News Category
From Date
To Date
Maximum Number of Result

නව විදුලි පනත ඇමැතිට ඉල්ලමක්... රටට මහා විපතක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Jan 5, 2024 at 12:23 PM
|

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සඳහා නව නව නීතියක් හඳුන්වාදීමට උත්සාහ දරන්නේ මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේවත්වයෙන් විශ්වාස කරන නව යටත් විජිතකරණ මහා න්‍යායපත්‍රයට අනුව යැයි පැහැදිළි වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ බව පැහැදිලි කරමින් ලිපියක් යොමුකරමින් ඒ මහතා පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා 2003 දී 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් රාජ්‍ය දේපළ විකිණීමේ මහා සැලැසුම යටතේ විදුලි බල මණ්ඩලය එදා කොටස් 8කට කඩා විකුණා දැමීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.

මේ පිළිබදව සවිස්තර විස්තර ඇතුළත් ලිපිය පහළින්...

නව විදුලි  පනත: ඇමතිට ඉල්ලමක් - රටට මහා විපතක්

වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස 2003 දී යළි පුදුම ශ‍්‍රී ලංකා නම් වූ රාජ්‍ය දේපළ විකිණීමේ මහා සැලසුම යටතේ විදුලිබල මණ්ඩලය කොටස් 8කට බෙදා විකුණා දැමීම සඳහා නව විදුලි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එදා ජ්‍යේෂ්්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා එය සංශෝධනය කළ යුතු බවට අධිකරණය විසින් තීරණය කරනු ලැබීය. එහෙත් ආණ්ඩුව තුළ අර්බුද පැන නැගීම නිසා එදා එම මහා අපරාධය සිදුකිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

නමුත් ඒ සඳහා වන මූලික පූර්ව කොන්දේසියක් වූ මහජන උපයෝගීතා කොමිසම නීතිගත කිරීමට ඔහු සමත් විය. ජලය සහ විදුලිය සැපයීමේ සේවා පුද්ගලීකරණය කිරීමෙන් පසුව වෙළඳපළ නියාමනය කිරීම එම ආයතනයේ වගකීම වේ. සාමාන්‍යයෙන් රජය විසින් සේවා සැපයීමේදී නියාමන වගකීම සේවා සපයන ආයතනයේම වගකීම බවට පත්වේ. පුද්ගලික ආයතන කිහිපයක් රාජ්‍යයේ සහභාගීත්වය ඇතිව හෝ නැතිව තරගකාරීව වෙළඳපොළ තුළ ක‍්‍රියාත්මක වීමේදී ඒ ආකාරයට තුන්වන පාර්ශවයක් විසින් නියාමනය කිරීමේ අවශ්‍යතාවය මතුවේ. උදාහරණයක් ලෙස ප‍්‍රවාහන සේවා පුද්ගලීකරණය කිරීමේදී ගමනාගමන කොමිසම නමින් නියාමන ආයතනයක අවශ්‍යතාවය පැන නැගුණි. 

ඓතිහාසිකව අප රටේ විදුලිය සහ ජලය මහජනයාට සැපයීමේ වගකීම රාජ්‍ය අංශය විසින් වෙනත් බොහෝ රටවලට වඩා ප‍්‍රශස්ත ආකාරයට ඉටු කළ බව පොදු මහජන පිළිගැනීම වේ. එම සේවා මහජන අවශ්‍යතාවයට අනුව ක‍්‍රමානුකූලව වර්ධනය වූ අතර එම සේවාවන් සාධාරණ හෝ සහන මිලට සැපයීම රජයේ වගකීමක් ලෙස පිළිගැනුණි. එහෙත් එම ආයතන තුළ පවතින වංචා, දුෂණ සහ අකාර්යක්ෂමතාවයන් මෙන්ම දේශපාලන මැදිහත්වීම් නිසා අදාළ සේවාවල පිරිවැය ක‍්‍රමයෙන් වර්ධනය වූ බව සහ ඒ සඳහා රාජ්‍ය සහනාධාර යෙදවීමට සිදුවූ බව සත්‍යයකි. එහිදී ගල්අගුරු බලාගාර ඉදිකිරීමේදී කොමිස් ගැසීමද ඇතුළත්ව ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම සහ තාක්ෂණික ගැටළු නිසා විදුලිබල මණ්ඩලයේ පිරිවැය වැඩිවී ඇති බව පිළිගැනීමට සිදුවේ. නමුත් එම දුර්වලතා සාධනීය ලෙස නිවැරදි කිරීම සඳහා පියවර ගන්නා අතර විනිවිදභාවයෙන් යුතුව පිරිවැය පිළිබිඹු වන නව ගාස්තු ක‍්‍රමයක් හඳුන්වා දීමේ හැකියාව ඇත. දූෂණ වංචා සහ අකර්යක්ෂමතා වලට එරෙහිව දැඩි පියවර ගන්නා තත්ත්වයක් යටතේ මහජනයා විසින් එම ගාස්තු පිළිගන්නා බවට සැකයක් නැත. මේ වන විටද හොරකම සහ දූෂණය ද ඇතුළත් පිරිවැය අනුව ගාස්තු ගෙවීමට මහජනයා දැඩි විරෝධයකින් තොරව එකඟ වී ඇත. මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසිය වන්නේ පිරිවැය පිළිබිඹුවන ගාස්තු ක‍්‍රමයක් හඳුන්වාදීමය. 

