අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි
වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
2026-2033 වර්ෂ සඳහා වන සාමාන්‍ය අධ්‍යාපන අංශයේ පරිවර්තනීය රාමුව සකස් කිරීම වෙනුවෙන් පසුගිය 17 වැනිදා කොළඹදී පැවැති වැඩමුළුවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නේ, දෙමාපියන් මේ වන විට ද්විභාෂා අධ්‍යාපනය සහ වඩාත් කඩිනමින් අවසන් කළ හැකි අධ්‍යාපන ක්‍රමවේදයන් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවයි.
පාසල් අධ්‍යාපනය සඳහා වසර 13ක් සහ උපාධියක් සඳහා තවත් වසර 3ක් හෝ 4ක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් ලෙස සමාජය සිතීමට පටන් ගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.
එමෙන්ම, වර්තමාන අධ්‍යාපන ක්‍රමය බොයිලර් කුකුළන් බිහි කරන ක්‍රියාවලියකට සමාන වී ඇති බවට විවේචනය කළ අග්‍රාමාත්‍යවරිය, සමාජයේ පවතින දරිද්‍රතාවය සහ ප්‍රචණ්ඩත්වය වැනි බොහෝ ගැටලුවලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතියෙන් දරුවන් ගිලිහී යාම හෝ නිසි අධ්‍යාපනයක් නොලැබීම බව අවධාරණය කළාය.
රජයේ කාර්යාලයකදී හෝ පාසලකදී වැඩක් කරවා ගැනීමට දන්නා කෙනෙකු සිටිය යුතු බවට පවතින මතය අසාධාරණ පද්ධතියක ලක්ෂණයක් බවත්, පුද්ගල සබඳතා හෝ දේශපාලන තීන්දු මත නොව දත්ත සහ ප්‍රතිපත්ති මත පදනම් වූ සාධාරණ අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් හා කාර්ය සාධන අංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..