News Category
From Date
To Date
Maximum Number of Result

කන්ටේනර් සිද්ධිය ගැන පැමිණිලි කරල මාස 18ක් ගිහිනුත් ඇමති බිමල්ගෙන් ප්‍රශ්න කරන්න කැඳවලාවත් නෑ.. - උදය ගම්මන්පිල

Jul 14, 2026 at 06:50 AM
|

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ කාර්යාගයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

2025 ජනවාරි මාසයේදී බහලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳ අපි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. මේ පැමිණිල්ල පිළිබඳ නිසි විමර්ශනයක් නෑයි කියලා දැක්කම ප්‍රගතිය විමසමින් අල්ලස් කොමිසමට 2025 ජූලි 17 වෙනිදා සිහි කැඳවීමක් සිදු කළා. ඒත් ප්‍රගතියක් නැහැ. අපි කොහොමද බය නැතුව ප්‍රගතියක් නැහැ කියන්නේ 2026 ජනවාරි 19 වෙනිදා දෙරණ 360 රූපවාහිනී වැඩසටහනට සහභාගි වුණු බිමල් රත්නායක ඇමතිතුමා කියනවා, බහලුම් සම්බන්ධයෙන් මට මම කිසි වරදක් කරලා නැහැ. වරදක් කරලා තිබුණා නම් අල්ලස් කොමිසමේ මට කැඳවිය යුතුයි. මට එවැනි කැඳවීමක් නැහැ කියලා.

ඒ අනුව මේ ප්‍රකාශය දැක්කට පස්සේ අපි 2026 මැයි මාසේ 4 වෙනිදා අල්ලස් කොමිසමේ අවධානයට යොමු කළා. ඔන්න බිමල් ඇමතිතුමා මෙහෙම ප්‍රකාශයක් කරනවා. නමුත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා 2025 ජනවාරි 31 වෙනිදා මේ බහලුම් 323 නිදහස් කරන්න, තමන්ට උපදෙස් ලබා දුන්නේ බිමල් රත්නායක ඇමතිතුමාය කියලා ලිඛිත ප්‍රකාශයක් කරලා තියෙන බව අපි අල්ලස් කොමිසමට පෙන්වලා දීලා අල්ලස් කොමිසමෙන් අපි ප්‍රශ්න කළා. ඇයි බිමල් රත්නායක ඇමතිතුමාව තවම ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඒ කියන්නේ අපේ පැමිණිල්ලේ කිසිම ප්‍රගතියක් නැහැ කියන එක නේද කියලා අපි අල්ලස් කොමිසමෙන් ඇහුවා. අල්ලස් කොමිසම 2026 මැයි 13 වෙනිදා ඒ ලිපියට ඉතාම කාර්යක්ෂම පිළිතුරක් එවනවා. හතරවෙනි දා යවපු ලිපියට 13 වෙනිදාම පිළිතුරක් යවලා කියනවා. නෑ නෑ අපේ විමර්ශන කටයුතු ඉදිරියට ඉතාම හොඳින් කරගෙන යනවා. ඔබේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා.

නමුත් මේ වනතුරුම අල්ලස් කොමිසමට බිමල් ඇමතිතුමා ගෙන්වලා ප්‍රශ්න කරලා නැහැ. අපි කොහොමද හරිම විශ්වාසයෙන් ඒක කියන්නේ? අපි දන්නවා අල්ලස් කොමිසමේ ප්‍රතිපත්තිය තමයි හිටපු මන්ත්‍රීවරයෙක්ව අල්ලස් කොමිසමට කැඳවීමක් කළත් ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට හිටපු ඇමති කෙනෙකුටත් මාධ්‍ය ආවරණයක් ලබාගන්නවා නම් රටේ සභානායකවරයා අල්ලස් කොමිසමට කැඳවන අවස්ථාවේ එවැනි මාධ්‍ය ආවරණයක් ලබා නොගන්න හේතුවක් නැහැ. එහෙමනම් රටට හොරෙන් මාධ්‍ය වලට හොරෙන් බිමල් රත්නායක ඇමතිවරයාව අල්ලස් කොමිසමට කැඳවීමට කිසිම ඉඩක් නැහැ.

