න ඔයාලට ඉඩ නැහැ. ඔයාලගේ ඔය පුටු ඉතුරු වෙලා තියෙන්නේ හිටපු පාලකයෝ
තමුන්නාන්සේලාට එරෙහිව පියවර නොගත්ත නිසා. ඔය පුටුවල අද තමුන්නාන්සේලා ඔතන ඔහොම වාඩි
වෙලා ඉන්නේ.
ඒක නිසා අපි නැවත
මතක් කරනවා, තම තමන්ගේ පැකේජ්
ගැන ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න, අපේ පැකේජ් ගැන අහන්න කලින් කියලා.
අපිට මතකයි පහුගිය
දිනක පාර්ලිමේන්තුවේදී දමිළ මන්ත්‍රීවරයෙක් වෙන රාමදානන් රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා,
ඔහුගේ ජූලි මස වැටුප් විස්තරය ඉදිරිපත් කරමින්
ඔහු ප්‍රකාශයක් සිදුකරනවා, අප්‍රේල් මාසයට
වඩා ජූලි මාසය තුළ තමන්ගේ වැටුප රුපියල් 65,000 කින් වැඩිවෙලා තියෙනවා.
එතකොට මේ පිළිබඳව
අපිට මතකයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් මාධ්‍ය විසින් ප්‍රශ්න කරහම, ඔහු කියපු කාරණයක් තමයි ඉතාම උද්දච්ච විදිහට
"නැහැ, ඔය වැඩිවෙලා තියෙන්නේ
වැටුප නෙවෙයි, ඉන්ධන දීමනාව.
ඉන්ධන දීමනාව වියදමට සරිලන විදිහට ගලපලා තියෙන්නේ. ඉන්ධන මිළට සරිලන විදිහට ගලපලා තියෙන්නේ,
ඒක කාටහරි විපක්ෂයේ කෙනෙකුට ඕන නැත්නම් අපි ඒක
කපලා දාන්නම්" ඒ වගේ උද්දච්ච ප්‍රකාශයක් තමයි කරේ.
එතකොට ඉතාම පැහැදිලියි
මේ මහත්තුරු, මේ රටේ ජනතාවට
නැති කිසිදු වරප්‍රසාදයක් අපිට එපා කියලා ආපු මහත්තුරු, ඉතාම හොර රහසේ, ඉතාම හොර රහසේ තමන්ගේ පාර්ලිමේන්තුවේ ඉන්ධන දීමනාව ඔය කියන
මුදල්වලින්, මුදල් ප්‍රමාණයෙන්
වැඩි කරගෙන තියෙනවා. එතකොට අපි අහනවා එහෙනම් රාජ්‍ය සේවකයන්ටත් ඔය වැඩේ කරාද?
ඉන්ධන මිළට ගැලපෙන විදිහට ඉන්ධන දීමනාව වැඩි
කරලා දුන්නද? නැහැ!
එතකොට එයාලා ඉතාම
හොර රහසේ... දැන් අපිට රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයාගේ දේශපාලන ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක්
තියෙනවා, හැබැයි ඔහු මේ ඉදිරිපත්
කරපු ප්‍රකාශය ඉතාම අවංක ප්‍රකාශයක්. ඒකට අපි ගරු කරනවා ඔහුට. ඒ අතරවාරයේ අපි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට
අද අදහස් කරන්න යන්නේ, දැන් මේ කියන විදිහට
මහජන නියෝජිතයින්ගේ ඉන්ධන දීමනාව රුපියල් 60,000 කින්, 70,000 කින් වැඩි කරගනිද්දී, අපි දන්නවා අපේ
රටේ ඉන්නවා පාසල් පද්ධතිය තුළ 2,000 කට 2,500 කට වඩා වැඩි ප්‍රමාණයක්
වැඩබලන විදුහල්පතිවරු. එහෙම නැත්නම් ගුරු
සේවයේ ඉඳගෙන, විදුහල්පති සේවයේ
රාජකාරි ආවරණය කරන විදුහල්පතිවරු.
ඔවුන් ඇත්තටම ඉන්නේ
අපේ රටේ ඉතාම දුෂ්කර, ග්‍රාමීය ප්‍රදේශවල
තියෙන ළමයි 50, 100, 150 ඉන්න පාසල්වල
තමයි මේ රාජකාරී ආවරණය කරමින් ඉන්නේ. එතකොට මේ පහුගිය දිනක අපේ අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහත්මය ලිපියක් නිකුත්
කරමින් සිහි කැඳවීමක් කරලා තියෙනවා.
