පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.
ඒ අනුව ලංකා ලීඩර් විසින් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය කුමක්ද යන්න විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස ඔහුගේ වචනයෙන්,
"චිත්‍රාංගනී විජේවීර කියන්නේ මේ රට බෙදුම්වාදී මරඋගුල් වලින් ගලවා ගැනීම සඳහා දරුවන් ස්වාමිවරුන් දන් දුන් භාර්යාවන් දස දහස් ගණනක් අතුරින් එක් සුවිශේෂී චරිතයක්. දරුවන් සමග ඇයට එම කැපකිරීම ජීවිත කාලයක් පුරා සිදුකිරීමට සිදුවුවත් ඇය ඒ සියල්ල දරා ගනිමින් ප්‍රතිපත්ති ගරුකව දුෂ්කර ජීවිතයක් ගෙවන බව ඇය පිළිබඳව දන්නා නාවික හමුදාවේ මනුස්සකම දන්නා බොහෝ නිලධාරීහු දනිති.
රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට පෙර ඇයට සහ දරුවන්ට පෞද්ගලිකව රැකවරණය සලසා ගැනීමට ඉඩ සැලසීම සාධාරණ ක්‍රියාවක් ලෙස පෙනුනද එහි පිටුපස දරු පවුල ඝාතනය කොට පළිගැනීම සහ ඒ මගින් සමස්ත සමාජය බියගැන්වීමේ මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක් ක්‍රියාත්මක වූ බවට එදා බරපතළ සැකයක් තිබිණි. කෙසේ වෙතත් ඇය රෝහණ විජේවීරගේ කැපකිරීම්වලට සහාය වෙමින් ගතකළ ජීවිතය මගින් ලැබුනු පන්නරය තුළ ඒ පිළිබඳව හැඟීමක් තිබුනු බැවින් ආරක්ෂාව සඳහා ආණ්ඩුවට බාරවීමේ තීන්දුවක් ගැනීම ඉතා දියුණු සහ තර්කානුකූල ප්‍රවේශයකි. ඒ අනුව ආණ්ඩුවට ඝාතනය කළ රෝහණ විජේවීරගේ භාර්යාවට සහ දරුවන්ට ආරක්ෂාව සැලසීමේ වගකීම භාරගැනීමට සිදුවිය.
ඇය ඇතුළු දරුවන් නාවික හුමුදා භාරයට පත්වන්නේ ඒ අනුවය. එය හුදු පරිපාලනමය සහ දේශපාලන තීන්දුවක් පමණක් වූ අතර ඊට අදාළව අධිකරණය හෝ නීතිය මගින් අවසරයක් ලබාගෙන නොතිබිණි. කෙසේ වෙතත් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් ඇයට සහ දරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ මානුෂීයව සලකමින් අධ්‍යාපනය ලබාදීමට ද ක්‍රියා කළේය. ඒ අනුව එම ක්‍රියාවලිය නීති විරෝධී සිරගත කිරීමක් හෝ රඳවා තබාගැනීමක් ලෙස සැලකිය නොහැක.
එම කාලය තුළ රෝහණ විජේවීරගේ හිතවතුන් ඇයට නිවසක් ලබාදී සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම සඳහා අවස්ථාව සැලසීම මුල්කරගෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කළද ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය නිසා ඊට බාධා එල්ල විය. ජවිපෙ හිටපු නායක සොමවංශ අමරසිංහයන් ද දරුවන්ගේ සුබසාධනය සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනු ලැබූවද බාහිර පරිසරයේ දී ආරක්ෂාව සැපයීම පිළිබඳ ප්‍රශ්නයේදී මානසික බාධක පනවාගනු ලැබීය.
කෙසේ වෙතත් 2014 දී හිටපු අමාත්‍ය විමල් වීරවංශ ආරක්ෂාව ලබාදිය හැකි මොරටුව ප්‍රදේශයේ නිවාස සංකීරණයකින් නිවසක් ඇයට ලබාදීමට මැදිහත් විය. ඒ සඳහා අත්තිකාරම් මුදලක් ද නිවාස සංවර්ධන අධිකාරියට ගෙවනු ලැබීය. නමුත් ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්තිකාරම් ආපසු ගෙවීමකින් තොරව අදාළ වෙන් කිරීම අවලංගු කරනු ලැබීය.
