විනිසුරු වයස ගැන තමාට කට වහගන්නැයි කියූ ප්‍රබලයා ගැන ලාල් විජේනායක හෙළිකරයි...
ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන යන පියවර සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා තමාගෙන් ඉල්ලා සිටි බව පාලක ජාතික ජන බලවේගයේ (NPP) නායකත්ව කවුන්සිලයේ, විධායක කමිටුවේ සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ඊයේ පැවසීය.
වසර පනහකට වැඩි කාලයක් තිස්සේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ අයෙකු ලෙස තමාට මේ පිළිබඳව නිහඬව සිටිය නොහැකි බව විජේනායක මහතා සඳහන් කළේය.
"දවසක් එක සාමාජිකයෙක් මට කෝල් කළා — එයා නායකත්ව කවුන්සිලයේ, දේශපාලන මණ්ඩලයේ වගේම අනෙකුත් කමිටුවලත් ඉන්න සාමාජිකයෙක්. එයා මගෙන් ඇහුවා 'ඇයි ඔයාට මේ ගැන කතා නොකර නිහඬව ඉන්න බැරි?' කියලා," යැයි ඩේලි මිරර් පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසීය.
එලෙස කතා කළේ ලාල්කාන්ත මහතා බව හඳුනාගත් ඔහු, පසුව තමාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු වෙත ලිපියක් යැවූ බවත්, එහි පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට යැවූ බවත් පැවසීය.
විජේනායක මහතා පැවසුවේ තමාගේ මෙම විරෝධය ප්‍රතිපත්තිමය කරුණක් මත පදනම් වූවක් මිස ජාතික ජන බලවේගයේ නායකයින් සමඟ ඇති පෞද්ගලික අමනාපයක් නොවන බවයි.
"මේක ප්‍රතිපත්තිමය කාරණයක්. සිවිල් සමාජයක ජීවත් වීමට නම් නීතියේ ආධිපත්‍යය තියෙන්න ඕනේ. නීතියේ ආධිපත්‍යය පවතින්නේ අධිකරණයේ ස්වාධීනත්වය තිබුණොත් විතරයි," යැයි ඔහු පැවසීය.
විනිසුරුවරුන්ගේ සේවා කොන්දේසිවලට බලපාන තීරණ මගින් අනාගත ආණ්ඩුවලට අධිකරණය තම වුවමනාවන්ට අනුව හසුරුවා ගැනීමට මග පාදන අතර, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටීමට ලක්විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලංකා සමසමාජ පක්ෂය සමඟ වසර 50 කට ආසන්න කාලයක් කටයුතු කර ඇති විජේනායක මහතා පැවසුවේ, ප්‍රධාන තීරණ ගැනීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා කරන ක්‍රමවේදයකට තමා හුරු වී සිටි බවයි.
"නමුත් ජාතික ජන බලවේගය තුළ මම ඒ වගේ ක්‍රියාවලියක් දකින්නේ නැහැ. තීරණ කොහේ හරි තැනකදී ගන්නවා වගේ පෙනුනත්, ඒ තීරණ ඇත්තටම ගන්නේ කොතැනද කියන එක පැහැදිලි නැහැ. ප්‍රශ්නය තියෙන්නේ එතැනයි," යැයි ඔහු පැවසීය.
මූලාශ්‍රය - Daily Mirror
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..