ඉදිරි මාසවල ශ‍්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර වෙනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net කියයි
එළඹෙන වසරේ ජනවාරි දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ත් 15ත් අතර ජනගහනයකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා මානුෂීය ආධාර අත්‍යවශ්‍ය වනු ඇති බව සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය (FEWS NET) වාර්තා කරයි.
ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වන මෙම සංවිධානය පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම එළඹෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම ආහාර අනාරක්ෂිතතාව වඩාත් උග්‍ර විය හැකි බවයි.
ආර්ථික අර්බුදයෙන් පසු නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා යම් මට්ටමකට වර්ධනය වී තිබුණද, ජනතාවගේ වැටුප් වර්ධනයට වඩා ආහාර මිල, ප්‍රවාහන ගාස්තු, විදුලි හා ජල ගාස්තු මෙන්ම ණය වාරික ගෙවීම් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන හේතුව වී තිබේ.
මේ නිසා අඩු ආදායම්ලාභී පවුල් බොහෝමයක් සිය දෛනික ආහාර වේල් ගණන අඩු කිරීමට හෝ ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීමට පෙළඹී ඇත.
මෙම අවදානමට වැඩි වශයෙන් තෙත් කලාපයේ අඩු ආදායම්ලාභී වතු කම්කරුවන්, බස්නාහිර, උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ධීවර ප්‍රජාව මෙන්ම නාගරික හා නාගරික ආසන්න පහළ ආදායම්ලාභී ජනතාව ගොදුරු වී සිටිති.
ප්‍රවාහන වියදම් සහ කෘෂිකාර්මික යෙදවුම් මිල ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළ ආහාර මිල ගණන් සැප්තැම්බර් මාසය දක්වාම ඉහළ මට්ටමක පැවතිය හැකි බවත්, හදිසි ආහාර සහනාධාර සැපයීමේ මහා පරිමාණ වැඩසටහනක් ක්‍රියාත්මක නොවීම මගින් මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන බවත් FEWS NET සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..