හූතිවරු සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරයක් ප්‍රකාශ කරති!
යේමනයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරයක් (Naval Blockade) ප්‍රකාශයට පත් කර ඇති අතර, එය වසර ගණනාවකට පසු දෙපාර්ශ්වය අතර ඇති වූ විශාලතම උත්සන්න වීම ලෙස සැලකේ.
මෙම පියවර ගෙන ඇත්තේ සතියකට පෙර සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයට පක්ෂපාතී හමුදා විසින් සනා ජාත්‍යන්තර ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය. එම ප්‍රහාරයේ අරමුණ වූයේ ටෙහෙරානයේ සිට හූති නියෝජිත පිරිසක් රැගෙන ආ ඉරාන ගුවන් යානය සනා ගුවන් තොටුපළට ගොඩබෑම වැළැක්වීම බව වාර්තා වේ.
සඳුදා(20) නිකුත් කළ නිවේදනයක හූති හමුදා ප්‍රකාශක යහ්යා සරී (Yahya Saree) තම රටට එරෙහිව ක්‍රියාත්මක වන බව ඔහු හැඳින්වූ "අසාධාරණ සහ පීඩාකාරී අවහිර කිරීම" දැඩි ලෙස හෙළා දුන්නේය.
"ඇසකට ඇසක්" යන මූලධර්මය මත පදනම්ව, "අපරාධකාරී සෞදි සතුරාට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කරන බව" යේමන සන්නද්ධ හමුදා වෙනුවෙන් සරී X සමාජ මාධ්‍යයට එක් කළ වීඩියෝ පණිවුඩයකින් ප්‍රකාශ කළේය.
සෞදි අරාබිය විසින් සිදු කරන "ඕනෑම මෝඩ ක්‍රියාවක්" සඳහා "සම්පූර්ණ සහ තීරණාත්මක ලෙස උත්සන්න කරන ප්‍රතිචාරයක්" ලැබෙනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.
සෞදි අරාබියේ විදේශ අමාත්‍යාංශය "හූති ත්‍රස්තවාදී මිලීෂියාව" හෙළා දකිමින්, ජාත්‍යන්තර නීතියට අනුකූලව තම නෞකා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
ෂියා මුස්ලිම් ව්‍යාපාරයක් වන හූතිවරු 2014 වසරේදී යේමනයේ සිවිල් යුද්ධය අතරතුර එරට අගනුවර වන සනා අත්පත් කර ගත්හ. ඊට වසරකට පසු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යේමන රජයට සහාය ලබාදීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා මැදිහත්වීමක් ආරම්භ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන විසින් හෙළා දකින ලද එම බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් යේමනයේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වූ අතර, මිලියන ගණනක් ජනතාව අවතැන් වූහ.
සෞදි නායකත්වයෙන් සිදු කළ යුද මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් හූතිවරු සෞදි අරාබියේ ගුවන් තොටුපළ සහ බලශක්ති පහසුකම් ඇතුළු ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළහ.
2023 දී ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු, පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවය පළ කිරීමක් ලෙස හූතිවරු රතු මුහුදේ ගමන් කරන නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. 2025 මැයි මාසයේදී එක්සත් ජනපදය සහ හූතිවරු අතර ඇති වූ සටන් විරාමයකින් පසුව එම ප්‍රහාර බොහෝ දුරට නතර විය.
සූවස් ඇළ (Suez Canal) හරහා මධ්‍යධරණී මුහුදටත්, බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය (Bab el-Mandeb Strait) හරහා ඉන්දීය සාගරයටත් සම්බන්ධ වන රතු මුහුදේ ආරක්ෂාව ලෝක නාවික වෙළඳාම සඳහා අතිශය වැදගත් වේ.
මෙම නාවික අවහිරය ප්‍රකාශයට පත් කර ඇත්තේ, තවත් ප්‍රධාන සමුද්‍ර ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද්ධය හේතුවෙන් තවමත් වසා දමා ඇති පසුබිමකය.
අද(21) එරට වේලාවෙන් රාත්‍රියේ එක්සත් ජනපදය අඛණ්ඩව දසවන රාත්‍රියටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, දෙපාර්ශ්වයම පවසා ඇත්තේ පැවති සටන් විරාමය ප්‍රායෝගිකව අවසන් වී ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..