එසේනම් විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට උත්සාහ කරන්නේ හුදු මූල්‍ය අරමුදලේ කෙටි කාලීන බලකිරීම නිසා නොවන බව ඉතා පැහැදිලිය. රනිල් වික‍්‍රමසිංහ මහතා එදා 2003 දී යළි පුබුදුම ශ‍්‍රී ලංකා න්‍යාය පත‍්‍රය යටතේ රාජ්‍යය කුඩාකර රාජ්‍යය දේපළ පුද්ගලීකරණය කිරීමේ න්‍යාය පත‍්‍රය ඉදිරිපත් කරන්නේ මූල්‍ය අරමුදලේ කෙටිකාලීන බල කිරීමකට වඩා ඔහු දේවත්වයෙන් විශ්වාස කරන නව යටත් විජිතකරන මහා න්‍යාය පත‍්‍රයට අනුව බව ඉතා පැහැදිලිය. එම කොල්ලකාරී න්‍යාය පත‍්‍රය යටතේ දැනට රාජ්‍ය අංශය තුළ සිදුකරන දූෂණ වංචා වෙනුවට රාජ්‍ය දේපළ කොල්ලකෑම මගින් දීර්ඝ කාලීනව මහජනයා සූරාකමින් ලාභ ඉපයීමට සහ රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීමට දේශපාලන ආධාරකරුවන්ට අවස්ථාව නිර්මාණය වේ. 

ඒ මගින් විවිධ මට්ටම්වලදී විශාල පිරිසක් විසින් සිදුකළ දුෂණ වංචා වෙනුවට අමාත්‍යවරයාට මහා පරිමාණ කොමිස් ලබා ගැනීමට සහ ආණ්ඩු පක්ෂය නඩත්තු කිරීම සඳහා මහා පරිමාණ අරමුදල් රැස් කිරීමට අවස්ථාව නිර්මාණය වේ. විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවක් ගත්විට ඒවා අත්පත් කර ගැනීම හෙවත් බල ශක්ති සුරක්ෂිතතාවය පාලනය කිරීම මගින් විදේශීය රටවලට තම සමාගම් හරහා භූ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට අවස්ථාව නිර්මාණය වේ. අප රටේ දැනට පවතින විදුලි පනත පසුගිය දිනවල ඉන්දියාවේ අදානි සමාගමේ උවමනාවන්ට අනුව සංශෝධනය කිරීමට පෙර එහි අඩංගුවූ විශේෂ ප‍්‍රතිපාදනයක් මගින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට විධි විධාන පනවා තිබුණි. එනම් මෙ.වො. 10කට වඩා වැඩි ව්‍යාපෘතියක බහුතර කොටස් අයිතිය රජය සතු විය යුතු බවට ප‍්‍රතිපාදනයක් පනවා තිබුණි. ඊට හේතුව එවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් කළමනාකරණය කරනු ලබන විදේශීය හෝ දේශීය සමාගමට අප රටේ විදුලි පද්ධතිය බිඳවැට්ටවීම සඳහා හැකියාව ලැබීමය. 

