චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානය දිනාගත් 56 හැවිරිදි කෑම බෙදාහරින්නා..
ආහාර ඇණවුම් බෙදාහරින අතරතුර මඟතොටදී තමන්ට හමුවන කුඩා කොළ කැබලිවල ලියූ අපූර්ව කවි පෙළක් හේතුවෙන් 56 හැවිරිදි චීන ජාතික වං ජිබිං (Wang Jibing) චීනයේ කීර්තිමත්ම සාහිත්‍ය ඇගයීමක් වන 'ලූ ෂුන් සාහිත්‍ය සම්මානය' (Lu Xun Literary Prize) දිනා ගැනීමට සමත්ව තිබේ. ඔහු මෙම සම්මානයට පාත්‍ර වූයේ ආහාර බෙදාහරින්නන් එදිනෙදා මුහුණ දෙන දැඩි අභියෝග, දුක්ගැහැට සහ සැබෑ ජීවන අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද 'Low Flight' නමැති කවි එකතුව වෙනුවෙනි.
චීනයේ ජියැංසු පළාතේ උපත ලැබූ වං, කුඩා කල පැවති දැඩි පවුල් ආර්ථික අපහසුතා නිසාම අධ්‍යාපනය පවා අඩාල කරගත් අයෙකි. පසුව ඔහු ජීවිතය ගැටගසා ගැනීම සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයෙකු, අපද්‍රව්‍ය එකතු කරන්නෙකු මෙන්ම පදික වේදිකාවේ වෙළෙන්දෙකු ලෙසද විවිධ වෙහෙසකර රැකියාවල නිරත විය. ඉන් අනතුරුව 2019 වසරේදී ඔහු ආහාර බෙදාහැරීමේ රියදුරෙකු ලෙස සේවයට එක් වූ අතර, එතැන් පටන් සමාජ මාධ්‍ය ඔස්සේ තම නිර්මාණ මුදාහරිමින් කාගේත් අවධානය දිනාගත්තේය.
ඔහුගේ ජනප්‍රියත්වයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ 2019 දී පාරිභෝගිකයෙකු ලබාදුන් වැරදි ලිපිනයක් නිසා විඳින්නට වූ දුෂ්කර අත්දැකීමක් මුල් කරගෙන ලියූ 'Man in a Hurry' කවියත් සමඟිනි. 2022 වසරේදී අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ වූ මෙම කවියෙන් පසුව, 2023 වසරේදී ඔහු එම නමින්ම තම ප්‍රථම කවි පොත ද එළිදැක්වීය.
ඉන් නොනැවතුණු ඔහු, 2024 වසරේදී ප්‍රකාශයට පත් කරමින් සම්මානයට පාත්‍ර වූ 'Low Flight' කවි එකතුව සකස් කිරීම සඳහා තමන් වැනිම ආහාර බෙදාහැරීමේ නිරත සහෝදර රියදුරන් 200කගේ පමණ සැබෑ ජීවිත අත්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා උපයෝගී කරගෙන තිබේ.
රටේ ඉහළම සාහිත්‍ය ඇගයීමට ලක් වුවද, වයස අවුරුදු 60 වන තෙක්ම තම ආහාර බෙදාහැරීමේ රැකියාව අත්හැරීමට වං බලාපොරොත්තු නොවේ. මෙම සරල රැකියාව තමන්ව ශාරීරිකව නිරෝගීව තබන බවත්, සාමාන්‍ය මිනිසුන් අතර සරල ජීවිතයක් ගත කිරීමට එය උපකාරී වන බවත් ඔහු පවසයි. චීනයේ සාමාන්‍ය ශ්‍රමික පන්තියේ ජනතාව තම සැබෑ ජීවන අත්දැකීම් සාහිත්‍යයට නැගීමේ නව ප්‍රවණතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස වං ජිබිංගේ මෙම ජයග්‍රහණය හැඳින්විය හැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්