මේ වන විට චිත්‍රාංගනී විජේවීර මහත්මිය සමග ජීවත් වන්නේ යම් ආබාධිත තත්ත්වයක් සහිත එක් දරුවකු පමණි. සෙසු දරුවන් අතරින් තිදෙනෙකු අධ්‍යාපන කටයුතු අවසන් කර නොමැති අතර ඔවුන් බාහිර පරිසරයේ ජීවත් වෙයි. ඒ පිළිබඳව විපක්ෂයට ඇති ප්‍රශ්නය කුමක් ද?. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටීමේ අරමුණ කුමක්ද?. ආණ්ඩුව අමාරුවේ දැමීමේ උවමනාව සඳහා ප්‍රශ්න කරනවා නම් රටේ ස්වෛරීභාවය ඉතා බරපතළ ලෙස පාවාදීම සහ ආරක්ෂාව බිඳවට්ටවා පරාධීනත්වයට නතු කිරීමේ ක්‍රියාවලියට අදාළව දිනපතා ප්‍රශ්න කළ හැකිය. ආණ්ඩුවේ වියදම් පිළිබඳව දුක්වන ඔවුන්ට අවුරුදු 21 ට අඩු මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූ දරුවන් හෙවත් වින්දිතයන් 8500ක් විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 වගන්තිය යටතේ ඇප ගැනීමට නොහැකි වන ලෙස සහ සිරගෙදර පාතාලයේ ගොදුරු බවට පත්කිරීම සඳහා දිනකට එක් අයෙකුට රු. 850 - 7000 ක මුදල් වැය කිරීම පිළිබඳව ද ප්‍රශ්න කළ හැක.
එසේත් නැතහොත් රෝහණ විජේවීරයන්ගේ වැඩිමහල් පුතු උවිඳු විජේවීර මහතාට තම ආචාර්ය උපාධියට අනුව රැකියාවක් ලබාගෙන ආණ්ඩුව විසින් රෝහණ විජේවීරගේ දරු පවුලට ආහාර සහ නවාතැන් ලබාදීම සඳහා වැයකළ මුදල කොටස් වශයෙන් ගෙවන ලෙස ඉල්ලා සිටීමේ හැකියාව ද ඇත. ඔහු තම ආචාර්ය උපාධිය මත විදේශීය විශ්ව විද්‍යාලයක රැකියාවක් කිරීම වෙනුවට දේශපාලනය තෝරාගැනීම ද විපක්ෂයට ප්‍රශ්නයක් විය හැක. ඔහුගේ දේශපානය ගැන කථා කිරීම හෝ ඔහුට උපදෙස් දීමට අපට අයිතියක් නැතත් ඔහු විජේවීර උරුමය අමතක කර දමා වර්තමාන ආණ්ඩුව සමග එක්වූවා නම් අද ඔහු ඇමති මණ්ඩල සාමාජිකයකු බවට විවාදයක් නැත. ඒ අනුව ඔහු තම පියාගේ දර්ශනය මත පදනම්ව දුෂ්කර මාවතක් තෝරාගැනීම පිළිබඳව ඔහුට ගරු කිරීමේ බාධාවක් නැත.
අවසාන වශයෙන් අදාළ ප්‍රශ්න කිරීම සිදුකළ විපක්ෂයේ දේශපාලන නායකයන්ට කිවයුත්තේ ආණ්ඩුව විජේවීර දරු පවුල වෙනුවෙන් වැයකළ මුදල ආපසු ගෙවීම සඳහා බල කරන්නේ නම් ඒ සඳහා අරමුදල් ගොඩනැගිය හැකි බවය. ඒ සඳහා මේ රටේ කෘතගුණ දන්නා මිනිසුන් දස දහස් ගණනින් ඉදිරිපත් වනු ඇත.
රෝහණ විජේවීරයන්ගේ න්‍යායාත්මක මඟ පෙන්වීම, කැපකිරීම සහ ජීවිත පරිත්‍යාගය නොවන්නට අද මේ රටේ බෙදී වෙන් වී සුඩානයේ මිනිසුන් මෙන් එකිනෙකා මරාගන්නා දේශයක් බවට පත්වන බව දේශපාලනයේ මූලධර්ම තේරුම්ගත හැකි දේශපාලන නායකයින්ට නම් තේරුම් ගැනීමට අමාරු නැත. එදා බෙදුම්වාදයට එරෙහිව දියත් වූ ප්‍රචණ්ඩ විරෝධය ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වය නිසා උත්සන්න වූ බව සහ ඊට අදාළව බොහෝ පාර්ශ්ව වන්දි ගෙවා ඇති බවට විවාදයක් නැත. නමුත් රට බෙදා වෙන්කර මරාගැනීමට සැලැස්වීමේ තත්ත්වයක් සමග සංසන්දනය කිරීමේ දී එය වසර 2500 කට අධික කාලයක් විවිධ යුගවලදී ශ්‍රී ලංකාවේ සභ්‍යත්ව රාජ්‍යය රැකගැනීම සඳහා ලක්ෂ ගණනින් මිනිසුන් විසින් සිදුකළ කැපකිරීම් අතරින් කොටසක් පමණි.
ඒ නිසා මහා කතාවක එක් වාක්‍යයක් වන විජේවීර පවුලට ආහාර සහ නේවාසික පහසුකම් ලබාදීමේ පිරිවැය ගැන කතා කරන විපක්ෂ දේශපලකයින්ට ඔවුන් ජීවත්ව සිටියහොත් කිසියම් හෝ දිනක මේ රටේ සැබෑ ඉතිහාසය නිවැරදිව ලියවෙන දවසක අනාගත මිනිසුන් රෝහණ විජේවීරයන්ට දෙවියෙකු සේ සලකා වැඳුම් පිදුම් කරන කාලයක් දැකගත හැකිවන බව අවසන් වශයෙන් ලියා තැබිය යුතුය."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..