ඔව්, ඒ ලිපියේ සඳහන් වෙනවා 2017 වර්ෂයේ තමයි මේ ගැසට් නිවේදනය නිකුත් වුණේ,
ඒකෙදි මේ වැඩබලන විදුහල්පතිවරුන්ට විදුහල්පති
දීමනාව ගෙවන්න එපා කියලා ගැසට් කරලා තියෙනවා. හැබැයි සමහර පළාත් තුළ මේක ගෙවීම් කරලා
තියෙනවා කියලා. ඒක හින්දා වහාම නතර කරන්න, ඒ නතර කරන්න විතරක් නෙවෙයි, ඒක ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අදාළ නිලධාරීන් විශ්‍රාම
යාමට ප්‍රථම මේ දක්වා, 2017 ඉඳලා මේ දක්වා
ගෙවලා තියෙන දීමනා නැවත අය කරගන්න.
එතකොට මේ එක පැත්තකින්
මහජන නියෝජිතයෝ අර වගේ මුදල්වලින් දීමනා වැඩි කරගනිද්දී, මේ ඉතාම අමාරුවෙන්, මේ දුෂ්කර පාසල් රැකගෙන ඉන්න මේ වැඩබලන විදුහල්පතිවරුන්ගේ
සොච්චම් දීමනාව තමයි මේ කපලා දාන්නේ.
මේකට මේ වැඩබලන
විදුහල්පතිවරයෙක් පත්වෙන්නේ හොඳට මතක් කරගන්න ඕන, වැඩබලන විදුහල්පතිවරයෙක් පත්වෙන්නේ පාසලේ හිටපු විදුහල්පතිවරයා
විශ්‍රාම යද්දී, එහෙම නැත්නම් ඔහු
මාරුවෙලා යද්දී මේ වැඩ ආවරණය කිරීම සඳහා.
එතකොට මේකේ සාමාන්‍ය
පිළිවෙත තමයි ජ්‍යෙෂ්ඨතම ගුරුවරයා තමයි පාසලේ ඉන්න වැඩබලන විදුහල්පති විදිහට පත්වෙන්නේ
වැඩ ආවරණය කිරීම සඳහා. ඔහු අකමැතිනම් ගුරු මණ්ඩලයේ කැමැත්තෙන් වෙන කෙනෙක් පත්වෙනවා.
එහෙමත් කෙනෙක්
නැත්නම් සමහර වෙලාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් බලෙන් කාටහරි මේ වැඩ පැවරීම කරලා
තියෙනවා. එහෙම තමයි මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නේ.
දැන් එතකොට මේ
මහත්තුරු වැඩබලන විදුහල්පතිවරුන්ට විරුද්ධයිනම්, වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපනවානම් මේගොල්ලන්ට තිබ්බා
දැන් ඇවිල්ලා වසර දෙකක්, මේගොල්ලන්ට තිබ්බා
එහෙනම් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ප්‍රමාණවත් පරිදි පත්කරගන්න මේ ව්‍යුහය ඇතුළට.
ඒක නෙවෙයි මේගොල්ලන්ගේ
ඇත්ත උවමනාව. මේගොල්ලන්ගේ ඇත්ත උවමනාව තමයි අපි දන්නවා පහුගිය කාලේ ප්‍රසිද්ධියේ කියවුණා,
ඒක ජනාධිපතිතුමාටත් කිහිපවතාවක් කිව්වා,
දැන් හිමින්සීරුවේ කරගෙන යනවා, අපි දන්නවා IMF යෝජනා මත සිසුන් 100 ට වඩා අඩු පාසල් 3,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වහන්න මේ වෙනකොට තීරණය කරලා තියෙනවා.
එතකොට අන්න ඒ පාසල්වල
තමයි මේ කියන වැඩබලන විදුහල්පතිවරු වැඩ ආවරණය කරමින් ඉන්නේ. දැන් ඒ මිනිස්සුන්ගේ මේ
දීමනාවත් කපලා, දැන් මං ඒ මිනිස්සු
මේ බාරදිරීමෙන් ඉවත් වෙයි. ආන් එදාට මේ පාසල් පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට
ඉතාම ලේසියෙන් මේගොල්ලන්ට පුළුවන් මේ ටික වහලා දාන්න.
එතකොට මේකට තමයි
මේ පිඹුරුපත් සකස් කරන්නේ. ඒ හින්දා අපි කියනවා ඉතාම මේ නිර්ලජ්ජිත වැඩේ කරන්න එපා.
අපි කියනවා මේ අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන්ට, මෙන්න මේ කියන මේ ලිපිවල මේවා අතික්‍රමණය කරලා හරි,
මේ කියන වැඩබලන විදුහල්පතිවරුන්ගේ මේ දීමනාව
ගෙවලා මේ දුෂ්කර පාසල් ටික රැකගන්න කටයුතු කරන්න කියලා ජාතික ගුරු ව්‍යාපාරය ඉඳලා අපි
යෝජනා කරනවා.
මේ වගේ නින්දිත
වැඩ, මේ වගේ සහගහන වැඩ තවදුරටත්
ඉදිරියටත් සිදු කරන්න එපා කියලා අපි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. බොහොම ස්තූතියි."