එම ආරක්ෂාකාරී නීතිමය ප‍්‍රතිපාදන ඉන්දියාවේ බලපෑම මත වෙනස් කිරීමෙන් නොනැවතී දැන් සමස්ත පද්ධතිය විදේශීය සමාගම්වලට අත්පත් කර ගත හැකි ආකාරයට නව නීතිමය රාමු ඉදිරිපත් කර ඇති බව ඉතා පැහැදිලිය. ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාට අනුව එම නව පනත ශ‍්‍රී  ලංකාවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බව පිළිගත නොහැක. ඊට හේතුව එහි ව්‍යුහය සහ ප‍්‍රතිපාදන පමණක් නොව භාෂාවද ශ‍්‍රී ලංකාවේ නීති කෙටුම්පත් සම්ප‍්‍රදායන්ට වඩා බොහෝ වෙනස්වීම බව ඔහුගේ මතය වී ඇත. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ‍්‍රී ලංකා න්‍යාය පත‍්‍රයේ අඩංගු විදේශීය න්‍යාය පත‍්‍රය ඒ ආකාරයටම ක‍්‍රියාත්මක කිරීමට ගනු ලබන උත්සාහය අනුව නීති කෙටුම්පතක් කිරීම සඳහා වන විදේශීය මැදිහත්වීම බැහැර කළ නොහැක. 

කෙසේ වෙතත් නව පනත මගින් අමාත්‍යවරයා විසින් අත්පත් කර ගන්නා බලය දෙස බලන විට අමාත්‍යවරයාගේ බරපතල වුවමනාවක්ද පනත තුළ නියෝජනය වන බවට විවාදයක් නැත. ඒ අනුව ඔහු විසින් පත් කරනු ලබන උපදේශක සභාවකට සියලූම ප‍්‍රතිපත්තිමය සහ උපායමාර්ගික තීරණ ගැනීමේ බලය පවරා ඇත. එම සභාවට නියාමන ආයතනයක් වන මහජන උපයෝගීතා කොමිසමට උපදෙස් දීමේ බලයද පවරා ඇති බැවින් සහ ප‍්‍රයෝගික තත්ත්වයන්ට අනුව අදාළ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමේ බලය පනත මගින් අමාත්‍යවරයාට ලබා දී ඇති බැවින් ඔහුට අත්තනෝමතික බලයක් ලැබේ. නියාමන ආයතනයට කළ හැක්කේ විදුලිය ජනනය කරන සහ සෙසු සේවා සපයන සමාගම් වලට බලපත‍්‍ර නිකුත් කිරීම සහ පරීක්ෂකවරුන් මගින් එම ආයතන අධීක්ෂණය කිරීම පමණි. 

පනත අනුව ඇමතිගේ නියෝජිතයින් විසින් සකස් කරන ප‍්‍රතිපත්තිය ආරම්භයේදීම ඇමතිට උවමනා ආකාරයට සකස් කිරීමේ හැකියාව ඇත. ඊට හේතුව අදාළ ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවට පනත මගින් ප‍්‍රතිපාදන පනවා නොමැති වීමය. ඊට අමතරව ප‍්‍රායෝගික තත්ත්වයන්ට අනුව අදාළ ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමේ බලයද ඇමතිට තිබෙන බැවින් සහ ප‍්‍රතිපත්තිය සකස් කරනු ලබන්නේ පනත සම්මත වීමෙන් පසුව වන බැවින් අධිකරණයට පවා ඊට අදාළ මතයක් පළ කිරීමට හැකියාව නැත. පනත සම්මත වූ පසුව නීතිය මගින් පනවා ඇති ප‍්‍රතිපාදන වෙනස් කිරීමට අධිකරණයට බලයක් නැත. 

ඒ අනුව කෑලිවලට කඩා විදුලිබල මණ්ඩලයේ වගකීම් පුද්ගලික සමාගම්වලට පැවරීමේ දී අමාත්‍යවරයා විසින් යම් සැඟවුණු කොන්දේසි පැනවීමේ හැකියාව ඇත. සෑම මෙගාවෝට් 1කට අමාත්‍යවරයාගේ ගිණුමට රුපියල් හෝ ඩොලර් වැටෙන ආකාරයට කොන්දේසි පැනවීමේ හැකියාවද ලැබෙනු ඇත. නමුත් අදාළ සමාගම් ක‍්‍රියාත්මක වීමේදී තාක්ෂණික වපසරිය තුළ අමාත්‍යවරයා ගොනාට ඇන්දවීමට සහ විදුලි පද්ධතිය තුළ කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකිරීමට බරපතළ අවකාශයක් විවෘත වේ. සමස්තය රජය විසින් පාලනය කරනු තත්වයක් තුළ පවා ජල විදුලි බලාගාරවල අහඹු ලෙස ජලය නිදහස් කිරීම සහ සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම සඳහා ඊනියා ඞීසල් මාෆියාවට ලැබී ඇති අවකාශය දෙස බලන විට වගකීම් රාශියක් සමාගම් රාශියක් විසින් දරන තත්ත්වයකදී පාලනය කෙතරම් දුෂ්කර වනු ඇද්ද?