එතකොට ඇත්තෙන්ම අල්ලස් කොමිසම විපක්ෂයේ දේශපාලකයෙක්ට එරෙහිව පැමිණිල්ලක් ලැබුණම ඉතාම කාර්යක්ෂම විමර්ශනය සිද්ධ කරනවා විතරක් නෙවෙයි. ඒකට පුළුල් ප්‍රචාරයක් ලබා දෙනවා. විපක්ෂයේ දේශපාලකයන්ගේ අල්ලස් පිළිබඳ කාර්යක්ෂමව විමර්ශනය කිරීම ඉතාම හොඳ වැඩක්. හැබැයි විපක්ෂයේ දේශපාලකයාගේ ට එරෙහිව ලැබෙන පැමිණිල්ලට වඩා කාර්යක්ෂම විමර්ශනය කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලකයට එරෙහිව ලැබෙන පැමිණිල්ලටයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් විපක්ෂයේ දේශපාලකයාට දැන් බලයක් නැති නිසා ඒ අයට තව තවත් මහජන දේපල විනාශ කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම විපක්ෂයේ දේශපාලකයාට සාක්ෂි විනාශ කරන්න බලයක් නැහැ. දැන් එයා ආණ්ඩුවට බලපෑමක් කළ හැකි තත්ත්වයක නැති නිසා. නමුත් රජයේ බලවත්ම තනතුරක් දරන අයෙක් දූෂණයකට සම්බන්ධයි නම් එයාට එරෙහිව පියවර නොගැනීමෙන් ඔහුට තව තවත් මහජන දේපල නාස්ති කරන්න නීතිය අවභාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු දරන තනතුරේ බලය නිසාම සාක්ෂි විනාශ කරන්න සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න අවස්ථාව තිබෙනවා. ඔන්න ඔය නිසා තමයි ලෝකයේ පුරාම තිබෙන අල්ලස් විමර්ශන කරන කොමිෂන් සභා විපක්ෂයේ දේශපාලකයාට වඩා වැඩි අවධානයක් වැඩි බරක් ආණ්ඩුවේ දේශපාලකයාට යොමු කරන්නේ. නමුත් අවාසනාවට අපේ අල්ලස් කොමිසම ඒ ලෝකයේම පිළිගත්ත විශ්වීය මූලධර්මය අමතක කරලයි කටයුතු කරමින් ඉන්නේ.

දැන් අපි මේ මූලධර්මය පිළිබඳ පවා අපි අල්ලස් කොමිසමේ අවධානයට ලිඛිතව යොමු කරලා තිබෙනවා. එවැනි පසුබිමක මේ බහලුම් 323 නීති විරෝධීව නිදහස් කරලා වසර එකාමාරක් ගත වෙලා තියෙනවා. මාස 18ක් ගත වෙලා තිබියදී. අනිත් පැත්තෙන් මාව අල්ලස් කොමිසම කැඳවන්නේ නැත්තේ මා කිසි වරදක් නොකළ නිසාය කියලා උදාහරණ වාක්‍යයක් බිමල් රත්නායක ඇමතිතුමා කියලා මාස 6ක් ගත වී තිබියදීත් අල්ලස් කොමිසම තවමත් බිමල් රත්නායක ඇමතිතුමාව ප්‍රශ්න කරන්න පැකිලෙමින් සිටිනවා. ඒ නිසා අල්ලස් කොමිසමේ මහත්වරු බිමල් රත්නායක ඇමතිතුමාගේ ඇමතිකමට හරි වෙන මොකක් හරි පසුබිමකට හරි බයද කියලා තමයි අපිට අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ.

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.