ඉහළ ගිය එළවළු හා මාළු මිල ගණන් තවමත් අහසේ
නත්තල සහ අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය එළවළු සහ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
වෙළෙඳුන් පවසන්නේ, කැරට් කිලෝවක් රුපියල් දහසක් පමණ වන අතර, අමු මිරිස් සහ ඉඟුරු කිලෝව රුපියල් දෙදහසේ සීමාවට ළං ව ඇති බවයි.
එමෙන්ම මාළු වෙළෙපොළේ තොග මිල ගණන් ද පාරිභෝගිකයාට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද ඊයේ (04) උදෑසන ඉහළ මට්ටමක පැවති බව වාර්තා වේ.
ඒ අනුව මිල දැක්වුණේ කැරට් කිලෝවක් රුපියල් 750ක්, බෝංචි රුපියල් 500ක්, ලීක්ස් රුපියල් 250ක්, මාලුමිරිස් රුපියල් 700ක් සහ ගෝවා රුපියල් 450ක් ලෙසයි.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, මාළුමිරිස්, වම්බටු, බෝංචි, තක්කාලි, අමුමිරිස් ආදී එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 900 ඉක්මවා අද අලෙවි වී ඇත.
එලෙස විශාල මිලකට අලෙවි වූ එළවළුවල මිල ගණන් ඇතැම් වෙළෙඳුන් අද ප්‍රදර්ශනය කර තිබුණේ ද නැති බව සඳහන් වේ.
නුගේගොඩ සතිපොළේ මාළුමිරිස් කිලොවක් රුපියල් 1,000කටත් අමුමිරිස් කිලෝවක් රුපියල් 1,600කටත් කැරට්, බෝංචි සහ තක්කාලි රුපියල් 800කටත් අලෙවි වූ බව වාර්තා වේ.
මේ අතර, කොළඹට එළවළු රැගෙන එන දඹුල්ල, තඹුත්තේගම හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානවල ද එළවළු මිල පැවතියේ ඉතා ඉහළ අගයක බව සඳහන්ය.
එළවළු මිල පමණක් නොව මාළු මිල ගණන් ද ඉහළ ගොස් තිබෙන බව වෙළෙඳපොළෙන් වාර්තා වේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද මත්ස්‍ය මිල දැක්වුණේ, කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 2,000ක්, බලයා රුපියල් 1,000ක්, තෝරා රුපියල් 1,800ක් සහ පරව් කිලෝවක් රුපියල් 1,500ක් සහ ලින්නා රුපියල් 800ක් ලෙසයි.
එමෙන්ම බේරුවල වරායේ ද මත්ස්‍ය මිල ඉහළ අගයක පැවති බව සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..