නව පනත මගින් විදුලිබල මණ්ඩලය විසින් දරනු ලබන වගකීම් ක්ෂේත‍්‍ර  හයකට කඩා වෙන්කර ඇත. ඒ අනුව විදුලි ජනනය, සම්ප්‍්‍රෂණය, බෙදාහැරීම, වෙළඳාම, සැපයුම සහ ප‍්‍රසම්පාදන වශයෙන් බෙදී වෙන්වන ක්ෂේත‍්‍රවල මහජන සමාගම් සහ පුද්ගලික සමාගම් රාශියකට ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වේ. එම ක‍්‍රියාවලිය තුළ දැනට මණ්ඩලය විසින් පාලනය කරනු ලබන ජල විදුලි බලාගාර සියල්ල පුද්ගලික සමාගම් වලට පැවරීමට හැකියාව ලැබේ. ඊට අදාළ ව්‍යාපාරික කොන්දේසි පනතට ඇතුල් කර නොමැති අතර ඒවා පනත සම්මත කිරීමෙන් පසුව ප‍්‍රතිපත්තිය ලෙස එළිදක්වනු ඇත. එමඟින් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුව සහ මහජනයා ගොනාට ඇන්දවීමට පමණක් නොව අධිකරණයටද කරුණු සැඟවීමට හැකියාව ලැබේ. 

ඊට අමතරව නව පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන අතර අදාල වගකීම් වලින් කොටසක් රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ සමාගමකට පැවරෙනු ඇත. එම සමාගම ජාතික සම්පේ‍්‍රෂණ ජාලා සේවා සපයන්නා ලෙස හැඳින්වෙනු ඇති අතර එම සමාගමට ජනනය සහ බෙදාහැරීම පිළිබඳව වගකීම් දැරිය නොහැකි බවට පනත මගින්ම සීමා පනවා ඇත. ඒ අනුව පුද්ගලීකරණය කෙරෙන විදුලිබල මණ්ඩලයට විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට හෝ විදුලිය බෙදා හැරීමේ වගකීම දැරීමට හැකියාවක් හෝ බලයක් නැත. ඊට ඉහළින් ජාතික පද්ධති ක‍්‍රියාකරු ලෙස සමස්තය සම්බන්ධීකරණය කිරීමේ වගකීම පමණක් රජයට සම්පූර්ණ අයිතිය සහිත මහජන සමාගමකට පැවරෙනු ඇත. එසේම බාහිර රටවලින් විදුලිය මිලදී ගැනීම සඳහා පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇති අතර ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමග ශ‍්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබේ. එවිට ශ‍්‍රී  ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක‍්‍රියා කිරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. 

ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා නීතිය මඟින් ප‍්‍රතිපාදන සලසා තිබූ රටක එම නීතිමය ප‍්‍රතිපාදන පවා ඉවත් කර සමස්තය  පුද්ගලීකරණය කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්වන බව ඉතා පැහැදිලිය. ඊට අමතරව පුද්ගලික අංශයේ ලාභ උවමනාවන්වල සහ ඒ ආශ‍්‍රිත කොමිස් ගෙවීම්වල බර දැරීමට පොදු මහජනයාට සිදුවනු ඇත. එම නිසා නව පනත මගින් විදුලිබිල වැඩිවීමට අමතරව මහා විදුලි අර්බුදයක් ද නිර්මාණය වීමේ බරපතළ ඉඩක් ඇත. 

පසුගිය යහපාලන රජය විසින් විදේශ විනිමය පනත සංශෝධනයකර කළු වෙළෙඳපොළ සහ විනිමය වංචා ප‍්‍රචලිත කිරීම රටේ විදේශ විනිමය අර්බුදයට අදාළ ප‍්‍රධාන හේතුවක් බව දැන් පිළිගෙන ඇත. ඒ අනුව නව විදුලි පනත මගින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය සහ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්විය හැකි අතර බරපතළ විදුලි අර්බුදයක් තුළ මහජනයාට විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. එම තත්ත්වය තුළ නව විදුලි පනත විදුලි ඇමැතිට ඉල්ලමක් විය හැකි වුවද රටට සහ ජනතාවට තිබෙන තත්ත්වයට වඩා මහා විපතක් කැඳවන බව ඉතා පැහැදිලිය.

