අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්..
ජෝර්දානයේ රැඳී සිටි අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් වරක් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
අමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) තහවුරු කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් අමෙරිකානු සෙබළෙකු අතුරුදන්ව ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ඊයේ (18) රාත්‍රියේ මෙම ප්‍රතිප්‍රහාර මාලාව ආරම්භ කර තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික කටයුතුවලට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සහ අමෙරිකානු සෙබළුන්ට ප්‍රහාර එල්ල කළ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) ක්ෂණික දඬුවම් පැමිණවීම මෙම ප්‍රහාරවල අරමුණ බවයි අමෙරිකානු පවසන්නේ.
මේ අතර, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා ඛමේනි ප්‍රකාශ කර ඇත්තේ ගැටුම් උග්‍ර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනයට බරපතළ වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි.
පසුගිය මාසයේ අත්සන් කරන ලද තාවකාලික සටන්විරාම ගිවිසුම බිඳ වැටීමෙන් පසු දෙපාර්ශ්වයම ප්‍රහාර දැඩි කර ඇති අතර, මෙය කලාපීය මහා යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..