අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති..
අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන්වලට සම්බන්ධ වන පුද්ගලයන් සහ විදේශීය මාධ්‍යවේදීන් සඳහා මෙතෙක් පැවති වීසා නීතිරීති දැඩි ලෙස සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.
රොයිටර් පුවත් සේවයට අනුව, අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් මේ සම්බන්ධයෙන් වන නවතම අවසන් රෙගුලාසි මාලාව ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය 2025 ජනවාරි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ පුළුල් ආගමන විගමන මර්දන වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් ලෙස ක්‍රියාවට නැංවේ.
මෙම නව රෙගුලාසි මගින් සිදුවන ප්‍රධානතම වෙනස්කම වන්නේ වීසා බලපත්‍ර සඳහා ස්ථාවර කාලසීමාවන් හඳුන්වාදීමයි. මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව විදෙස් සිසුන් සඳහා වන 'F' වීසා, සංස්කෘතික හුවමාරු සේවකයන් සඳහා වන 'J' වීසා සහ මාධ්‍යවේදීන් සඳහා වන 'I' වීසා බලපත්‍ර, ඔවුන්ගේ අධ්‍යාපන පාඨමාලාව හෝ රැකියා කාලය පවතින තාක් කල් වලංගු වුවද, නව නීති යටතේ සිසුන් සහ සංස්කෘතික හුවමාරු වීසා වලංගු කාලය උපරිම වසර 4කට සීමා වේ.
එමෙන්ම විදේශීය මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍ර දින 240ක් දක්වා සීමා කෙරෙන අතර, චීන ජාතික මාධ්‍යවේදීන් සඳහා එම සීමාව දින 90ක් දක්වා තවදුරටත් අඩු කර තිබේ. මීට අමතරව, අධ්‍යාපන හෝ පුහුණු කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු අමෙරිකාවෙන් පිටවීම සඳහා මෙතෙක් ලබා දී තිබූ දින 60ක සහන කාලය (Grace Period) දින 30ක් දක්වා අඩකින් අඩු කර ඇති අතර, විදේශීය උපාධිධාරී සිසුන්ට පූර්ව අනුමැතියකින් තොරව තම අධ්‍යාපන අරමුණු වෙනස් කිරීමට හෝ වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු වීම ද තහනම් කර ඇත.
අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2024 වසරේදී පමණක් විදෙස් සිසුන් මිලියන 1.8කට අධික පිරිසක් අමෙරිකාවට ඇතුළු වී ඇති අතර, එය පෙර වසරට වඩා 11%ක වර්ධනයක් බවයි. මෙම ශීඝ්‍ර පැමිණීම හේතුවෙන් ඔවුන් නිරීක්ෂණය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අපහසුතාවක් මතුව ඇති බවත්, ඇතැම් පුද්ගලයන් මෙම වීසා බලපත්‍ර අවභාවිත කරමින් දශක කිහිපයක් තිස්සේ අමෙරිකාවේ රැඳී සිටින බවත් ඔවුන් පවසයි. කෙසේ වෙතත්, අවශ්‍යතාවක් පවතී නම් මෙම නිශ්චිත කාලසීමාවන් ඉක්මවා රැඳී සිටීම සඳහා වීසා දීර්ඝ කර ගැනීමට (Extensions) අයදුම් කිරීමේ අවස්ථාව පවතී.
කෙසේ වුවද, මෙම නව නීතිරීති සම්බන්ධයෙන් විවිධ ආයතන සහ විශේෂඥයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ද වාර්තාවේ. කැටෝ ආයතනයේ (Cato Institute) ආගමන විගමන අධ්‍යයන අධ්‍යක්ෂ ඩේවිඩ් ජේ. බියර් පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය නිම වී දින 30ක් වැනි කෙටි කාලයක් ඇතුළත තමන්ට අනුග්‍රහය දක්වන සේවා යෝජකයෙකු සොයා ගැනීමට සිසුන් අපොහොසත් වුවහොත්, ඔවුන් වහාම නීති විරෝධී සංක්‍රමණිකයන් බවට පත්වීමේ අවදානමක් පවතින බවයි. එමෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියෙකු වන ඩග් රෑන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් අනවශ්‍ය පාලන යාන්ත්‍රණයක් නිර්මාණය වන බවයි.
මෙම නව නීති මාලාව ෆෙඩරල් ලේඛනාගාරයේ ප්‍රකාශයට පත් කර දින 60කින් පසුව, කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනයට යටත්ව නිල වශයෙන් බලාත්මක වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..