නමුත් දැන් තිබෙන අර්බුදය විසඳීම සඳහා විශේෂයෙන්ම වංචා, දුෂණ සහ අකර්්‍යක්ෂමතාවයන් මෙන්ම ඊනියා ‘ඞීසල් මාෆියාවේ’ උවමනාවට අනුව ජල විදුලි බලාගාර ආශ‍්‍රිත කඩාකප්පල්කාරී ක‍්‍රියා සහ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති අධෛර්යමත් කිරීමේ ක‍්‍රියාවලිය පාලනය කිරීම සඳහා කළ යුත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව ඉතා පැහැදිලිය. ඒ සඳහා කළ යුතු ප‍්‍රධාන දෙයක් ලෙස බොහෝ විද්වතුන් හඳුනාගෙන ඇත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත සංශෝධනය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාකාරකම් ආවේෂණය කිරීම, අධීක්ෂණය කිරීම සහ අභියාචනා සහ මහජන පැමිණිලි විභාග කිරීම සඳහා යාන්ත‍්‍රණයක් හඳුන්වා දීමය. 

ඒ මගින් ප‍්‍රධාන වශයෙන් ජල විදුලි බලාගාර ආශ‍්‍රිත කූඨ ක‍්‍රියා සහ සෙසු සුනිත්‍ය බල ව්‍යාපෘති අධෛර්යමත් කිරීමේ ක‍්‍රියාවලිය පාලනය කිරීමට හැකියාව ලැබේ. එම යාන්ත‍්‍රණය තුළ බලශක්ති කේෂ්ත‍්‍රය, ජල කළමනාකරණ අංශ, කෘෂිකර්ම සහ මහජන උපයෝගිතා කොමිසම ආදී අදාළ සියලූ අංශ නියෝජනය විය යුතුය. එසේම වර්ෂාපතන අනාවැකි අනුව ජලවිදුලි බලාගාර මගින් ජලවිදුලිය ප‍්‍රශස්ථ මට්ටමින් නිදහස් කිරීම සඳහා ආකෘතියක් නිර්මාණය කළ හැක. එහෙත් දැන් පවතින තත්වය තුළ පුද්ගලයින්ගේ අහඹු තීන්දු මත ජලය නිදහස් කිරීම නිසා ජලාශ ආශ‍්‍රිතව විදුලිය නිපදවීම උපරිම මට්ටමට පවත්වාගත නොහැකි වී ඇත. එනම් ජලාශවල උපරිම විභවය ලබාගත නොහැකි වී ඇත. එම තත්වය නිවැරදි කිරීමද මෙම නව යාන්ත‍්‍රණයේ වගකීමකි. එසේම අදානි සමාගමේ උවමනාව මත විදුලි බල පනතේ සංශෝධනය කළ වගන්ති නැවත බලාත්මක කිරීම සඳහා පනත නැවත සංශෝධනය කිරීමද මූලික අවශ්‍යතාවයකි. ඊට හේතුව තාක්ෂණික හේතු මත පනතට ඇතුල් කර තිබූ ප‍්‍රතිපාදන වාණිජ හේතු මත කූඨ ලෙස සංශෝධනය කිරීම බලවත් වැරදි ආදර්ශයක් වීමය. 

එසේම කුඩා සහ මධ්‍යම පරිමාන සුනිත්‍ය බල ව්‍යාපෘති සඳහා තරගකාරී මිල ගණන් කැඳවීම වෙනුවට පිරිවැය අනුව සාධාරණ ලාභයක් ලැබෙන ආකාරයට එනම් ආයෝජකයා දිරිමත් වන ආකාරයට සහ සමානව සලකන ආකාරයට මිල ගණන් නියම කළ යුතුය. එම මිල සූත‍්‍රයට රාජ්‍ය භාගයද ඇතුලත් කළ යුතු අතර එම අරමුදල් ජාතික අරමුදලක් හරහා විදුලි පද්ධතියේ සංවර්ධනය සඳහා යොදාගත යුතුය. එහිදී මහා පරිමාන ව්‍යාපෘති සඳහා තර`ගකාරී ටෙන්ඩර් කැඳවීම සිදුකළ යුතු අතර දැනට අසාධාරණ කොන්දේසි යටතේ අත්සන්කර ඇති ගිවිසුම් නැවත සමාලෝචනය කිරීම සඳහාද ප‍්‍රතිපාදන පැනවිය යුතුය. පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත් විට වංචා දූෂණ පාලනය කිරීම සහ විනිවිදභාවය සහිතව සහ පරිභෝජනය කරන ප‍්‍රමාණයට සාපේක්ෂව සාධාරණව මිල නියම කරන තත්ත්වයක් තුළ පිරිවැය පිළිබිඹුවන මිලක් භාර ගැනීමට රටේ බහුතර ජනතාව එකඟ වනු ඇත.

- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

සම්බන්ධිත පුවත් | Related News

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.