හිමාලයා ප්‍රකාශනයට මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන් එකඟතාවය පළකර නැහැ - වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි
පසුගිය දිනක හිමාලයා ප්‍රකාශනය නමින් දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හා මෙරට භික්ෂුන් වහන්සේලා හත් නමක් විසින් ඉදිරිපත් කළ ලියැවිල්ල ජනාධිපතිවරයාට මෙන්ම මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන්ට ද භාරදී ඇති බවත්, එයට උන්වහන්සේලා එකඟතාවය පළ කර ඇති බවට සමාජයේ යම් මතයක් නිර්මාණය කිරීමට අදාළ පාර්ශව විසින් උත්සාහයක් දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එහෙත් මහ නායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේ දී එසේ ලියවිල්ලකට එකඟතාවය පළ නොකළ බව උන්වහන්සෙලාගෙන් දැනගන්නට ලැබුනු බවද, මෙවැනි බෙදුම්වාදී ලියවිල්ලකට එකඟතාවය ලැබුණු බව පවසමින් සමාජයේ යම් මතයක් නිර්මාණය කරනු ලබන්නේ බෙදුම්වාදී බලවේගවල උවමනාව මත බවද ඒ මහතා පවසයි.
2003 වසරේ දී ද මෙවැනි එක් ලේඛනයකට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ජාතික බලවේගවල අත්සන ලබාගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ හිමාලයා ප්‍රකාශනය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතරුව ඉකුත් 29 දා මහනුවර අස්ගිරි පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..