ඉන්දීය අධ්‍යාපන ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දෙන්න සෙනසුරාදා තෙක් කැරපොත්තන්ගෙන් කාලය ඉල්ලයි..
ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය මුල් කරගනිමින් ඇරඹි කැරපොතු අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වන අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දීමට ඉන්දීය රජය සෙනසුරාදා පස්වරුව තෙක් කල් ඉල්ලා ඇති බව වාර්තා වේ.
රජය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන ජේ.පී. නඩ්ඩා සහ ජිතේන්ද්‍ර සිං යන මහත්වරුන් සහ 'කැරපොතු ජනතා පක්ෂය' (CJP) නියෝජනය කරන තරුණ නායකයින් අතර සිකුරාදා පැවැති සාකච්ඡාවලින් අනතුරුව රජය මෙම කාලය ඉල්ලා ඇත.
අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් අරගලය රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත කරන බවත් අරගලකරුවන් මෙහිදී රජයට අවධාරණය කර තිබේ.
අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට අමතරව, විරෝධතාකරුවන්ට එරෙහිව පවරා ඇති පොලිස් නඩු ඉල්ලා අස්කර ගැනීම සහ ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි හානිකරගත් සිසුන් දහයකට වැඩි පිරිසකගේ පවුල්වලට වන්දි ලබා දීම ඔවුන්ගේ අනෙකුත් ප්‍රධාන ඉල්ලීම් වේ. මෙම තීරණාත්මක සාකච්ඡා පැවැත්වුණේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වන්ග්චුක් සිය දින 26ක උපවාසය අවසන් කිරීමෙන් පැය කිහිපයකට පසුවය.
2014 වසරේ නරේන්ද්‍ර මෝදි මහතා බලයට පත්වීමෙන් පසු එරට රජය මුහුණ දෙන විශාලතම තරුණ අභියෝගය මෙය ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විරෝධතා හේතුවෙන් නව දිල්ලියේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන 17ක් වසා දැමීමටත්, ජංගම අන්තර්ජාල සේවා අත්හිටුවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි. බටහිර බෙංගාලය, තමිල්නාඩුව, කර්නාටක සහ තෙලන්ගානා වැනි ප්‍රාන්තවලට ද මෙම විරෝධතා මේ වන විට ව්‍යාප්ත වී ඇති අතර, ඉන්දීය පාර්ලිමේන්තු සැසිවාරයේ කටයුතුවලට ද මේ හේතුවෙන් අඛණ්ඩව බාධා එල්ල වෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්